IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ටිරාන් අලසුත් උසාවි යයි

නීතිමය පදනමක් නොමැතිව තමාව අත්අඩංගුවට සූදාමක් පවතින බවත් ,එලෙස අත්අඩංගුවට  ගැනීමෙන් වලක්වාලන අතුරු නියෝග නිකුත්  කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර ටිරාන් අලස් මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේය.

පොලිස්පති,පොලිස් විශේෂ විමර්ශන  ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  මෙවන් සිල්වා,එහි පොලිස් ස්ථානාධිපති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

හිටපු ජනාධිපතිවරයා ගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත්.අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ උපදෙස් මත තමාව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද පෙත්සමේ සදහන්වේ.හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු  කරන බවත්.,2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද පෙත්සම්කරු කියා සිටි.

 



අදහස් (0)

ටිරාන් අලසුත් උසාවි යයි

ජනක Monday, 18 May 2015 10:44 AM

දැන් ගමේ කෙහෙල්කන් හොරාටත් පුළුවන් කෙහෙල්කන බිම තියන්න කලින් ඒක කරේ තියාගෙනම නීතිවේදියෙකු ලඟට ගිහින් අත් අඩංගුවට ගැනීමෙන් වැළක්වීමේ නියෝගයක් ගන්න,. (හේ)

:       0       0

කැනඩා දිසා Monday, 18 May 2015 10:26 PM

වහාම ක්‍රියාත්මකවන පරිදි බන්ධනාගාර රෝහලේ දේශපාලන සිරකරුවන්ට පමණක් අත්‍යවශ්‍ය බෙහෙත් හැර සියලුම පහසුමක් නැවැත්විය යුතුයි. (නි)

:       0       0

අමර Monday, 18 May 2015 11:39 AM

කම්බ හොරුත් අල්ලන්න එපා ...අනේ කාලේ වනේ වාසේ (බ)

:       0       0

ක්ලින්ටන් සිල්වා Monday, 18 May 2015 11:48 AM

බීපු මව්කිරි මතක් වෙනවා වැලිකඩ බන්ධනාගාරය මතක් වෙනකොට (බ)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 18 May 2015 11:51 AM

නියම හොරුන්ට නිදහස අදත් ලැබුනේ (බ)

:       0       0

ලාල් Monday, 18 May 2015 12:23 PM

වැරදි අදර්ශයක ප්‍රතිපල. (ර)

:       0       0

ජගත් Monday, 18 May 2015 12:44 PM

නීතියට ගරුකරමු.අධිකරනය හා විනිසුරුවරු ස්වාධීනයයි සිතමු.ඒත් කැකිල්ලේ තීන්දුවලට ගරුකල යුතුද?"අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන අතුරු නියෝග.".නීතියේ ලොකු හිඩැසක්.පක්ෂග්‍රහි ගතියක්..? (කේ)

:       0       0

ඇසළ Monday, 18 May 2015 01:05 PM

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටෙඋවේ දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් කියන බව එළිවෙන්න වැඩි කාලයක් බලා ඉන්න වෙන්නේ නැහැ. චන්දෙන් පස්සේ කවුද මේක මෙහෙයවූවේ කියල මහජනතාවට නිකම්ම දන ගන්න ලැබෙයි. (කේ)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 03:28 AM

දැන්නම් කට්ටිය හත් පොළේ ගාගෙන වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site