IMG-LOGO

තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)
 
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් යන්ත‍්‍ර දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත අද (28) නියෝග කළාය. 
 
මෙම සිද්ධියට අදාළ නඩුව අද (28) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් සාක්කි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි 5 වැනි දා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (6)

තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග

ජගත් ලියනගේ Wednesday, 28 February 2018 01:42 PM

දේශපාලන කාරයෝ අපිට නාට්‍ය පෙන්නන්න හරි දක්ෂයෝ නේද ?

:       149       131

Senevi Wednesday, 28 February 2018 02:07 PM

මේකට කොදුරු තෙල් හත්පට්ටයම ඕන කරනවා මොන වාර්තා ද නොගත්තේ? වසර 3-4ක් අදිමු වැඩෙන් ගොඩයි.

:       95       84

wasantha Wednesday, 28 February 2018 02:53 PM

මිනීමරු නාට්‍යයක් බලමු අපි. දේශපාලකයෝ විතරද?

:       0       0

parakkrama Wednesday, 28 February 2018 04:28 PM

වැඩේ නම් ගොඩේම ගොඩ වගේ තමයි. අධිකරණයට අපහාසයක් වුනොත් හොඳ නැහැ නේ ? අපිත් අමාරුවේ නේ ? ඒ නිසා කට පියාගෙන බලා ඉඳින එක ඇඟට ගුණයි නේ ? අපට අර ලැබිලා තියෙනවා කියන මොකක්දෝ නිදහස ....... එහෙම එකක් තියෙනවාද ? අනේ මන්දා .

:       0       0

Perera Wednesday, 28 February 2018 05:51 PM

ඕක තව අවුරුදු දෙකක් ඔහොමම එක එක ඒවා කියා කියා ඇදන් ගියාම හරි.

:       0       0

Chanak Los Angeles Thursday, 01 March 2018 04:04 AM

තජුදීන්ගේ සිද්ධියට පරීක්ෂණයක් කරන්න හිටපු පාලකයෝ කර ඇරියා .. මොනතරම් සටනක් කරලාද මේ මිනීමැරුම උසාවිය දක්වා රැගෙන ආවේ ......මොන තරම් බොරු ගෙතුවාද එම පාලකයෝ මේ මිනීමැරුම යටගහන්න ? මොනතරම් සාක්ෂි විනාශ කලාද .. තුච්චම දේ තමයි අධිකරණ වෛද්‍යවරයාගේ භාරයේ තිබුණු තජුදීන්ගේ සිරුරේ අස්ථි කොටස් සැකකරුවන්ගේ වාසිය පිණිස අතුරුදන් කරවීම. මෙය අධිකරණ වෛද්‍යවරයෙකුට කිසිසේත්ම නොගැලපෙන නොකලයුතුම ක්‍රියාවකි .. ලංකාවේ පාලකයන්ගේ මෙහෙයවීමෙන් පමණක් සිදුවෙන සියලුම මිනීමැරුම් , දුෂණ , මංකොල්ලයන් අවසානයේ බැර වෙන්නේ අවිනිශ්චිත ගිණුමටයි .. ඇති පදම් සාක්ෂි තිබිලත් මේ විදියට බොරු ගොත ගොතා ඉදිරියට ඇදගෙන යන්නේ මේ නඩුවටත් එම ආනිසංසයම අත්කර දෙන්නයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site