IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ

(ජේ.කේ.එල්. චාමින්ද)

සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග  එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (04)වැනි දා පස්වරුවේ  ගාල්ලේ දි පැවසිය.

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ  පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැළියක් අමතමින්  විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.හෙතෙම මෙසේද කිවේය.  

අපිට පැහැදිලි වැඩපිළිවෙළක් හා දර්ශනයක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති  ප්‍රකාශය තුළ අඩංගු බොහෝ දේවල්  කරන්න බැරි බව කියන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව  දැන් තරගයට එස්.එම්.එස් පණිවුඩ හරහා  රටට පණිවුඩ දෙනවා. ඒ අයත් සමගි ජන බලවේගයේ අඩි පාරේ එනවලු. අපේ ජයග්‍රහණය  තහවුරු වී තිබෙන මොහොතක ජනාධිපතිවරයා සහ ජ.වි.පේ එකට එකතුවෙලා බොරුකථා හදලා මුහුණු පොතේ දමලා මුදල් ගෙවලා සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරනවා අපි එකතුවෙනවා කියලා.

21 වැනිදා සමගි ජනබලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවන්නේ මේ රටේ ලක්ෂ 220ක් වු පොදු ජනතාව සමගයි ජරාජිරණ වු පරාජිත  අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ.



අදහස් (7)

ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ

kapila Wednesday, 04 September 2024 09:15 PM

අපේ රටේ අනාගත ජනාධිපතිතුමනි ඔබේ ජයග්‍රහණය ස්ථීරයි. දැන් ඔබ වට්ටන්න නොයෙක් වෙසින් එනවා රැවටෙන්න එපා...!

:       0       0

Saththaya Wednesday, 04 September 2024 09:56 PM

සුදුසුකම් නැති වූ බුද්ධියක් නැති ජරාජීරණ වූ චරිතයක්, උගතුන් ඉන්නා පක්ෂ වලට අවශ්‍ය වෙයි කියලා හිතන්න අමාරුයි.

:       0       0

kumara Wednesday, 04 September 2024 10:06 PM

සජිත් ඔබට ජයෙන් ජයම වේවා...! 

:       0       0

යෝගා Wednesday, 04 September 2024 10:34 PM

නෑ, කිසිම හවුලකට යන්නේ නෑ. තනියම පැරැදිලා මාස දෙකක් විතර යාල කැලේ හැංගිලා ඉන්නවා...!

:       0       0

ගමේ එකාලා Wednesday, 04 September 2024 11:11 PM

මොන බොරුද? කිට්ටු කරගෙන ඉන්නෙත් හොර දූෂිතයෝ කියලා පේන්ඩම තියෙනවා .

:       0       0

Perera Thursday, 05 September 2024 08:50 AM

ඔහේගේ වටේ ඉන්නේ මොන වගේ එවුන්ද කියලා හොඳට බලලා කට අරින්න

:       0       1

chamath Thursday, 05 September 2024 08:59 AM

මෙයා නිකන් කතාකරන්නෙ අලුතෙන්ම දේශපාලනයට ආව පොඩීම පොඩි හරිම අහින්සක බබෙක් වගේ. ආන්ඩු කීයක හිටියද ඇමති කම් කර කර දූශනය ගැන කතාකරනව දැන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site