IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ජල පිරිපහදුවට ගෙනා දෙයක් ගැන ආන්දෝලන ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ " ලයිම්" වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද (6)පැවසීය.

එම ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබෙන්නේ යැයි ද පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බව ද කීය.

ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව කී මන්ත්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බව සඳහන් කළේය.

ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව කී ඩී.වී චානක මහතා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න කළේය.

එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවසූයේ ලයිම් වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතල එකක් බවයි.

"ජලය පිරිසිදු කරන්නට භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙමෙයි.ලයිම් වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්.හුණු ගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල් පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තිබෙනවා.සාමාන්‍ය ආකාරයට උඳුන් වල මේ හුණුගල් පුළුස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත්වෙනවා.

කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කරන්නට භාවිත කරනවා.මේ හුණු ගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැරලෝහ අන්තර්ගත වන්නේ නැහැ.ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ.

හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මීට බැර ලෝහ එකතු වන්නට ඉඩ තිබෙනවා.එමෙන්ම ලයිම් වල බැරලෝහ චෙක් කිරීමක්ද සිදු කෙරෙන්නේ නැහැ.අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද?නැද්ද? කියා මා දන්නේ නැහැ.ලයිම් කියන්නේ අප බුලත් විට වලට කන හුණු.මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදියක් නෑ.හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳු වලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ.ලයිම් වලට බැරලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතල තත්ත්වයක්.ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි.සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වන්නේ නැතැයි මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (7)

ජල පිරිපහදුවට ගෙනා දෙයක් ගැන ආන්දෝලන ප්‍රකාශයක්

ana Thursday, 06 February 2025 10:02 PM

අපොයි හුණු ගල් අපේ රටේ නැද්ද?

:       1       77

රසික Friday, 07 February 2025 12:06 AM

ඔන්න ඇමතිලගෙ තරම. විපක්ශයෙන් කියනකම් දන්නෙ නැහැ. හරි බබාලා. හරියටම දන්නෙ හොරට උපාධි දාන්න විතරයි. කෝ තවම ආවෙ නැද්ද ජපානෙන් සහතිකේ?

:       4       59

ravin Friday, 07 February 2025 04:54 AM

නැහැ, මේ වගේ කථිකයන් දෙදෙනාගේම විෂය පිළිබඳ දැනුම සහ එක් එක් අයගේ උගත්කම පිළිබඳ අධ්‍යයනය කිරීම නරක දෙයක් නොවේ. විවිධ මතයන් සහ තොරතුරු විමසීම සහ සැසඳීම යාතික සිතීම වර්ධනය කරයි. එය සත්‍යය හෝ නිවැරදි අවබෝධයකට ළඟා වීමට උපකාරී විය හැක.

:       19       3

Sediris Friday, 07 February 2025 08:02 AM

රටේ මිනිස්සුන්ට ඔහොම කරල මදි. ඇයි ඔය චුට්ට චුට්ට වස දීල මරන්නෙ. කෙලින්ම වස දාලා ඔක්කොම එක පාර මරල දාපන්කො. කන්න බොන්න නැතුව කෙල වෙලා ඉන්න උන් තවත් පෙලනවා. අපරාදෙ මාලිමා ආණ්ඩුවක් තිබ්බ නම් හැබැයි ඔහොම වෙන්නෙ නෑ.

:       5       54

දිමුත් Friday, 07 February 2025 09:36 AM

මේක ඉතා බරපතල තත්වයක්. මිනිස්සු බොන වතුර මේ!

:       0       43

ගුණරත්න Friday, 07 February 2025 10:55 AM

පුදුම වෙන්න දෙයක් නැහැ, ආණ්ඩුවේ ඇමැත්තෙක්ම පිළිගත්තා අනුමත ප්‍රමාණයට වඩා ක්‍රෝමියම් තියෙනවා කියලත්, එහෙම දැන දැනත් වතුරට ඒවා කවලම් කරන්නේ මිනිස්සුන් ගැන හිතලද? කලින් ආණ්ඩුවේ පාට කරපු වතුර විදපු එකෙත් හිතා මතා වතුරට වහ කවලම් කරන මේ ආණ්ඩුවේ වැඩෙත් දෙකම එක හා සමානයි, උනුත් එකයි මුනුත් එකයි කියපු ජෙප්පොත් ඒ ගොඩේම තමයි.

:       2       42

රුවන් Friday, 07 February 2025 03:59 PM

මෙයාට මතකද දන්නේ නෑ මහින්ද ආණ්ඩුව කරන කාලෙත් ඔහොම දෙයක් වුනා. කැළණි ගඟට විෂ එකතු වෙච්ච කතාවත් යට ගියා. රතුපස් කතාවක් යට ගියා.

:       10       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 655 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 360 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site