IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

(තිළිණි ද සිල්වා)
 
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරයට සහභාගි වෙමින් එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් පහේ කණ්ඩායම පසුගිය 30 වැනිදා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
 
මාර්තු මාසයේ සිට කොවිඞ් 19 වසංගතය පාලනය නිසා කලාපයේ සාමාන්‍ය අගයට වඩා අඩු මට්ටමකින් කළමනාකරණය කළද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළ ආකාරයට වසංගතය මැඬපැවැත්වීම සඳහා මානව හිමිකම් කඩවන අසාමාන්‍ය  ක්‍රියාමාර්ග නොගත යුතු යැයිද මෙම රටවල් පහේ කණ්ඩායම මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සිය ඒකාබද්ධ පකාශයේ සඳහන් කර ඇත.
 
සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම,  යුද සමයේ මනාව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ නිලධාරීන්ට උසස් වීම් ලබාදීම පිළිබඳවද මෙම රටවල් පහේ කණ්ඩායම ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ඇති බවද එම ජිනීවා තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
එසේම නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති නමුත් මෙතෙක් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නොමැති බවද රටේ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරිකරණයට ලක්කරමින් සිටින බවද එම රටවල් පහේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩිදුරටත් චෝදනා එල්ල කර තිබේ.



අදහස් (6)

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා

ravi Thursday, 02 July 2020 01:25 PM

සතපහකට ගනන්ගන්න එපා...

:       27       225

Dilan Thursday, 02 July 2020 02:01 PM

පාස්කු ප්‍රහාරයෙන් කාගෙවත් මානව හිමිකම් කඩවුනේ නැද්ද?

:       0       116

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 02:01 PM

හරි, අපට හරි හෝ වැරදි මේ චෝදනා එල්ලකරා කියමුකො ... ඒත්, මේ අයට කරුණා අම්මාන් මරුවායයි කියූ 2000 ත් 3000 ත් ගැන කොටින්ට කිසිම චෝදනාවක් නැහැනේ. ඒවා පේන්නේ නැද්ද ? ඒ ගැන මුනිවත රකින්නේ ඇයි ? සහරාන් බෝම්බ ගසා කළ විනාශය ගැන කිසිදු ගානක් නැහැ.

:       0       226

de silva berlin Thursday, 02 July 2020 02:02 PM

ඊළඟට වැටෙන මානව හිමිකම් චෝදනාව මේවාට වැඩිය බරපතල එකකි. මැදපෙරදිග සේවය කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයට ඔවුන්ට රටේ දොර මාස 3කට වැඩි කාලයක් වසාදැමීම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කඩවෙලා. මොවුන්ගෙන් වැඩිහරියක් රුපියල් 17500ක් ගෙවලා රජය මගින් රක්ෂණය වෙලා ගිය පුද්ගලයින්... ඔවුන් ජාත්‍යන්තර අධිකරණවල රජයට විරුද්ධව නඩු දැම්මොත් රජයට විශාල වන්දියක් මොවුන්ට ගෙවන්න වෙනවා. GSP වගේ සහන අනිවාර්යයෙන්ම කැපෙනවා.

:       259       75

Perera Thursday, 02 July 2020 06:00 PM

රට වෙනුවෙන් විදුලි පුටුවට වුණත් යන්න ලෑස්තියි කියලා අපේ අගමැතිතුමා, ජනපතිව සිටි සමයේ කියලා තියෙනවනේ.. ඒ නිසා බයක් නැහැ.

:       0       172

Wasantha Thursday, 02 July 2020 09:05 PM

ඕකෙන් අයින් වෙන්න තියෙන්නේ... ඇමෙරිකාව තමයි ලොකුම රට මානව හිමිකම් කඩන...

:       0       98

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 725 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 883 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site