IMG-LOGO

ඩෙංගු රෝගය ගැන සිතා වෛද්‍ය වර්ජනය කල්දමන්න’යි ඉල්ලීමක්


(විනීතා එම් ගමගේ)

වසංගත තත්ත්වයෙන් ඩෙංගු රෝගය රට පුරා පැතිර යන මේ මොහොතේ වර්ජනයකට යාම සාදාරණ දැයි යළි සිතා බලන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයේ වෛද්‍ය නීලධාරින් ගේ සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 

රට පුරා ඇත රෝහල් සියල්ලෙහිම ඇඳක් සොයා ගත නොහැකි තරමට රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෞද්ගලික රෝහල් පවා ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය පවතින වාතාවරණය ගැන සිතා වර්ජනය තාවකාලිකව හෝ කල් දමන්නැයි ඉල්ලයි.

 



අදහස් (22)

ඩෙංගු රෝගය ගැන සිතා වෛද්‍ය වර්ජනය කල්දමන්න’යි ඉල්ලීමක්

SIRI Thursday, 04 May 2017 07:49 AM

ඔය තරමට ඩෙංගු හිස ඔසවනකල් ඇමති මොකද කලේ. නිකන් බොරුවට වාචාලයෙක් වගේ කියව කියව හිටපු එකයි, සමාජයට වෛරය පතුරවපු එකයි නේද?

:       6       103

MOHAN Thursday, 04 May 2017 07:54 AM

රෝගීන් ගැන සිතා වර්ජනය නොකර ඉන්න තරම් මනුස්සකම් මේ දොස්තරලා ලග තියෙනවා කියල හිතන්න බැහැ.

:       92       128

vineetha Thursday, 04 May 2017 08:23 AM

නරකද ආණ්ඩුවෙනුත් ලිඛිත ඉල්ලීමක් කරොත් සයිටම් හොර කඩේ ආණ්ඩුවට ගන්න කියල. එතකොට වර්ජනයත් නිකන්ම නවතියි

:       329       374

mangala Thursday, 04 May 2017 08:25 AM

දේශපාලන ඉල්ලීමක්. කඩේ යන්න පෙර මේ ටික කියවන්න. ඩෙංගු රෝගීන් ඉන්නේ වාට්ටුව තුලයි. ස්ට්‍රයික් එකේදී වෙන්නේ opd සහ සැත්කම් නවත්වන එක විතරයි. අනෙක් වැඩ පුරුදු පරිදි වෙනවා. තව ලංකාව තුල සියලු ළමා රෝහල් හා මාතෘ රෝහල් වලට පිලිකා හා වකුගඩු රෝහල් වලට වර්ජනය අදාල නොවේ. වෙනද විදිහට අමාරු රෝගියෙක් ඉන්නවනම් වාට්ටුවට ඇතුලත් වෙන්න පුළුවන්. මේ ටික ආණ්ඩුවට කියන්න. ආණ්ඩුවට කියන්න විසදුමක් දෙන්න කියල. කවුරුවත් කැමැත්තෙන් කරන වර්ජන නෙවෙයි මේවා. කරන්න දෙයක් නැතිවුණාම මොකද කරන්නේ.

:       28       227

Hafeel Thursday, 04 May 2017 08:38 AM

සයිටම් අර්බුධය සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තියන්නේ රජය සමග සාකච්චා කරලා විසඳිය යුතුයි හැර අහිංසක දුප්පත් රෝගීන්ව අපහසුතාවට පත්කරන වර්ජන කිසිසේත්ම සාධාරණ නැහැ.

:       51       20

lanka Thursday, 04 May 2017 09:22 AM

දොස්තරලා විතරක්ද අද රටේ ඉහලම තැන්වල ඉන්නේ නිදහස් අධ්‍යාපනෙන් ඉගනගත්ත අයනේ

:       1       52

aravinda Thursday, 04 May 2017 10:27 AM

ලෙඩ්ඩුන්ට වඩා තමන්ගේ ගෝත්‍රය රැකීම වැදගත්. එම නිසා රජයේ වෛද්‍ය නීලධාරින් මේ සටන අඛණ්ඩව ගෙන යයි.

:       210       2

රොමේෂ් Thursday, 04 May 2017 10:42 AM

ඇත්තෙන්ම මේ ඉල්ලීම කරන්න ඕනා රජයෙන්. අඩුම තරමේ විසදුමක් ලැබෙනකම්වත් සයිටම් හොර උපාධි කඩේට ලක්ෂ 120 ඔළුගෙඩි බඳවාගන්න එක නවත්වන්න කියලා. රටේ පවතින සෞඛ්‍යය තත්වය එතරම් සුභදායක නැහැ. රජයට වගකීමක් තියෙනවා ආරක්ෂාව බල්ලාට යන්න නොදී ජනතා ප්‍රශ්න ජනතාවාදීව විසඳා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න.

