
(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු දෙදෙනා එම ප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහා රුපියල් කෝටිතුනකට අධික මුදලක් වැය කර ඇතැයිද තොරතුරු හෙළි වී තිබෙන බවද ඒ මහතා කීය.
වීරසේකර මහතා මේ අදහස් පළ කළේ පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලයේ අද (18 ) විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආපු ගමන්ම.. හැමෝටම හමුදා පුහුණුව දුන්නා. සැකකරුවන්ව ප්‍රසිද්ධියේ පින්තූර දැම්මා, බුර්කා තහනම් කළා... දැන් අලුත්ම එක...
අනේ වීරසේකර නිකං පච වෙන්න එපා..ඊට ඉස්සෙල්ලා අර වන්ධ්‍යා සැත්කම් 7000ක් කළ දොස්තර සාෆිට මොකද කළේ කියන්න අපේ දෙයියෝ...? ඔයා කරන විහිළු දැකලා අපට එපාවෙලා...
සීනි බදු වංචාවෙන් රටම දැක්කා විලි වහගන්න මුලින් ම පාපිස්සක් දැම්මා. දෙවැනියට බුර්කාව දැම්මා. තුන්වෙනියට අහිංසක ගැහැණු ළමයෙක් පස්සේ පැන්නුවා. දැන් අනුරව අල්ලගන්න හදනවා. අයියෝ සර් අපි හිතුවේ නෑ ඔයා ඔය තරම් දෙකේ කොළේට වැටෙයි කියලා. මොනවා කළත් කවුද මන්දා ෆේල් කියන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.
බුර්කා ගලවලා ඉවරද? ලොක්කා බංග්ලාදේශයට ගිහින් ආවට පස්සේ ඒවත් අර භූමදානය තහනම් කළා වගේ ඉබේම සල්ලං වෙයි ඔන්න.
මෙයයි, නන්දසේනයි නියමෙට ගැලපෙනවා. තව කෙනෙක් එකතු කර ගත්තා නම් පරණ විනෝද සමය පරද්දන්නත් තිබුණා.
කතාව දෝලාවෙන්.. ගමන පයින්...
අප ජේවීපී එකේ හොඳ, නරක පෙන්වා දී තිබෙනවා. ඒත්, මේ වීරසේකර උන්නැහේගේ වැඩ හා වචන ගැන ඒ තරම් විශ්වාසයක් තියන්නට නම් බැහැ. අනුර කුමාරලා හොර මැර වංචා එළිකරන නිසා ඔවුන්ගේ කටවල් වැහීමත් මේ වැඩේ තවත් ඉලක්කයක්ද දන්නෙත් නැහැ. හැබැයි පුතෝ.. බලය අයුතු ලෙස යොදවා විරුද්ධකාරයන් මෙල්ල නොකොට සැබෑ වැරදිකරුවන්ට පමණක් දඬුවම් දෙන්න හිතුවොත් තමයි හොඳ... නැතිනම් අර අශ්වයාට අං ආවා වගේ හැමෝටම අනින්න ලෑස්ති වුණොත්, වැඩේ සෙල්ලං වෙන්නේ නැහැ. අනුන්ට අටවන උගුල් තමන්ටම එනවා.
මේවා පදනම් විරහිතයි. ජනතාව මුලා කරන කතානේ. එහෙම නම් කරුණා මහින්දගේ යුගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වුණා. එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමති වුණා. හිටපු ජනාධිපති මහින්දගේ උපදේශක වුණා. පිල්ලෙයාන් මහ ඇමති වුණා. දැන් පොහොට්ටුවේ ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්නේ ටිරාන් අලස්ම කිව්වානේ.. 2005දී උතුරේ ඡන්ද වර්ජනයට කොටින්ට මුදල් දෙන්න ඔහු සම්බන්ධීකරණය කළයි කියලා. එතකොට මේවා හරිද?
මෙයා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මනාප වලින් වැඩිම.. එහෙනම් තේරෙනවනේ අපේ රටේ තත්වේ..
අතටම ජවිපය ෆිනෑන්ස් කරන්නේ කවුද කියන එක ලොකු රහසක්. මේවා කවදා හෝ සියලු දෙනා දැනගත යුතුයි.
