IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට

ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක‍්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයට පැමිණෙමින්, දඟ පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියි. නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 170 කට කඩුලූ 9 ක් දවා ගැනිමින් හේරත් ස්ථාන දෙකක් පෙරමුණට පැමිණියේය. හේරත්, නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග දෙකේදී කඩුලූ 20 ක් දවාගත්තේය. නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට රටවල් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටි ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්වීමත් සමග ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 ක් දක්වා අඩුවී තිබේ. නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. එම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම සංගක්කාරට රැුස්කළ හැකි වූයේ ලකුණු 16 ක් පමණි. රංගන හේරත් ගාල්ලේදී පැවැති පළමු දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 11 ක් දවාගැනීමෙන් පසු ප‍්‍රසාද ලකුණු 828 ක් සමගින් සිවුවැනි ස්ථානයට පැමිණි අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 838 ක් ලබා සිටියි. වර්තමාන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානතම දඟ පන්දුයවන්නා වන 34 හැවිරිදි රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරග 42 කදී කඩුලූ 174 ක් දවාගැනීමට සමත් සිටියි. ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම ස්ථා.     ක‍්‍රීඩකයා       ප‍්‍ර/ල 1.    ඬේන් ස්ටෙයින්      858 2.    රංගන හේරත්        838 3.    සයිඞ් අජ්මාල්     832 4.    වර්නොන් පිලෙන්ඩර්     832 5.    ප‍්‍රගන්  ඕජා     767 6.    ගේ‍්‍රම් ස්වාන්     755 7.    බෙන් හිල්ෆින්යුස්     752 8.    මොනේ මොර්කල්     741 9.    පීටර් සිඞ්ලි     740 10.    ජේම්ස් ඇන්ඩසන්     727   ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම ස්ථා.     ක‍්‍රීඩකයා      ප‍්‍ර/ල 1.    මයිකල් ක්ලාක්     890 2.    ශිවනරින් චන්ද්‍රපෝල්    879 3.    ජැක් කලිස්    855 4.    කුමාර් සංගක්කාර    848 5.    හෂීම් අම්ලා     845 6.    ඇලෙස්ටියාර් කුක්     835 7.    කෙවින් පීටර්සන්     788 8.     රෝස් ටේලර්     785 9.    ඒ. බී. ඩිවිලියස්     782 10.    යුනිස් ඛාන්     761   ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම ස්ථා.     රට          ප‍්‍ර/ල 1.    දකුණු අප‍්‍රිකාව    120 2.    එංගලන්තය    117 3.     ඕස්ටේ‍්‍රලියාව    116 4.    පාකිස්තානය     109 5.    ඉන්දියාව    106 6.    ශ්‍රී ලංකාව    96 7.    බ.ඉ.කො.    91 8.    නවසීලන්තය    79 9.    බංග්ලාදේශය    0



අදහස් (0)

ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site