ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකයකු ලෙස කටයුතු කළ නොහැකියැයි ද, අලුතින් පිහිටැවූ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය ගැන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාව මගින් තීන්දුවක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපංදිචි කිරීම සම්බන්ධයෙන් අද (3) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘ජී ඇල් ගැන තීන්දුව ශ්‍රීලනිප මහ ලේකම්ගෙන්‘
සත්‍යයා Friday, 04 November 2016 01:55 AM
කොහොමත් ඉතින් මල පිපෙන්නේ (ජනතාවට මළ පනින්නේ) පස්සේ හින්දා පොහොට්ටුවක් අතට ගත්තාට කමක් නැහැ. දේශපාලනය ටිකක් ඉගෙනගන්නා තුරු. (නි)
කුසුම් Friday, 04 November 2016 12:59 PM
මොන වුණත් අලුත් පස්ෂයක් හදපු එක නම් හොදයි. බටකොළ ආච්චිගේ පාටිය නැතුව.(අ)
පෙරේරා Friday, 04 November 2016 02:57 AM
මේ මනුස්සය ගැන මොන තීරණ ගන්නද ? මොන පක්ෂේ හිටියත් වැඩක් තියනවද. (අ)
තිලක් Friday, 04 November 2016 04:54 AM
මෙතුමාගේ නායකත්වයෙන් පක්ෂයක් හදල දිනන්න පුලුවන්ද (ම)
සරත් Friday, 04 November 2016 06:39 AM
මෛත්‍රි මහතා හංසයාගෙන් තරඟ කරන්න ගිය වෙලාවේ එයාව එලවන්න බැරිවුනා නම් ජී එල් පීරිස්ව එලවන පුලුවන්ද? මන් අහන්නේ තරහ අරන් කෑගහන්න දෙයක් නෙවෙයි තර්කානුකුල දෙයක් ගැන. (අ)
දිනේෂා Friday, 04 November 2016 07:42 AM
මොතුමාගේ එක පක්ෂයක සාමාජිකත්වය අහෝසි විය යුතුයි ..(ම)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 03 November 2016 06:01 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා නිසානේ මේ රොත්ත බුරුත්ත අලුත් පක්ෂයක් හදාගත්තේ. ඒ ගැන කතා කරමින් කාලය නාස්ති කරනවා වෙනුවට, පැනගියපු අය පන්නාම දමන්න, පක්ෂ නීතිරීති කඩා දමපු නිසා (නි)
හරිශ්චන්ද්‍ර Thursday, 03 November 2016 07:47 PM
ජී ඇල්ට මොනවා වෙලාද කියලා හිතාගන්න බැහැ (නි)
ද සිල්වා බර්ලින් Thursday, 03 November 2016 08:27 PM
ඔන්න බොරු නම් බලන්න. ජි.එල්. අලුත් පක්ෂයේ නායකයා වෙලා එ්කෙන් දේශපාලනය කරන ගමන් ශ්‍රීලනිප යෙත් ඉඳීවි. මේ ගැන ශ්‍රීලනිප කිසිම පියවරක් ගන්න එකක් නැහැ. ඔහුව අනුකරණය කරමින් තව රොත්තක්ම එම වැඩයම කරාවි. හරියට මේකත් අර ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය වගේ වේවි (නි)
පිටබැද්දර ජයා Thursday, 03 November 2016 09:59 PM
මම නම් ඔහුට අනුකම්පා කරමි (නි)
අරවින්ද Thursday, 03 November 2016 10:33 PM
මේ අය බියක් නැතුව පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. (නි)
නන්ද Thursday, 03 November 2016 10:35 PM
අපේ මහාචාර්යතුමා නීතිය පිළිබඳ විශාරදයෙක්. එහෙත් පක්ෂයක තිබෙන ව්‍යවස්ථා පිළිබඳව හිතන්න තරම් ප්‍රායෝගික දැනුමක් එතුමාට තිබේද? (නි)
රාධා Thursday, 03 November 2016 10:56 PM
මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ නේද දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණත්? (නි)
රන්ජිත් Friday, 04 November 2016 12:21 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඉතින් වැඩක් නැහැනේ (නි)