IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ටෙලි මියුසික් වීඩියෝ කලාව හදුන්වා දුන්නේ අපි...

2016-10-06-ent-82

තීක්ෂණ අනුරාධගේ "ඔබ තරම් ගීතය" තුළින් තම රූප රචනා කලාව ආරම්භ කළ "එළ අයිඩියා" ක්‍රියේෂන් ආයතනය මගින් ගීත රූප රචනා කලාවට සුවිශේෂ නිර්මාණ කිහිපයක්ම දායක කරලීය. SGM මීඩියා හා එළ අයිඩියා ක්‍රි‘යේෂන් එක්ව සිදුකළ නවතම ගීත රූප රචනාව වන්නේ රොෂාන් ප්‍රනාන්දු ගායනා කරන "මෙතුවක් දුර" ගී නිර්මාණයයි. මේ කතාබහ එහි ප්‍රධානියා වන ප්‍රසාද් කළුපහන සමගය.

 

"මෙතුවක් දුර" ගී නිර්මාණය ගැන කතා කළොත්?

2016-10-06-ent-84මෙම ගීතය පද රචනය කළේ සජිත් වී චතුරංග විසින්.එහි සංගීතය රදීෂ් වැන්දබෝනාගෙන් . ගායනයෙන් රොෂාන් ප්‍රනාන්දු දායක වුණා. ගීත නිර්මාණ කරන විට එහි මූලික අදහස එන්නේ පද රචනාකයාට . ඒ නිසා මම රූප රචනාවට පෙර සජිත් එක්ක මේ ගැන කතාබහ කළා.මේක විරහව ගැන කියැවෙන ගීතයක් වුණාට එය වෙනස් විදියට දක්වන්න අප උත්සහ කළා. මම හිතනවා එය සාර්ථකයි කියලා.

 

"මෙතුවක් දුර" ගී නිර්මාණයේ රූප රචනාව සැලසුම් වුණ ආකාරය ගැන කතා කළොත්?

ඒකාකාරී ගීත සහ රූප රචනා නිර්මාණය වෙනවා කියලා සමහර අයගෙන් නව නිර්මාණකරුවන්ට චෝදනා එල්ල වෙනවා. ගීත රූප රචනා කලාවට, අලුත් යමක් එකතු කරන්න අපි හිතුවා. "එළ අයිඩියා ක්‍රියේෂන්" අපි ටෙලි මියුසික් වීඩියෝ කලාව හඳුන්වා දුන්නා. එහි දෙබස් හා සටන් ජවනිකා ඇතුළත් කර තිබෙනවා. ප්‍රවීණ නළුවන් දෙදෙනෙක වන රොජර් සෙනෙවිරත්න සහ තිලක් කුමාර රත්නායක මේ සඳහා දායක කර ගත්තා.. අමිල කරුණානායක, නයෝමි තක්ෂිලාත් මෙයට රංගනයෙන් දායක වුණා. ටෙලියක ලක්ෂණ වගේම චිත්‍රපටයක යම් යම් ගුණාංගත් මෙම රූප රචනාවට එකතු කර තිබෙනවා.

 

මේ රූප රචනාව විනාඩි අටක පමණ කාලයක් තිබෙනවා. රූපවාහිනී නාළිකාවල මේ සඳහා ඉඩක් තියෙයිද?

මගේ අරමුණ කවදාහරි දවසක චිත්‍රපටයක් කරන්න. ඒකට මම විවිද අත්හදා බැලීම් කරනවා. ලෝකෙම තියෙන ප්‍රවණතාව තමයි සමාජ වෙබ් අඩවි. එය ලෝකේ තිබෙන ලොකුම මාධ්‍ය බවට අද පත්වෙලා. ඒ නිසා අපි සමාජ මාධ්‍ය තමයි ඉලක්ක කළේ. අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. එහිදිත් ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය තරුණ තරුණියන් ඉන්නටනෙට් කාඩ් එකක් භාවිත කර තමයි අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්නේ. විනාඩි අටක රූප රචනාවට මෙගාබයිට් ප්‍රමාණයක් වැයවෙනවා.ඒ නිසා එතරම් දිගු කාලයක් තිබෙන රූප රචනාවක් නරබන්නේ නැහැ.මේ ගීතයට කෙටි කාලයක් තුළ හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙහි පූර්ව ප්‍රචාරක පටයම පණස්දහස ඉක්මවා නරබා තිබුණා. රූප රචනාව ලක්ෂය ඉක්මවා නරඹා තිබුණා.

 

මෙයට දායක වූ මතක් කළ යුතු පිරිසක් ඇති?

අපට මෙම රූපරචනාවට සටන් ජවනිකා පවා රූගත කරන්න සිදුවුණා. එහිදී විශේෂ සහයෝගය ලබාදුන්නේ සංජීව. සන්තුෂ් වීරමන්, ඒෂන ගබඩා මුදලි, ප්‍රියාන් මඩප්පුලි, ප්‍රියන්ත කොලොන්නගේ මහතා, මගේ සහය අධ්‍යක්ෂක රන්දික රොෂාන්, ඒෂානා අනුරාධි මාදුගොඩ යන අය මතක් කර සිටිනවා. ඒ වගේම මෙම නිර්මාණයට හතළිහක පමණ පිරිසක් දායක වුණා. ඒ අයවත් මෙහිදී මතක් කරන්න කැමතියි.

 

0777 266 660

නිදුක් මධුෂික ..

 

2016-10-06-ent-88
2016-10-06-ent-87
2016-10-06-ent-86
2016-10-06-ent-85
2016-10-06-ent-83
2016-10-06-ent-81
2016-10-06-ent-80
2016-10-06-ent-79
2016-10-06-ent-78
2016-10-06-ent-77
2016-10-06-ent-76
2016-10-06-ent-75



අදහස් (0)

ටෙලි මියුසික් වීඩියෝ කලාව හදුන්වා දුන්නේ අපි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site