තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
කැබිනට් අනුකමිටුව සමග සිය නියෝජිතයින් කළ සාකච්ඡාවේදී තම ඉල්ලීම්වලට පිළිගත හැකි මට්ටමේ ප්‍රතිචාර ලැබුණු බවත් ඒ අනුව අද(30) සිට තැපැල් සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවත් එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
දින තුනක් පුරා පැවැති අඛණ්ඩ තැපැල් වර්ජනය හේතුවෙන් මේ වනවිට ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් අද සිට එම ලිපි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තැපැල් වර්ජනය අවසන්
dhamneth Friday, 30 June 2017 06:20 AM
තැපැල් සේවය දැන් යල්පැන ගෙනයන සේවාවක්... ජනතාව නම් දැන් තැපැල් සේවාව භාවිත කරන්නේම නැහැ. දුරකථන ඊමේල්, එස්.එම්.එස් ආදිය භාවිත කරනවා මිසක්. රජයේ ලිපි ලේඛන ආදිය යැවීමට තමයි බොහෝ දුරට තැපෑල භාවිතා කරන්නේ... ඒකටත් කුරියර් සේවා යොදාගන්න බැරිකමක් නැහැ.
De silva Monday, 03 July 2017 09:11 AM
ලංකාවේ හිටපු ගමන් වර්ජන පටන් ගන්නවා. හිටපු ගමන් අවසන් වෙනවා. බොහෝවිට ඔවුන් කුමක් සඳහා වර්ජනය කරනවද කියලා....වර්ජනය කරන මිනිස්සු වත් දන්නේ නැහැ. බොහෝවිට කන්තෝරුවල දවස පුරාම පුටු රත් කරමින් ඉන්න මිනිස්සු වෙනසකටත් එක්ක ටිකක් එළියට ඇවිත් ඉන්න කැමතියිනේ...