(තරිඳු ජයවර්ධන)
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දරුවකුගේ අසනීප තත්ත්වයක් නිසා රහස් පොලිසියට පැමිණීමට අද නොහැකි බව ඔහු දැනුම්දුන් බව ද එම ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු විශාල පිරිසකගෙන් මෙම විමර්ශනයට අදාළව පරීක්ෂණ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.