(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජෝර්දානයේ ඇගළුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන් ම අසරණ ව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති.
වසරකුත් මාස අටකට ඉහතදී රැකියාවට ගිය වේයන්ගොඩ වදුරව පදිංචිව සිටි සම්පත් හංසක සිරිවර්ධන 38 අවිවාහක තරුණයා මෙසේ මියගොස් ඇති බව පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.
මිය ගිය තරුණයා සමග තවත් දෙදෙනෙක් කොරෝනා ආසාදිත ව වෙන්ව කාලය ගත කර ඇතැයිද එම ඇඟලූම් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික පිරිස් මේවනවිට කරකියාගත දෙයක් නොමැතිව සිටිනා බව ඔවුන් දන්වා ඇති බවද මියගිය අයගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.
මෙම තරුණයා ගේ මරණය දින තුනකට පෙර දී සිදුවී සිදු වී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයිද ඔවුහු කියති.
මෙම සේවක පිරිස් විදේශ ගත කිරීමට මුල් වූ ශ්‍රී ලංකාවේ ඒජන්සිය ද මේ වන විට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මත එරට අසරණ ව සිටින පිරිස් කැඳවාගෙන ඒම හා හෝ රැකවරණ සැලසීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනාවෙන් මරුට
P.A.D Silva Monday, 09 November 2020 06:25 AM
මම ඉන්නේ පහළ නගරයේ.. අවුරුදු 20ක් වෙනවා. එම්බසි එකේ දැන් වැඩක් කරන්නේ නැහැ. පඩිත් නැහැ. ඇතුළෙම කෙනෙක් මගේ බිරිඳට කියා තිබ්බේ. එම්බසියේ නිලධාරීන් නිදන්නේ ගස්යට. ඉතින් අනික් අය ගැන මොන කතාද? තානාපති කාර්යාලය සම්පූර්ණයෙන්ම අවුල්... ඉතින් අපිට උදව් කරන්නේ කොහොමද?