
(රංජන් කස්තුරි සහ නිමල කොඩිතුවක්කු)
බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් සහ සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් එක්ව ඉකුත් දා ආරම්භ කළ “සිවුරට යුක්තිය -නිදහසේ පාද යාත්‍රාව” දින හයක චාරිකාවකින් පසුව මහවැසි මධ්‍යයේ අද(15) පස්වරුවේ කොළඹට පැමිණීයේය.
පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා අද පස්වරුවේ ජනාධිපති ලේකම්කාර්යාලය අසලට පැමිණ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය.
එහිදී මහ සංඝරත්නය කියා සිටියේ, ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසයි.
කෙසේවෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කියා සිටියේ, මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දිය නොහැකි බවය. කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත බෝධින් වහන්සේ ඉදිරිපිටින් අද පෙරවරුවේ පා ගමන ආරම්භ කෙරිණ.
චීවරයට අත නොතබනු රට ජාතිය වෙනුවෙන් හඬ අවදිකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සාධාරණය ඉටුකරනු මැයෙන් ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලීම සඳහා විවිධ වැකි ලියූ බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමන සිදුකෙරිණ.
බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදුකරන නිදහසේ පා ගමනට සහයෝගය දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊට ගිහි පැවදි විශාල පිරිසක් එක්වූහ.
මහනුවර මහමලුවේ සිට ඉකුත් 10 වැනිදා පා ගමන ආරම්භ කෙරිණ.
පළමු දිනයේ පා ගමන මහනුවර සිට කඩුගන්නාව දක්වා ගමන් කෙරිණි.
දෙවැනි දිනයේදී කඩුගන්නාවෙන් ආරම්භ වූ පා ගමන කෑගල්ල නගරයෙන් නිමා කෙරිණි. තෙවැනි දින කෑගල්ල නගරයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය නිදහසේ පා ගමන වරකා පොළ නගරය දක්වා පැමිණ තිබිණි.
පා ගමනේ පස්වැනි දිනය වූ පෙරේදා නිට්ටඹුව නගරයෙන් ඇරැඹි පා ගමන පස්වරුවේ කඩවත නගරය දක්වා ගමන් කෙරිණි.
මෙම පාගමන සඳහා මහා සංඝ රත්නය, දේහපාල`ඥයින්” සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් පා ගමනට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පාතාලය, අජූවයි. අනේ බුද්ධාගමට ගිය කල. මේ අමනයෝ නිසා සිහිබුද්ධියක් ඇති මිනිස්සු කලකිරිලා.
මේ පව් කාර රැල සිවුරටඅපහස කරන ගමන් ඉල්ලන්නෙ රටේ නිතිය මේ කහ රෙදි ඇදගත් දුෂිතයන්ට බල නොපාන්න ලෙස ක්‍රියාත්මක කරන්න කියල. මේ පව් කාරයො දහමට අගෞරව කරනගමන් ඉල්ලන්නෙ නීතියට උඩින් ඒ අය තියන්න කියල. ජනපති තුමනි නිතිය අකුරටම මෙම පව්කාරයට එරෙහිව ක්‍රියාත්මක කරන්න
ගණින්නාන්සේලාට ධර්මය අවබෝධ වේවා. දුශ්සීල භික්ෂූන්ගැන ගිහියන්ට අවබෝධ වේවා. බුද්ධ ශාසනය කෙසේවෙතත් බුද්ධ ධර්මය ඉගෙනගැනීමට හාමුදුරුවන් අනවශ්‍ය බව වැටහේවා.
නීතියට සියලු දෙනා යටත්ය. අධිකරණ තීන්දුවලට සියලු දෙනා ගරු කළ යුතුය. එහෙත් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ තීන්දු දේශපාලන වශයෙන් දූෂිත දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ට සහාය දැක්වීමට භාවිත නොකළ යුතුය. පොදු ජන පෙරමුණ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයක දේශපාලනඥයන් වුවද, නීතිය ඉදිරියේ සමාන විය යුතු අතර, සියලු දෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් නුවර සිට ජනපති මන්දිරය වෙත පාගමනින් පැමිණි භික්ෂුන් වහන්සේලා මේවනවිට ජනාධිපති මන්දිරය ඉදිරිපිට උපවාසයක් හෝ යම් අරගලයක් හෝ රාත්‍රී ගතකිරීමට සුදානම් වෙමින් සිටි. ඥානසාර හිමියන් නිදහස්වනතුරු රැදී සිටිනා බව කියා සිටි. එමනිසා මෙම ගැටලුව විසදනතෙක් භික්ෂුන් වහන්සේලාට ගාලුමුවදොර අසල රැදී සිටිනා බවක් පෙනෙන්නට ඇත. එමනිසා අවු වැසි මධ්‍යයේ නුවර සිට කොලබට පැමිණි බික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පිළිතුර ලේකම්වරයාගෙන් නොලැබුනත් උපවාසය අවසන් වනතෙක් ගිලන්පස ලබාදීමට ජනාදිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට හැකියාව ඇත
නඩුවක් විභාග වෙන තැනට ඇවිල්ල විනිසුරුට බැනපු එකාට ඇයි ඝනයනි සමාව දෙන්නේ. බුද්ධ කාලයේදී රහත් වෙන්න හිටපු පින තිබ්බ භික්ෂුවක් මරණ දඬුවමට නියම කලාම, බුදු හාමුදුරුවෝ සංඝයා සමග පෙළපාලි ගියේ නෑ. උන්වහන්සේට රහත් ඵලය පූර්ණ කරගන්න උපදෙස් දුන්න විතරයි. ඔබලා බුදුන්ටත් උඩින්ද?
"සිවුරට යුක්තිය -නිදහසෙ පාද යාත්‍රාව", ගලගොඩ අත්තේ ඥානසාර ගෙ සිවුරට පමණක් සීමා කිරීමද මෙතැන තියෙන "යුක්තිය" ??? ඒ චීවරධාරියා අධිකරණය තුළ පිස්සු කෙලිය බව මෙම පෙළපාලිය සංවිධානය කල සමහර ගිහි - පැවිදි, ගොබ්බයන්ට නොතෙරෙන තරමටම උන් ගේ ඔළු ගෙඩි ඇතුළෙ හුඹස් මැටි පිරී ඉතිරී තිබෙනවාද ??? ශ්‍රී ලංකාවේ සිරමැදිරිවල විවිධ අපරාධ චෝදනා වෙනුවෙන් දඩුවම් විදින අනෙකුත් චීවරධාරින්ට වඩා ගල් -ගොඩ ඇත්ත ගෙ සුවිශේෂත්වය වන්නේ, ලොක්කාට "ප්‍රංශයෙ සුදු අක්කෙක්" සහ දියණියක් සිටිනවා කියන පුවත විතරයිද ???
බුදුන් වහන්සේ වැඩිය පාරේ යමින් ධර්මප්‍රචාරයේ යෙදෙන සුපින්වත් මහා සංඝ රත්නය .
මුන්ට කහ රෙද්ද ලයිසන් එකක් , ගැනු දුෂනය කරන්න, පවුල් කන්න, අරක්කු බොන්න, මුන් සංඝ රත්නය නෙමෙයි , මුන් පව් කාරයො ගහල එලවන්න
එක්කෙනෙක් ලියල තිබුන මුන්ට ගිලන් පස දෙන්න කියල , මුන් ඉල්ලයි අරක්කු , මේ ගරුතර සංඝය වහනසේල නෙමෙයි