
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩ මුළුවට සහභාගි වෙමින් සිටි නිහාල් අබේසිංහ මහතා රැගෙන ඒමට ඔහුගේ රියදුරා මෝටරි රියපාර්ලිමේන්තුවට රැගෙන එමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
වාහනය ජල පොකුණට වැටි මැදටම පෙරළි ගොස් ඇතැයි වාර්තාවේ.
අනතුරින් රියදුරාට කිසිදු හානියක් වී නැති අතර පාර්ලිමේන්තු සේවකයන් විසින් ඔහු ආරක්ෂිතව ගොඩට ගෙන එනු ලැබ ඇත. වැහි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාමෙන් මෝටර් රිය මෙසේ ජල පොකුණට වැටෙන්නට ඇතැයි සැක කෙරේ. ජල පොකුණට වැටුණු මෝටරිය ගොඩට ගැනීමට පාර්ලිමේන්තු සේවකයෝ ඊයේ රාත්‍රිය වන විටත් උත්සාහ දරමින් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වැටුනු මෝටර් රථය ගොඩගන්න පාර්ලිමේන්තු සේවකයෝ ඊයේ ඉඳන් උත්සාහ කරේ කොහොමද?
ඒකනේ බොලව්, මම කිව්වේ පලපුරුදු අය ටිකක් ඔතැන්ට යවන්න කියලා. අපේ හොරු සෙට් එකට නම් මහ කලුවරේ ඇස් පියාගෙන වුණත් ඩ්‍රයිවින් පුළුවන්. කෝ ඇහුවයෑ..!
ඩ්‍රයිවර් සහෝදරයා මත්වෙලා හිටියාද කියලා බැලුවේ නැද්ද?
මෙයාලා කාර් එපා කිව්ව නේද..
මෙළහකටත් විපක්ෂයේ අය කතාවක් හදලා ඇති...
අමුඩෙ ගහලා ගොන් කරත්තේ... එක්කෝ ඕනැ නැහැ.
දැන් විරුද්ධ පක්ශෙන් කියයි මන්ත්‍රීලා විතරක් නෙමෙයි රියදුරොත් එල් බෝඩ් කාරයෝ කියලා...
බොරු කියලා බලය ගත්තු ඔය ඔක්කෝටම නිවන් සුව ලැබේවා...!!!
වහිනකොට පාර පෙනෙන්නේ නැත්නම් වහනය හෙමින් පදවන්න ඕනේ එහෙම නැතිනම් ආරක්ෂා සහිත තැනක නවත්වගන්න ඕනේ , පාරේ මනුස්සයෙක් හිටියනම් මොකද වෙන්නේ ?
ආරක්ෂක ලේකම්.., වැඩ බාරගත් දවසේම උදේ පාන්දර එයාගේ ඩිෆෙන්ඩරයත් ඔය විදිහටම වතුරට වැටුණා. ඒ ප්‍රවෘත්තිය නම් බලධාරියකු විසින් කපා හැරියාවත්ද?