IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ජූඩ් සමන්තට සමාව දෙන්නැයි හිමිවරු-රදගුරු ජනපති අයැදලා

රංජන් කටුගම්පොළ

රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බද්දේගගම සමිත හිමි සහ සරත් කොස්ගහගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ, ජූඩ් ශ්‍රාමන්තට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ජූඩ් ශ්‍රාමන්තට සමාව දීම සඳහා දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තා කැඳවිය යුතු වුවත්, එසේ කර නොමැති බවත්ය.

මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා එකමුතුව සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

කාන්තා එකමුතුව සංවිධානය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම ඊයේ අධිකරණයට හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, මේ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර ලේකම් පාර්තිකන් මහතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට යොමු කරන බවත්, එම ලිපියේ සඳහන් කරුණු අනුව ජූඩ් ශ්‍රාමන්ත ජයමහට සමාව දෙන ලෙස ඉල්ලා වාචිකව ඉල්ලීම් කළ පිරිසගේ නම් සඳහන් කර ඇති බවත්ය.

ඔවුන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මව වන එස්.එම්. ජයමහ මහත්මිය අතුරලියේ රතන හිමි, බලංගොඩ බුද්ධඝෝස හිමි, කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ, බද්දේගම සමිත හිමි, මහේෂ් මඩවල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ සහ නාලනී මහතුංග නමැත්තන් බවත්ය.

තව ද, ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා පත් කිරීමට නියෝග කළ කමිටු වාර්තාවේ වෙනත් කිසිදු සටහනක් කර නොමැති බවත්, ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නීතිපති උපදෙස් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙම ක්‍රියාදාමය අනුව පෙනී යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමග හැර ඇති බව ද?

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- යම් පමණකට නොමග යවා ඇති බවයි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කර නැහැ.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙහිදී දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව කැඳවිය යුතුයි. එසේ කර නැහැ.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- ඒ කිසිදු පටිපාටියක් අනුගමනය කර නැහැ.



අදහස් (23)

ජූඩ් සමන්තට සමාව දෙන්නැයි හිමිවරු-රදගුරු ජනපති අයැදලා

Prabha Monday, 12 June 2023 09:54 PM

අතන මෙතන ඔතන ඉඳලා හොඳ ගානක් කපා ගත්තා කියන්නේ නිවන් යනකොට ගෙනියන්න

:       0       43

Sethuhami Tuesday, 13 June 2023 12:01 AM

රතන ,සමිතයා නෙමෙයි මොකා කිවුවත් රටේ නීතියට ගරු කරන ජනපති දැනගන්න ඕන පාස්කු කැළල දැන් එක එකාට ඇඟිල්ල දික් කලාට වැඩක් නැහැ

:       1       46

kamal Tuesday, 13 June 2023 12:47 AM

ඔන්න සිරෝ දෙකෙන් එකක්

:       0       30

Bamunuarachchi Tuesday, 13 June 2023 01:17 AM

ආදරය මුල් කරගෙන මිනී මරපු පලවෙනි අවස්ථාව මේක නොවෙයි. ආදරෙයනිසා රජකම අත්හරින්න ලෝකේ ආදරය වෛරයකට පෙරලීමත් සිද්වෙනවා. ඒ නිසා මේ මිනී මරුම ගැන කොහොම වෙතත් සමාව දීම ගැන මගේ විරුද්දතත්වයක් නැත.

:       52       6

City Tuesday, 13 June 2023 11:09 AM

ඔබේ දුවට මෙවැන්නක් සිදු වී මිනීමරුවාට සමාව ලැබුණොත් ඔබට කෙසේ දැනේවිද?

:       0       41

Bamunuarachchi Wednesday, 14 June 2023 02:43 AM

මගේ දුවට මෙහෙම වුණොත් සමාවදීම ගැන මම හිතන්නේ පක්ෂග්‍රාහීව. තම දුව සම්බන්ධ නම් නඩුකාරයෙක් වුණත් මේ නඩුව අසන්නේ නැත. මගේ දුවෙක් නොවන නිසයි නිදහස්ව මගේ අදහස පලකළේ...!

:       0       1

Prabha Tuesday, 13 June 2023 11:15 AM

ඔන්න උඹ කිවුව

:       0       14

Galkotuwe Gedara Suneth Hemantha KumaraTuesday, 13 June 2023 02:15 PM

මේක ආදරයක් නොවෙයි, මේක කාමය.... තක්කඩි

:       0       9

මරිසිපාල Tuesday, 13 June 2023 05:24 AM

මෙහෙම හිතවතුන් කියන කියන ආකාරයට අධිකරණය ලබාදුන් තීන්දු අහෝසි කරන්න පුළුවන් නම් රටේ සාමය රකින්නෙ කොහොමද

:       0       30

ravin Tuesday, 13 June 2023 05:36 AM

මන් ඒක දැනගත්තෙත් පත්තරෙන්.නොමග ගිහිල්ලා නොවේ හිටන් ගේ උද්දච්චකම

:       0       22

Amila Tuesday, 13 June 2023 05:47 AM

කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ කියන්නේ කවුද....??? එහෙම කෙනෙක් නෑ දන්න විදිහට... අනික නීතියෙන් වරදකරැවන්ට දඩුවම් අනිවාර්යයෙන්ම හිමිවිය යුතුවන අතර පුවත් පලකිරීමේදි නූගත් විදිහට පුවත් පලකරන්නත් එපා... කතෝලික සභාවට එහෙම රදගුරුතුමෙක් නැති අතර...මේ සම්පුර්ණ නොමග යැවීමක්...

