(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි
ඥානසාර හිමියන්ද වෙනත් සාමාන්‍ය සිරකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන ආකාරයට සුදු සරමක් සහ කමිසයක් අන්දවා රැගෙන යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි
සුළු වැරදි සිදුකර සිරගත වන භික්ෂූන්ට චීවරයෙන් සැරසී අධිකරණය වෙත ඉදිරිපත් වීමට අවසර ලබාදීමට බන්ධනාගාර අධිකාරීවරයාට අවසර ඇතත් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ භික්ෂූවකට චීවරයෙන් සැරසී අධිකරණයට ඉදිරිපත් වීමට බන්ධනාගාර අධිකාරීවරයාට අවසරට ලබාදීමට හැකියාවක් නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔය නිගන්ටයන්ට ඔය වැඩේ පුරුදුයි, මොකද කහ රෙද්ද අදින්නෙ ලයිසන් එකක් විදියට. පව් කදු
ෂහ්, හරි හැන්සම් නෝ.
ඒක හොඳයි. ඔය මනුස්සයාට චීවරය සුදුසු නෑ.
LTTE එරෙහිව යුද්ධය දිනපු හමුදාපතිටම ජම්පරේ ඇන්දුවා නම්, ඥානසාර හාමුදුරුවෝ කවුද?
ඩෙනිම් එකක් ඇඳල ආවනම් මෙයිට වඩා ලස්සනයි.
“ඥානසාර හිමි” යන්න නිවැරදි විය යුතුයි.
දැන් එහෙනම් අපි මෙයාට Mr Gnanasara කියා මින් ඉදිරියට අමතමු. කලින්, චීවරය පොරවා ගෙන හිටපු කාලේ තිබුණු නම ටිකක් දිග වැඩි බව පැහැදිලිවම අපට පෙනී ගියා ...
උතුරු සළුවක් කරේ දමා, අතට නවගුණ වැලක් දුන්නා නම්, නානසාර මහත්තයා ගමෙ හතර පොයටම අශ්ඨාංග ශීලය සමාදන් වන පින්වත් උපාසක වරයෙක් කියලයි හැමෝම හිතන්නේ !!! මෙයා එතරම්ම ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේයි, අපෙ ලංකාදීප පුවත්පතේ පින්තූරයේ !!!