
(රුවන් පතිරණ,සමන් විඡය බණ්ඩාර සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
‘‘චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහසත්‘‘ යන තේමාව මුල් කරගෙන මහනුවරින් ආරම්භ කෙරුණු පාද යාත්රාව අද උදෑසන 9.30 ට පමණ වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරය දක්වා ගමන් කළේය.
මෙම නිදහසේ පා ගමන මහනුවර ශ්රී දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ඉකුත් 10 වැනි දා ආරම්භ වූ අතර එහි සිවුවැනි දිනය අද විය.
මහා සංඝරත්නය හීල් දානය වළදා වරකාපොළ පිළාඩුව ශ්රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව අද උදෑසන ආරම්භ වූ පා ගමන සඳහා බලංගොඩ කස්සප, උලපනේ සුමංගල, මඩිල්ලේ පඤ්ඤාලෝක හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයේ 50 නමකට ආසන්න හිමිවරු පිරිසක් හා ගිහියෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ නැතුවත් උන්ට විරුද්ධව පාගමන්. බුදුන් දෙසූ පරිදිම ශාසනය විනාශ වෙන්නේ ඇතුළතිනි.
හැන්දෑවට බයිට් කකා අඩි ගහනව ඇති, මේ කහ රෙදි පටලව ගත්ත පව් කදු
අරමුණ ඥාණසාර හිමිට නිදහස නං, මේක ගරැ අධිකරණයට බලපෑම් කිරීමක්.
චීවරයට යුක්තිය නං ඔතන ඉන්න බහුතරයක් උන්නාංසෙලගෙ චීවර ගලවන්න වෙනවා.
ඇයි අනේ ඔයගොල්ල ධර්මය පතුරවනවා වෙනුවට වයිරය පතුරවන්නේ .
ත්රාඩ මැර දේශපාලනික චරිතයකට කහ සිවුර පෙරවූ පමණින්ම භික්ෂූන් වහන්සේ නමක් වෙනවද?සමස්ථ සිල්වත් භික්ෂු පරපුරටම කරන නිග්රහයක් නොවේද?
ඊයෙ මාවනැල්ලේ සිට කොළඹ එන විට පා ගමනින් හාමුදුරුවෝ 44ක් ගමන් කරනවා දුටිමි.
Dasun, ලංකාවේ හාමුදුරුවරු 26,000 - 30,000ක් ඉන්නවලු නේද? එතකොට මේ වෛරී පාගමනට සහභාගිත්වය 0.1% වඩා අඩුයි.
ලංකාවේ වෛරය පතුරවන්න ඇවිදිනවා
අනේ පව් අපේ ඥානසාර හාමුදුරුවෝ.