(සුජිත් හේවාජුලිගේ)

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ  වාර්තා වෙනුවෙන් පොලිස් ස්ථානවලින් අය කර ගත යුතු රුපියල්  කෝටියක ආසන්න  මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික  විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු  විද්‍යා හා ඩී.එන්.ඒ අංශය මගින් ඩීඑන්ඒ වාර්තාවක් නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කරගනු ලබයි.

එම වාර්තා වෙනුවෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2023 දක්වා අය කරගත යුතු මුදලක් මෙසේ අය කර ගැනීමට කටයුතු කර නැතැයි    වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2015 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.