IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ අදහසට සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධය

ඉතා ඉක්මනින් රට විවෘත කළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ විරෝධය පළ කර ඇත.
 
 ඉතාම ඉක්මනින් රට නැවත විවෘත කරන බවත් ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
 
 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
  
රට ඉතා ඉක්මනින් නැවත විවෘත කර ආර්ථික කටයුතු ආරම්භ කළ යුතු බවට වන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණ‍යට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ දැඩි විරෝධය සහ අකැමැත්ත පළ කර ඇත.
 
 ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස රට නැවත විවෘත කිරීමට උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන මොහොතකය.
"තවත් බොහෝ කාලයක් යනතෙක් කොවිඩ්-19 වයිරසය මනුෂ්‍ය වර්ගයා ලුහුබඳීවී. දඩයම් කරාවි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙක් අනතුරු ඇඟවීය.
  
ඉරිදා දහවල් වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 530,000 ඉක්මවා ගොස් තිබිණි . එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 21,000කට ආසන්න විය.
 
ද ගාඩියන් 
 055



අදහස් (6)

ට්‍රම්ප්ගේ අදහසට සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධය

Walter White Monday, 13 April 2020 11:34 AM

ට්‍රම්ප් කියන්නේ එන්ටර්ටේනර් කෙනෙක්, ඒ නිසයි හිටපු ගමන් පිස්සු අදහස් ප්‍රකාශ කරන්නේ, ඒවා ඔක්කොම පබ්ලිසිටි ස්ටන්ට් ප්‍රචාරය උදෙසා කරන වැඩ...

:       0       0

ravi Monday, 13 April 2020 11:44 AM

ටයිම් ටු සේ ගුඩ් බායි...!!!

:       0       0

Chandrasiri Monday, 13 April 2020 12:13 PM

හතර වසරේ දඩබ්බර දරුවෙක්!

:       0       0

රවින් Monday, 13 April 2020 12:14 PM

අනිකාට හෙන ගැහුණත් කමක් නැත. මම විතරක් හොඳින් හිටියහම ඇති කියන නිගමනයන්ගේ පිහිටි මෙවැනි අයවලුන් ලෝක නායකයින් යයි හිතන අනික් අයගේ වරද... ලොව ශිෂ්ඨ සම්පන්න සියලුදෙනා දැඩි ලෙස පිළිකුලට ලක් කල යුතු පුද්ගලයෙක්.

:       0       0

Champa Monday, 13 April 2020 03:45 PM

ලංකාවේ තීරණ ගන්න තැන ඉන්න ඇමරිකන් පුරවැසියෝ දෙන්නයි ඩොනල්ඩ් ට්‍රම්පුයි වැඩ කරන්නේ කතා කරගෙන නිවුන්නු වගේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති ඇති ඉක්මනට MCC එක අත්සන් කරන්න එහෙ චන්දෙට ඉස්සෙල්ල. මෙහෙ චන්දෙන් පස්සේ අත්සන් කරන්න පොරොන්දුවක් දීල තියෙනව කියල කිව්වේ ඇමරිකාව පැත්තෙන්මයි. දැන් ඒක කරන්න විදිහක් නැහැ... ලංකාවේ ජනාධිපතිට බලය නැති නිසා. තිබ්බ නම් කොරෝනා පිටින් දාල ආර්ථිකය වැටිලා කියල ඕක අත්සන් කරනවා. එහෙම බැරි හින්ද ඉක්මනට චන්දෙ තියවල 2/3 අරගෙන, පාර්ලිමේන්තුව බ්ලැක්මේල් කරලා 19 අහෝසි කරගෙන, ජනාධිපතිට බලතල අරගෙන මේක අත්සන කරව ගන්න උවමනාව ට්‍රම්ප්ට තියෙනවද දන්නේ නැහැ නේද?

:       0       0

vidya Monday, 13 April 2020 06:13 PM

ලෝකයටම පහළ වුන පිළිලයක්.බැරැක් ඔබාමා කොතරම් ගුණ ගරුක මිනිසෙක්ද ?

:       1       77

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site