අනුර කුමාරගෙන් ප්‍රශ්න අහන්න කළින් සහරාන්ට පඩිදීපු නඩ සංගම් කට උත්තර ගත්තා නම් හරි.
මේ මනුස්සයාව වහාම අංගොඩ යවන්න..
මේ ගොයියාගෙන් ප්‍රශ්න කළයුතුමයි. මෙයා තමයි ශ්‍රී ලාංකික කියලා 75%ක් සිංහල ජනතාව.. 20%ක් සිටින සුළු ජාතිකයින් සමග සමකරන්න හදන්නේ. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ රට මුස්ලිම් වුණාමත් මේ ගොල්ලන්ට JVP කරන්න හම්බවේවි කියලා.
ඉස්සර උපමාව - වඳුරට දැළි පිහිය අහු වුණා වාගෙයි. අලුත් එක - සරත් වීරසේකරට ආරක්ෂක ඇමතිකම ලැබුණා වගේ...
මෙයා දැන් ඉන්නේ නිරුවතින්... මොකද ෆොන්සේකා මහත්තයා මෙයාගේ රෙදි ඔක්කෝම ගලවලා...
ඉල්ලන් කන මෝඩ කතා. බලයට ආපු දා ඉඳලා නානවා. අනුර සමග වන කටඋත්තර මාධ්‍යයට විවෘත කළ යුතුයි. එතකොට අපිට සහරාන්ට පඩි නඩි දීපු තැන ඉඳලා සියලුම කතා දැනගන්න පුළුවන්...
මේ මනුස්සයාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නල බේත් අරන් දුන්නා නම් හොඳයි. මහජනයාගෙන් යැපෙන අන්දරේලා ඕනෑවටත් වඩා ඉන්නවා. දැන් ඇති...
මේ ඊබ්‍රාහිම්ට මහින්ද 2015ට පෙර මොනවා හරි සම්මානයක් දුන්නා නේද? එතකොට මහින්දගෙනුත් කටඋත්තර ගන්නවාද?
මෙයා තමයි ඉල්ලන් කන ඇමැති...
අනේ පව්, අපරාදේ... ඔයා ඉල්ලගෙනම කන්නයි හදන්නේ...!!!
මෙයා ජාතික වීරයෙක් ලෙස සලකගෙන ඉහළ ඡන්ද ප්‍රමාණයකින් ඇමැති කෙනෙක් කළා. ඒත් දැන් මෙයා නිකන්ම ජෝකර් කෙනෙක් වෙලා කඩේ යනවා තමන්ගේ ඉදිරිය ගැන හිතලා...
මොන කොමිසම් දැම්මත් කාගෙන් ප්‍රශ්නකලත් මොන පක්ෂය වුණත් ඔය කවුරුවත් දඬුවම් විඳින්නේ නැත. නිදොස් වී නිදහස් වෙනවා සත්තයි.
ආදාහනයද? භූමදානයද? තාම තෝරගෙන නෑ නේද?
ගෝඨාභයගෙනුත් ප්‍රශ්නයක්...!!!
විරුද්ධවාදීන් ඔක්කොමලා හිරකරලා, විපක්ෂය නිශ්ශබ්ද කරලා සිංගප්පූරුවේ ලේක්වාන් යූ වගේ ලංකාව සිංගප්පූරුවක් කරන්නද හදන්නේ? එහෙම නැතිනම් උගන්ඩාවේ ඉඩි අමීන් කළා වගේ ලංකාව උගන්ඩාවක් කරන්නද හදන්නේ..?
දේශපාලන විරුද්ධකම් නෙවෙයි... මෙම අපරාධයට මුල්වුණු අය නේද නීතියේ රැහැනට ගෙනආ යුත්තේ?
කතාකරන තෙක් මෝඩයා පණ්ඩිතයෙක්ලු...
සරත් ෆොන්සේකා මේ වගේ සෙට් එකක් එක්ක යුද්දේ කොහොම කලාද කියලා හිතාගන්නත් අමාරුයි.
හමුදාවලටත් ලැජ්ජයි.
කරුණා අම්මාන්ට පිල්ලෙයාන්ට පක්ෂයේ තනතුරු දුන්න හැටිත් හොයන්න වෙයි
සරා ගොයියා මරු මිනිහා . තුවක්කුවක් කරේ තියා අවි පුහුණුව දෙන්න ගියා
යුදබිමේ විහිලුකාරයා..