
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයස දෙදරුපියෙකි.
දූෂණයට ලක් වූයේ යැයි කියන මෙම 19 හැවිරිදි තරුණිය සැකකරුගේ ඥාති සහෝදරියක් බව මාවතගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම තරුණිය ද සිය ඥාතියා ගෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව හැදෑරීම සඳහා මෙම උපකාරක පන්තියට සහභාගී වෙන බව පොලිසිය කියයි.
උපකාරක පන්තිය අවසන් වීමෙන් පසු ඇය උපකාරක පන්තියට පැමිණ සිටි තවත් තරුණියක් සමග පන්තියෙන් පිටව යෑමට ගිය අවස්ථාවේ වර්ෂාවක් ඇද හැලී ඇත.
ඒ අවස්ථාවේ මඳක් පන්තියේ ම රැඳිසිටි මෙම තරුණියන් දෙදෙනාට මොනවා හරි බොමු යැයි කියා සැකකරු බීම බෝතලයක් බව හඟවා ඉස්තරම්ම වර්ගයේ අරක්කු බෝතලයක් රැගෙන තරුණියන් දෙදෙනාටම එය පානය කිරීමට ලබාදී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
හිස් බීම බෝතලයකට මොහු අරක්කු දමා තිබී ඇත.
තරුණියන් දෙදෙනාම අරක්කු බව නොදැන ඒවා පානය කර ඇති පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එක් වීදුරුවක් පමණක් පානය කිරීමෙන් පසු එක් තරුණියක පිටවී ගිය අතර සැකකරු සිය ඥාති තරුණියට තමා සමඟ නිවසට යෑමට යෝජනා කර ඇති අතර ඒ ගැන කිසිදු සැකයක් ඇති නොකරගෙන ඔහුත් සමග යාමට නතර වී ඇතැයි කියති.
සැකකරු ද මෙම අරක්කු පානය කර ඇතැයි පොලිසිය කියයි
මෙම 19 හැවිරිදි තරුණිය බීම යැයි සිතා එම අරක්කු වැඩිපුර පානය කිරීම නිසා වෙරි වීමෙන් පසු ඇය දූෂණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී .කැමරා සවිකිරීමට පැමිණ සිටි කිහිප දෙනකුට පන්ති කාමරය තුළින් ඩෙස් බංකු පෙරලන ශබ්දයක් ඇසී විපරම් කරන අවස්ථාවේ සිද්ධිය දැක නිරුවතින් සිටි තරුණිය බේරා ගැනීමට ඔවුන් උත්සහ කර ඇතත් සැකකරු තරුණියව මුදා නොහැර ඇයව බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
තරුණිය මරා දමනු ඇතැයි ඇතිවූ සැකයක් මත එම අය විසින් ඔහුට පොල්ලකින් පහරදී බලවත් පරිශ්‍රමයක් යොදා තරුණිය මුදා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
හැම සිද්ධියම මාට්ටු උනාම දූෂනයක් නැත්තං කෙල්ල කැමැත්තෙන් ඉදපු සිද්ධි සේරම
තරුණිය ඇත්තටම දූෂණය කීරීමක් හො එයට තැත් කීරීමක් තිබෙ නම් වරද කරුට සම්පුර්ණ දඩුවම් ලබා දිය යුතුයි. එය අවිවාදිතයි. හැබැයි අව්‍රඩුදු 19 ක කෙනෙක් අරක්කු වලයි වෙන බීම බොතලයක වෙනස, අඩු ගානෙ උගුරක් දෙකක් බොනකොටත් අදුර ගන්න බැරි බව කියන එකනම් සැහෙන්න අව්ල් නෙ? අරක්කු කෙසෙ වෙතත් ඉස්තරම්ම වර්ගයෙ සින්ගල් මොල්ට් විස්කි කාලවම් කරපු දෙයක් උනත් උගුරක් දෙකක් බොනකොටත් අදුර ගන්න බැරි නම් කටෙ ඉන්දල උගුර වෙනකම් වත් හරියට වැඩ කරන්නෙ නති වෙන්න ඔනෙ. නැත්තම් සැහෙන්න විජලනය තත්වයෙන් හිටිය කෙනෙක් වෙන්න ඔනෙ, මොනවද කියල බලන්නෙ නැතුව ඔක්කොම ඔහෙ බොන්න.
ගොඩක් නිළියන්ගේ කතා ඔය වගේ තමයි .හැබැයි කාලෙකට පස්සේ යූ ටියුබ් නාලිකා වලට ඇවිත් මුළු ලෝකෙට උපදෙස් දෙනවා .අනික් මිනිසුන් හදා ගන්න වගේ
ශ්‍රේෂඨ ගතිපැවතුම් ඇති, බෞද්ධාගමින් පෝෂිත වූ උසස් සංස්කෘතියක් ඇති, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති, ඇති වීර රජවරු සිටි, පිං ඇති අය පමණක්ම උප්පත්තිය ලබන මේ රටේ ගෑණු ළමයෙක්ට වැස්සකට වහලක් යටට රිංගන්න බැහැ දූෂණය වෙනවා...!
අරක්කු උගුරෙන් පහළට යනකොට කොච්චර අමාරුද? එක උගුරක් බොනකොට තේරුනේ නැද්ද මේක පැණිබීමක් නොවේ කියලා...
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගැහැණියක් අරක්කු බීම නෙවෙයි... ඇයගේ අනුබලයක් නොමැතිව ඇය හා ලිංගිකව හැසිරීමයි...
තරුණිය ඇත්තටම දූෂණය කීරීමක් හො එයට තැත් කීරීමක් තිබෙ නම් වරද කරුට සම්පුර්ණ දඩුවම් ලබා දිය යුතුයි. එය අවිවාදිතයි. අරක්කු බොන එකෙ කිසි අව්ලක් නැහැ බලෙන් පෙව්වෙ නැත්තම්. ලින්ගිකව හසිරීම අව්ලක් නැහැ දෙන්නාගෙම කැමත්ත ඇත්තම් හා වයස හරිනම්. වැඩෙ කරපු තැන නම් අව්ලක් තියෙනවා. අව්ල තියෙන්නෙ කැමැත්තෙන් අරක්කු බීලා (ආදීනව දැනගෙන ) ඩොප් උනාට පස්සෙ වැඩෙට කැමැත්ත දීලා, වඩෙ උනාට පස්සෙ හරි සිහිය ආවහම, සිහි නැති අරක්කු පොවල බලෙන් වැඩෙ කරගත්තා කිව්වොත්. ලින්ගික අද්‍යාපනය ඔනෙ කියන්නෙ ඔවට තමා. වැඩෙ කරන්න කලින් හරි තීරනයක් ගන්න උදව් ගන්න. ලින්ගිකව හැසිර්‍රමට අවසර දීම නීතිය බලපාන හැටි හා අවසර ගැනීම එ අද්‍යාපනයෙ කොටසක්.