:       6       202

පොඩි ළමය Thursday, 04 May 2017 10:52 AM

අපිට මහින්ද ඕන.

:       41       51

ගයාන් ප්‍රියන්ත Thursday, 04 May 2017 11:00 AM

මෙදින සිදුවන හැම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි. කිව්ව දේවල් වලට ආණ්ඩුව කන් දුන්නානන් වැඩ වර්ජනයක් කරන්නෑනේ

:       8       120

wasantha Thursday, 04 May 2017 11:24 AM

රජය මේ වර්ජන රැල්ල මර්ධනය කල යුතුයි, නැතහොත් ඉක්මන් මහා මැතිවරණයකට යා යුතුයි.

:       83       5

sam Thursday, 04 May 2017 11:27 AM

මේක එච්චර කලබල වෙන්න දෙයක් නොවෙයි . මේ දොස්තරලා රජයේ රෝහලේ තම රාජකාරි වෙලාවේ වර්ජනය කලාට හැන්දෑවට පී පී එකේ හෝ පෞද්ගලික රෝහලේ බෙහෙත් දෙන්න නොවැරදීම එනවා . ඒක නිසා හැමෝම මේකට සහයෝගය දක්වන්න .

:       166       2

sanjeewa Thursday, 04 May 2017 11:29 AM

කාලෝචිත ඉල්ලීමක් ඇහුන්කන් දුන්නොත් හුඟක් හොඳයි.

:       3       33

Sanjeewa Thursday, 04 May 2017 12:44 PM

ඩෙංගු මෙතරම් ව්‍යාප්ත වෙනකම් සෞඛ්‍ය ඇමතිතුමා මහින්ද මහත්තයට මදුරුවා විදිනකම් බලන් හිටියද?

:       3       57

wasantha Thursday, 04 May 2017 02:36 PM

දොස්තරලා අමානුශිකයි. වරප්‍රසාද 50%කින් අඩුකළ උතුයි. දොස්තරලට ලෙඩ්ඩු මැරුණත් අනුකම්පාවක් නෑ.

:       95       6

Lokulamaya Thursday, 04 May 2017 02:39 PM

අපිට බැසිල් ඕනා ජනාදිපති විදිහට.

:       50       1

gamini Thursday, 04 May 2017 02:43 PM

අසාදාරන දොස්තර වර්ජනයට විරුද්දව අදිකරණයේ පිහිට පතමු. සාධාරණයක් ලෙඩ්ඩුන්ට ඉෂ්ට වේවි.

:       93       1

pubudini Thursday, 04 May 2017 03:06 PM

දොස්තර හිඟය මැකෙන තෙක් විදේශීය වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගනිමු. වර්ජනයට නොකරන වෛද්‍යවරුන්ට පඩි දසත දීමනා වැඩි කරමු.

:       5       7

sumudu Thursday, 04 May 2017 10:13 PM

තමුන්නාන්සේලා ඡන්දෙ දුන්න ආණ්ඩුවට කියන්න මේක විසඳන්න කියලා... ඔබලා හැමදාම මේ වගේ කාලකණ්ණී ආණ්ඩු පත් කලාම දුක් විඳින්න වෙනවා. එ්ක ජනතාවගේ ඉල්ලීම. කරන්න දෙයක් නැහැ.

:       0       0

sumudu Thursday, 04 May 2017 10:16 PM

මේවට රටේ ජනතාව වග කිව යුතුයි. තමන් වැපිරූ දෙය නෙලා ගන්න.

:       0       0

siriya Friday, 05 May 2017 03:07 AM

මට තියෙන තවත් ප්‍රශ්නයක් නම් පාරිභෝගික අයිතීන් ගැන ඔබල පසුගිය කාලේ හිටියේ සිරිකොතේද? ජනතාව අපහසුතාවයට පත්වෙන කොට ඔබල නිදාගෙනද හිටියේ. නිකන් බොරුවට යහපාලනයට යන්නේ නැතිව කෙලින් ඉදිරිපත් වෙන්න. එදාට ජනතාව ඔබලාගේ වචනයට කන්දේවී.

:       0       0

බන්දුල Friday, 05 May 2017 07:26 AM

බොහෝමයක් වෛද්‍යවරු දන්නවා මේක දේශපාලන සෙල්ලමක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 87 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 640 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site