IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තඔුත්තේගම ලක්ෂ 223⁣ කොල්ලයට ප්‍රා.මන්ත්‍රී මාට්ටු

(ඉන්දිකා රාමනායක) තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 223 මුදල් කොල්ලකෑමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශිය සභාවේ පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් හෙළිව ඇති තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත සිද්ධිය ඊයේ (26) පස්වරුව.2.00 ට පමණ සිදුව ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඒ ආසන්නයේ සිටි තඹුත්තේගම පොලිසියේ සැරයන් බුද්ධික කුමාර මහතා එම ස්ථානයට පැමිණ කොල්ලකරුවන් සමඟ පොරබදා කොල්ලය ව්‍යාර්ථ කරගෙන තිබුණි. කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.



අදහස් (13)

තඔුත්තේගම ලක්ෂ 223⁣ කොල්ලයට ප්‍රා.මන්ත්‍රී මාට්ටු

Senarath Tuesday, 27 September 2022 09:20 AM

නියම පොලිස් නිලධාරියෙක්... එතුමාට උසස්වීමක් දෙන්නම ඕනේ.. අනිකුත් නිලධාරීන්වත් දිරිගැන්වෙන්න.

:       0       0

jagath liyanage Tuesday, 27 September 2022 09:32 AM

පොදු පෙරමුණේ? වෙන්න බෑ...

:       0       1

jayantha Tuesday, 27 September 2022 09:42 AM

මහ උදවිය රට කොල්ලකද්දී, බැංකුව කොල්ල කන්න හිතෙන්න ඇති...

:       0       1

මැක්ස් Tuesday, 27 September 2022 09:54 AM

පළාත් සභාවට තමා තුළ ඇති සුදුසුකම මේ පොහොට්ටු මැරයා විසින් පෙන්වා දී ඇත.

:       0       22

ravin Tuesday, 27 September 2022 09:56 AM

මෙරට මොනයම්ම හෝ අකටයුත්තක් සිදුවුයෙනම් පිටපස්සෙ දේශපාලුවෙක් අති.

:       0       0

ganegoda Tuesday, 27 September 2022 10:15 AM

ඔාය " පොදු පෙරමුන " කියන පක්ශයෙ ඉන්නෙ හොර බොරු වන්චාවෙන් කාලය ගතකරන මන්කොල්ලකාරයො විතරයි ! ! !

:       0       1

Nelum Pushpasiri Tuesday, 27 September 2022 10:46 AM

චෞරයන්ගෙගෙන් සූසැදි පොදු ජන එඑක්සත් පෙරමුණ . ශෝක් අපට .

:       0       18

Hemantha kumara Tuesday, 27 September 2022 10:46 AM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමෝ කාපිය තණ කොළ.

:       1       19

කරුණාසේන Tuesday, 27 September 2022 11:39 AM

පොහොට්ටුවෙ ඉන්නෙම හොරු,ස්ත්‍රී දූෂකයින් සහ මං කොල්ලකාරයින් බව තවදුරටත් තහවුරු වේ.

:       1       17

fairoos Tuesday, 27 September 2022 12:29 PM

යවමු පාර්ලිමේතුවට

:       1       17

achini Tuesday, 27 September 2022 03:54 PM

රාජපක්ශලගෙ පක්ශයක සමජිකයෙක්නම් අනිවර්යෙන් පට්ට හොරෙක්.

:       0       0

මෝ Tuesday, 27 September 2022 04:57 PM

පොහොට්ටුවේ කිව්වා නම් ජරාපක්ෂලාගේ ජානමය ලක්ෂණ තියෙන කම්බ හොරෙක්ම තමයි...

:       0       0

U c k udawaththa Tuesday, 27 September 2022 07:30 PM

දේශපාලනය කරන කොයි කෙනත් හොරකම් කරනවා.. මොවුන් දේශපාලනේ කරන්නේ ඔවුන් හැදෙන්න මිසක් අන්න් වෙනුවෙන් නෙමේ. මේ ක්‍රමයයි වෙනස් විය යුත්තේ කාටවත් බැනලා වැඩක් නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site