IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.

නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩ මුළුවට සහභාගි වෙමින් සිටි නිහාල් අබේසිංහ මහතා රැගෙන ඒමට ඔහුගේ රියදුරා මෝටරි රියපාර්ලිමේන්තුවට රැගෙන එමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

වාහනය ජල පොකුණට වැටි මැදටම පෙරළි ගොස් ඇතැයි වාර්තාවේ.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් වී නැති අතර පාර්ලිමේන්තු සේවකයන් විසින් ඔහු ආරක්ෂිතව ගොඩට ගෙන එනු ලැබ ඇත. වැහි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාමෙන් මෝටර් රිය මෙසේ ජල පොකුණට වැටෙන්නට ඇතැයි සැක කෙරේ. ජල පොකුණට වැටුණු මෝටරිය ගොඩට ගැනීමට පාර්ලිමේන්තු සේවකයෝ ඊයේ රාත්‍රිය වන විටත් උත්සාහ දරමින් සිටියහ.

 



අදහස් (10)

ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ

ධනා Tuesday, 26 November 2024 07:47 PM

අද වැටුනු මෝටර් රථය ගොඩගන්න පාර්ලිමේන්තු සේවකයෝ ඊයේ ඉඳන් උත්සාහ කරේ කොහොමද?

:       2       5

සනිල් සීයා Tuesday, 26 November 2024 07:59 PM

ඒකනේ බොලව්, මම කිව්වේ පලපුරුදු අය ටිකක් ඔතැන්ට යවන්න කියලා. අපේ හොරු සෙට් එකට නම් මහ කලුවරේ ඇස් පියාගෙන වුණත් ඩ්‍රයිවින් පුළුවන්. කෝ ඇහුවයෑ..!

:       3       9

යෝගා Tuesday, 26 November 2024 08:01 PM

ඩ්‍රයිවර් සහෝදරයා මත්වෙලා හිටියාද කියලා බැලුවේ නැද්ද?

:       0       5

Hamu Tuesday, 26 November 2024 08:01 PM

මෙයාලා කාර් එපා කිව්ව නේද..

:       3       5

විපරමා Tuesday, 26 November 2024 08:55 PM

මෙළහකටත් විපක්ෂයේ අය කතාවක් හදලා ඇති...

:       3       4

Janitha Tuesday, 26 November 2024 11:04 PM

අමුඩෙ ගහලා ගොන් කරත්තේ... එක්කෝ ඕනැ නැහැ.

:       1       3

chndima Wednesday, 27 November 2024 12:21 AM

දැන් විරුද්ධ පක්ශෙන් කියයි මන්ත්‍රීලා විතරක් නෙමෙයි රියදුරොත් එල් බෝඩ් කාරයෝ කියලා...

:       1       6

මිලානෝ සුමිත් Wednesday, 27 November 2024 01:38 AM

බොරු කියලා බලය ගත්තු ඔය ඔක්කෝටම නිවන් සුව ලැබේවා...!!!

:       6       4

de silva Wednesday, 27 November 2024 09:19 AM

වහිනකොට පාර පෙනෙන්නේ නැත්නම් වහනය හෙමින් පදවන්න ඕනේ එහෙම නැතිනම් ආරක්ෂා සහිත තැනක නවත්වගන්න ඕනේ , පාරේ මනුස්සයෙක් හිටියනම් මොකද වෙන්නේ ?

:       1       9

pj Friday, 29 November 2024 04:44 AM

ආරක්ෂක ලේකම්.., වැඩ බාරගත් දවසේම උදේ පාන්දර එයාගේ ඩිෆෙන්ඩරයත් ඔය විදිහටම වතුරට වැටුණා. ඒ ප්‍රවෘත්තිය නම් බලධාරියකු විසින් කපා හැරියාවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site