:       3       28

Sam Tuesday, 13 June 2023 06:26 AM

කෝ මේ තට්ට ගේදියගෙන් බුද්ධාගමට වෙන හානිය ගැන කතා කරන්න ඒක බයියෙක් නෑනේ? තොපිට $$ ඒවන ඒවුන් ඔලුව අත ගාලා බලන්න ඕන.

:       1       21

පැරකුම් Tuesday, 13 June 2023 06:55 AM

මේ සියල්ල සිදු වූවේ මුදලට බව ප්‍රසිද්ධ රහසකි. ජූඩ් සමන්ත දැන් රටින් පැනල ඇති.

:       0       25

Sunil Tuesday, 13 June 2023 07:51 AM

මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේත් නීතිය වල් වැදී තිබුනේ

:       0       26

Kahamaliya Tuesday, 13 June 2023 08:50 AM

ඊළඟ චන්දෙදිවත් මෙන්න මේ රතන උන්නාන්සේ වත් පන්සලේ නතර කරන්න හැකිවේවා !

:       0       36

Samitha Tuesday, 13 June 2023 11:38 AM

රදගුරු කෙනෙක් නම් ඒක වැරද්දක් නොවෙයි. හාමුදුරු කෙනෙක් නම් වැරදියි.

:       2       4

Rata Perata Tuesday, 13 June 2023 11:45 AM

එතකොට ගෝට දුමින්දව නිදහස් කරනකොට හරියට කලාද කියලත් බලන්න.

:       0       9

Samitha S. Aluthgamage Tuesday, 13 June 2023 12:39 PM

අතන මෙතන කොතන මාතර මොටාගෙදර පැත්තේ පංසලක සිටියා කියා ආරංචි තියෙනවා.බුද්ධාගමෙන් ගොඩ යන්න බැරි නිසා දේශපාලනයට කරණම් ගැසූ බව තමයි කියැවෙන්නේ.අනිත් කෙනා දැන් අවීචි මහා නරකයෙහි ඇති කියලා හිතෙනවා.ගාල්ල මාගෙදර පැත්තේ දාන ගෙදරක ආ වෙලේ කිට්ටුව ගෙදරක රෝස් කුකුළෙකු සහ අරක්කු බෝතලයක් සමගින් දාන මේසය තිබුණාලු.ග්‍රාම සේවක ජනාධිපති උපදෙස් ගත්තේ මේ වගේ අයගෙන්.සල්ලි හම්බ කළේ නැතිලූ.ඒ උනාට මල්ලිගෙ අතේ තිබිලා නැතිවුණ මුද්ද විතරක් කෝටියක් වෙනවා.කුඹුරු කොටාගෙන ජීවත් වූ මේ සාමාන්‍ය මිනිසුන් මේ තරම් ධනවතුන් වුණේ කොහොමද ?

:       0       15

Janitha Tuesday, 13 June 2023 01:54 PM

රටේ ආරතිකය, නීතිය ආරක්ශාව මෙ සියල්ලම වලපල්ලට ඇරියෙ යහපාලන කාලෙ.

:       4       1

ජයශ්‍රී Tuesday, 13 June 2023 02:55 PM

ආප්ප කාලා පක්ෂෙ අත ඇරලා ගිහින් පොදු අපේක්ෂකයා වෙලා කරගත්ත දෙයක්, දැන් කෝටි ගානක් ගෙවපන්කො.

:       0       4

ගමේ එකාලා Tuesday, 13 June 2023 03:13 PM

රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ කාලේ..සුදු වෑන්` ගාතන අතුරුදහන් කරවපු උන් පවා නිදහසේ සුවසේ ඉන්නවා .අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනු කාලේ කරපුවා අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.

:       3       3

Kumara Tuesday, 13 June 2023 05:17 PM

සෙරා මුකුත් දන්නේ නෑ .ඌ තොත්ත බබා

:       0       0

thushara Tuesday, 13 June 2023 07:07 PM

මරණ දඬුවම දුන්න එකෙකුටවත් ආපහු මොනම සමාවක්වත් දෙන්න හොඳ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 0 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 16 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 88 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 203 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 499 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 215 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1946 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1712 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site