IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තබ්බෝව සොරොව්වට වැලිකොට්ට ගසයි

පුත්තලම තබ්බෝව ජලාශයේ දකුණු මඩ සොරොව්ව කැඞී ඇතැයි බියෙන් වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සොරොව්ව කැඩුනොත් ගම් තිහක් පමණ යටවීමට ඉඩ ඇතැයි ගැමියෝ පවසති. දැනටමත් පවුල් 42 ක් අවතැන් වී ඇත. සොරොව්ව ශක්තිමත් කිරීමට වැලිකොට්ට අතුරාගෙන යයි. පෙරදින රාත්‍රියේ තබ්බෝවට මහ වැසි ලැබුණේය. (ඡායාරූප - හිරාන් ප්‍රියංකර)



අදහස් (0)

තබ්බෝව සොරොව්වට වැලිකොට්ට ගසයි

සිල්වා Thursday, 08 November 2012 12:17 PM

කැපවීම තුළ පවතින්නේ මිනිසෙකුගේ ධෛර්යයි. බලාපොරොත්තුව තුළ පවතින්නේ අනාගතයයි. (නි)

:       0       0

නාරද Thursday, 08 November 2012 01:17 PM

ඒ තරම් වතුරපාර සැරයි

:       0       0

අචිනි Thursday, 08 November 2012 01:40 PM

ජනතාවනි පරිස්සම් වෙන්න

:       0       0

වරුණ Thursday, 08 November 2012 09:44 AM

මාස ගාණක් නියඟය තිබිලා මේ වැව් පිලිසකර නොකර එක කාගේ වරදක්ද ?? ඕකට තමයි කියන්නේ අතීසාරෙ‍ට අමුඩ ගහනවා කියලා (ස)

:       0       0

චරිත් අධිකාරි ඩුබායි සිට Thursday, 08 November 2012 02:32 PM

කණගාටුයි කියන්න, අපේ වාරි මාර්ග ඉංජිනේරු තාක්ෂණ කළමණාකරනයේ තවත් දුර්වල අවස්ථවක්. එක වැවකට සොරොව් කියක් තියෙනවද ? නියං සමයෙදි නවීන උපකරණ උපයෝගී කරගෙන, වැව් බැම්මේ දුර්වල ස්ථාන ඇතුළු අනෙකුත් දුර්වලතා හදුනාගෙන පිලියම් යෙදුවනම් කෙතරම් අගනේද ? (ස)

:       0       0

සරත් Thursday, 08 November 2012 10:06 AM

වරුණගේ කතාව හරි . ඒත් දැන් අමුඩ ගහලා හරි අර ගම්මාන 30 බේරගන්න එක නේද වටින්නේ (ස)

:       0       0

චතූ Thursday, 08 November 2012 10:32 AM

අතීසාරෙට අමුඩ ගැහැව්වාම ටිකක්වත් අතීසාරෙ නවතිනව නෙ, ඒක වෙන්න ඇති මේ වැලිකොට්ට දාන්නෙ.(ස)

:       0       0

දම්රු Thursday, 08 November 2012 10:45 AM

හැමදාම අතීසාරෙට අමුඩ ගහන්න බෑ නේද ? නාස්තිය විතරයි..රටට යන කල (ස)

:       0       0

තුවාන් Thursday, 08 November 2012 10:45 AM

අමුඩ , වැලි කොට්ට ‍හරියන්නේ නෑ..ඉක්මන් කරලා පිටරටින් ණයක් අරන් සොරොව්ව හදමු. අපේ අය ණය ගන්න දක්ෂයි නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 602 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site