IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට

ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතය.

අසාන්ජ්, ඇමෙරිකන් අධිකරණයක පෙනී සිටින්නේ, ඇමෙරිකාව සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමෙන් පසුවය.

එකඟතාවට අනුව, අධිකරණය හමුවේ පෙනී සිටින අසාන්ජ්, ඔහුට එල්ල වී ඇති හමුදා රහස් ප්‍රසිද්ධ කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් වරදකරු යැයි පිළිගැනීමට නියමිතය.

අසාන්ජ් සිය විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකන් හමුදාවේත්, ඇමෙරිකන් රජයේත් රහස් හෙළි කළේ 2010 වසරේදීය.

ඕස්ට්‍ර්ලියානු ජාතිකයකු වුවත් අසාන්ජ් වැඩි කාලයක් ජීවත්ව සිටියේ ස්වීඩනයේය. විකිලීක්ස් අනාවරණයෙන් පසු, ඇමෙරිකා ආරක්ෂක අංශ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී, ඔහු සිටියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය.

අත්අඩංගුවෙන් බේරී, ඇමෙරිකාවට පිටුවහල් කිරීම වළකා ගනිමින්, අසාන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඒ, 2012 සිට 2019 අප්‍රේල් මාසය දක්වාය.

2019 අප්‍රේල් මාසයේ තානාපති නිලධාරීන් සමඟ අසාන්ජ් ගැටුමක් ඇති කර ගත්තේය. ඒ සමඟ ඔහුට එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව අහිමි විය. තානාපති කාර්යාලය අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර දුන්නේය. 

ඉන්පසු අසාන්ජ් මේ දක්වා බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරගතව සිටි බැවින්, ඇමෙරිකන් අධිකරණය යළි ඔහුට සිරදඬුවමක් නිකුත් නොකරනු ඇත.

වරදකරු යැයි චෝදනා පිළිගැනීමෙන් අනතුරුව, අසාන්ජ්ට නිදහස ලැබෙනු ඇති බවත්, ඔහු යළි ඔහුගේ මවු රට වන ඕස්ටේ්‍රලියාව බලා යෑමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

52 හැවිරිදි අසාන්ජ්ගේ බිරිඳ ස්ටෙලා සහ ඔවුන්ගේ දරු දෙදෙනා මේ වනවිටත් ඕස්ටේ්‍රලියාවේ සිටින අතර, ඔවුන් අසාන්ජ් ඕස්ටේ්‍රලියාවට පැමිණෙන තුරු බලා සිටින බවත් පැවැසෙයි.

අසාන්ජ් සහ ඔහුගේ පෙම්වතිය ස්ටෙලා විවාහ වූයේ 2022 වසරේදීය. ඒ, අසාන්ජ් සිරදඬුවම් විදිමින් සිටිද්දී, අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි.

ඇමෙරිකාව සමඟ ඇතිකරගත් එකඟතාවයට අනුව, අසාන්ජ් ඊයේ (25) විශේෂ ගුවන් යානයකින්, පැසිෆික් සාගරයේ ඕස්ටේ්‍රලියාව අසල පිහිටි මරියානා දූපත් බලා පිටත්ව ගියේය. මෙම දූපත් ඇමෙරිකාවට අයත් වෙයි.

අසාන්ජ් පෙනී සිටිනු ඇත්තේ මෙම දූපත්වල පිහිටි ඇමෙරිකන් අධිකරණයක් හමුවේය.

අසාන්ජ් රැගත් එම කුඩා ගුවන් යානය ලන්ඩන් සිට කෙළින්ම තායිලන්තයේ බැංකොක් අගනුවරට ගොස්, එහිදී ඉන්ධන ලබා ගෙන, ඉන්පසු මරියානා දූපත් බලා පැමිණි බව වාර්තා විය.

ඇමෙරිකාව සහ අසාන්ජ් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජයෙන්, ඕස්ට්‍ර්ලියා රජය කළ ඉල්ලීමක් අනුවය. තම පුරවැසියකු වන අසාන්ජ්ට එරෙහි චෝදනා ඉවත දමා, වසර 14 ක් තිස්සේ පැවැති අර්බුදය නිමා කර, අසාන්ජ්ට ඕස්ට්‍ර්ලියාව බලා එන්න ඉඩ දෙන්නැයි ඕස්ට්‍ර්ලියා රජය ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුණි.



අදහස් (0)

ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 76 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 73 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 176 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 167 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා
2025 මැයි මස 08 137 1

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
2025 මැයි මස 08 608 4

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1144 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 290 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1327 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site