IMG-LOGO

තානාපතිවරු එකොළහක් ජනපති හමුවී එතෙර යති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය. 

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නව දූත මණ්ඩල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. 

ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිත්‍රාංගනී වාගීස්වර, ප්‍රංශ‍යේ තානාපති ලෙස පත් කෙරුණු මනීෂා ගුණසේකර, බහරේන් තානාපති ලෙස පත් කෙරුණු  එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස්, වියට්නාමයේ තානාපති ලෙස පත් කෙ‍රුණු ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස්, ජර්මනියේ තානාපති ලෙස පත්කෙරුණු වරුණි මුතුකුමාරණ, ලෙබනනයේ තානාපති ලෙස පත් කෙරුණු කපිල ජයවීර, ඊශ්‍රායලයේ තානාපති ලෙස පත්කෙරුණු එම්.එච්.එම්.එන්. බණ්ඩාර, ඉතියෝපියාවේ තානාපති ලෙස පත් කෙරුණු කේ.කේ.ටී. කුමාරසිරි, ජෝර්දානයේ තානාපති ලෙස පත් කෙරුණු ප්‍රියංගිකා විජේගුණසේකර, පිලිපීනයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය චානක එච්.තල්පහේවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කෙරුණු උදය ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

තානාපතිවරු එකොළහක් ජනපති හමුවී එතෙර යති

ganegoda Thursday, 05 January 2023 05:46 PM

කවුද මේ?මැති ඇමති ගොල්ලන්ගේ දූවරු ,බෑනලා .සමහරු මේ පට්ටම සල්ලි වලටත් ගත්තලු

:       0       1

fairoos Thursday, 05 January 2023 06:03 PM

මේක දේශපාලක පත්වීම්...! රටට කිසිම යහපතක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site