ශ්රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වය වැඩි වීමටත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං ඇති වීමේ හැකියාව වැඩි වීමටත් ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සහ උතුරු හා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තද අකුණු සහිතව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :23/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
28 |
22 |
95 |
85 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
28 |
24 |
95 |
80 |
විටින් විට වැසි. |
|
කොළඹ |
30 |
24 |
95 |
75 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
24 |
95 |
75 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
28 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
|
මහනුවර |
27 |
21 |
95 |
80 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
නුවරඑළිය |
19 |
15 |
95 |
90 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
75 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
27 |
24 |
95 |
85 |
විටින් විට වැසි . |
වායුගෝලයේ කැළඹීම දිගටම
දහවල් 12.10
වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති බැවින් උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.
විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය කෙටි කාලීනව ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ත්‍රීකුණාමළය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තද වැසි සමඟ සුළං