( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සමඟ පොලිසිය අත්අඩංගුවටගෙන ඇත. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල තුන්බෝවිල ගමගේ මාවත පදිංචිව සිටි පා ගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය (40) දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය කියයි. සැකකරු කර්මාන්ත ශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය සිදුකරන අයුරුත් එහි සවි කර තිබූ සීසි සිටී කැමරාවේද සටහන්වේ.අත්අඩංගුවට ගත් සැකකරු මඩ පාත , පොල් ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා
දීනප්‍රභූ Tuesday, 02 September 2025 09:04 AM
මේක හදිසි කෝපයෙන්, ඔප්පු උනොත් හිරේ. හිත හිත රට කාපු උන් තවම එලියේ, ජෝලියේ. නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වීමට යාන්ත්‍රණ හදන්න.