
(යොහාන් භාසුර)
සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (16) පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා එසේ පැවසීය.
පාගමනින් වැඩිය ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම ඇත්තවශයෙන්ම ඉෂ්ඨ කිරීමට නොහැකි බවත් ඒක ඉෂ්ඨ කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා බවට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ඉල්ලීම ඉෂ්ඨ කිරීමට නොහැකි ඉල්ලීමක් යැයි අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගතයුතු බව ද ඔහු කීය.
පසුගිය පාලන කාලය මෙන් නොව වර්තමානයේ නීතියේ අධිපත්‍ය තහවුරු කර ඇති බැවින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ජන වරමට පිටුපාමින් කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කනුයේ තමන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති ජනවරමට අනුව බවත් ඒ මහතා කීය.
අදාළ ඉල්ලීම ඉටුකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනවරමට පිටුපෑ බවට සැළකීමට සිදුවනු ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා ආණ්ඩුවට ලැබුණු ජනවරම මත පදනම්ව පමණක් තීරණ ගන්නා බව බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් අපේ හාමුදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව එය ප්‍රකාශ කරන බවත් නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන නිසා ඒ දිසාවට රට හරවලා තියෙන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕන කලින් වගේ වැඩකරන උන්. උඹලා එපා.
මේ විදිහට ඉදිරියටත් “කොන්ද පණ තියෙන” ශ්‍රී ලාංකිකයන් හැටියට, නිවට නියාලු නොවී වැඩ කරන්න ඔබතුමාටත් ආණ්ඩුවටත් ශක්තිය ධෛර්යය ලැබේවා…!!!
නියමයි සහෝ …..! ඔය පා ගමනෙ ආවෙ භික්ෂු සංඝයා නෙවෙයි, කහ ඇදගත් තට්ටයෝ ටිකක් විතරයි.
සම්පූර්ණ ඇත්ත කෙළින් අදහස් ප්‍රකාශ කරන, ඇත්ත කතා කරන ඔබට අපේ ප්‍රණාමය.
ඉතා හොඳයි! මෙම පාගමනට පෙර රජය මේ පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගත්තා නම් හොඳයි කියා මම සිතනවා. 'Gen Z' (නව පරපුර) තුළ තමන් කෙරෙහි ද්වේෂයක් ඇති නොවන පරිදි, භික්ෂූන් වහන්සේලා ඉතා නුවණින් යුතුව කටයුතු කළ යුතුයි.
මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පවා අනවශ්‍යය. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන විය යුතු අතර, නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.
හැම ආගමකටම අයත් පූජ්‍ය පක්ෂයේ ගෞරවය ඔවුන්ගෙන් සුළු පිරිසක් විසින්ම කෙලසා දැමීමට කටයුතු කිරීම සියලුම ආගම්වලට අයත් භක්තිකයන්ගේ බලවත් කනගාටුවට සහ කලකිරීමට හේතු වී ඇත.
නීතිය ඉදිරිපිට කවුරුත් එක සමානය
කසිප්පුවෙක් ගිය උඩ.