IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තැපැල් වර්ජනය ඇරැඹෙයි

(විනීතා එම්. ගමගේ)
 
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද(16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත.
 
තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම්  කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. 
 
මෙම ක‍්‍රියාමාර්ගයට, වෘත්තීය සමිති 21 ක් සහය දක්වන බව දක්වා ඇතැයි පැවසූ බණ්ඩාර මහතා ඉදිරි දෙදින මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අඩාල වනු ඇතැයි ද කියා සිටියේය. 
 
මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන්  ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ එවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඔවුන් තමන් වෙත දන්වා ඇති බවය. ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ නමුත් ප‍්‍රශ්න නිරාකරණය නොවූ බැවින් ඔවුන් වර්ජනයකට එළඹුණු බවත් හෙතෙම සඳහන් කළේය.  



අදහස් (8)

තැපැල් වර්ජනය ඇරැඹෙයි

Kumar Tuesday, 16 July 2019 04:12 PM

ලංකාවේ ජීවන ගමන බොහොම දුෂ්කර එකක් වගෙයි. හරියට ඉස්සර ආනමඩුව පැත්තේ පාරක් දිගේ යනවා ගමනක් වගෙ. එක වලකින් ගොඩ වෙලා ටික දුරක් යනකොට තව වලකට වැටෙනවා. පොඩි වලවල් නොවේ අලි ලැගපු වලවල් වගෙ මඩ වලවල්. එක වැඩ වර්ජනයක් අවසන්වෙලා ටික දොහකින් තව වර්ජනයක්. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ.

:       0       51

Sumith Tuesday, 16 July 2019 10:48 PM

ඒක් තැපැල් ස්ථානයක තැපැල් ෙස්වකෙයා් ෙගාඩක් ඉන්නවා‍.....කරන්න වැඩක් නෑ ඔවුන්ට....

:       0       2

sam Wednesday, 17 July 2019 01:02 AM

ඉතාම අකාර්යක්ෂම ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව වර්ජනය කලත්, නොකලත් වැඩි වෙනසක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ.

:       0       15

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 17 July 2019 02:51 AM

මේ දාල තියෙන පින්තුරය ලංකාවේ තැපැල් පෙට්ටියක් නොවයි.

:       0       3

Santha Wednesday, 17 July 2019 03:29 AM

නමට කව්රුත් බෞද්ධයෝ . නමුත් තණ්හාව ඉහවහ ගිහින්

:       0       28

kapila Wednesday, 17 July 2019 05:14 AM

ඕක පටන් ගත්ත දා පටන් පාඩුයි. නව තාක්ශනයත් දියුනු වෙන්න කිසිම උනන්දුවක් නෑ. ඕකෙ බෙදා දෙන බහුතරයක් ආන්ඩුවෙ ලිපි දේශපාලකයන්ගෙ ලියුම්. කිසිම කාර්යක්ශම තාවයක් නෑ. මේක වැඩ කරත් ඉදින් වර්ජනය කරා වගේ තමයි.

:       0       12

Amila Wednesday, 17 July 2019 05:36 AM

දේශපාලනය කරන අයට වඩා ලොකු හානියක් රටට කරන්නේ මේ සමිතිකාරයෝ සහ බොහෝමයක් රාජ්‍ය සේවකයෝ, නිලධාරීන් . රාජ්‍ය ආයතන බොහෝමයක් කෝටිගනන් මාසෙට මහජන බදුමුදල් ගෙවමින් කුලී ගොඩනැගිලි පාවිච්චි කරනවා ඒවට වචනයක් කතා නෑ හැබයි පුද්ගලික අවශයතා නිසා රටම අකර්මන්‍ය කරනවා.

:       0       6

Amila Chathuranga Thursday, 18 July 2019 03:55 AM

මීට කාලෙකට කලින් සළුසල කියාල ආයතනයක් තිබුනා. එකේ සේවකයොත් ඔය විදියට වැඩ වර්ජනය කලා. මිනිස්සු ඒ වෙද්දිත් සලුසල පැත්ත පලාතේ යන්නේ නැහැ. මොකද ඕනි තරම් වෙනත් සේවාවන් තියෙනවා. කාලයක් ස්ට්‍රයික් කලාම රජය හින් සැරේ ඒ අයට වන්දි දීලා ගෙදර යැව්වා. එදා ඒ මිනිස්සු හරියට වැඩ කරලා ආයතනය දියුනු කලා නම් එහෙම ගෙදර යන්න වෙන් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්






අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ
2025 මැයි මස 06 2608 0

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 832 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1255 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site