IMG-LOGO

ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන

‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 26 දෙනෙක් ජ්‍යොතීර් විද්‍යාරත්න සහ ජ්‍යෙතීර් විද්‍යා විභූෂණ සම්මානයෙන් පුද ලදහ. සම්මාන ලැබුවෝ -  බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි, ජී එම් ගුණපාල, පියසේන රතුවිතාන, ආනන්ද සෙනවිරත්න, සුමනදාස අබේගුණවර්ධන, විජයසිරි විද්‍යාරත්න, ජයතිලක අඹුවන්ගල, ම.ලි සුගතපාල, නන්දන ජී විදුරුවන්, කඩ හෙට්ටිගේ ධනපාල, ග ක වි අමරසිංහ, පානදුර ආරච්චිගේ උපාලි පීරිස්, පද්මානන්ද සේනාරත්න, හිමසිරි නිමල් කුරුප්පු, කේ ඊබට් ප්‍රනාන්දු, කේ ඇක්ටන්, ලෝලනී රණසිංහ, ටී ආර් හසීම්, එම් ජී චන්ද්‍රභාරනී, බබා නෝනා, සේනානායක මුදියන්සේලාගේ රණසිංහ, ප්‍රියනාත් මංජුල පීරිස්, වයිරමුත්තු වේලායුදන්, සීනි තම්බි දේවානායගම්, රාමනාදන් සත්‍යමූර්ති, විනාසි තම්බි අරුමුගම්



අදහස් (0)

ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන

සිරිමල් Saturday, 22 December 2012 07:58 AM

ටීවී වල හැම චැනල් එකකම වගේ උදේ පැය බාගයක් වත් අඩුම ගානේ ලග්න ගැන කියනවා.ඊට අමතරව, එක එක අය ඇවිත් ලග්න ගැන රාහු කාල ගැන නැකත් ගැන ෆෙන්ෂුයි ගැන කියනවා. මේ ගුවන් කාලය ලමයින් ගෙ හරි වැඩිහිටියන්ගේ හරි දැනුම වැඩි කරන යම් දෙයකට යොදවනවා නම්..අපේ මිනිස්සු වැඩි වැඩියෙන් තමන්ගෙ ආත්ම විස්වාශයට වඩා දෙවල් , නොපෙනෙන බලවේග වලට ලබා දීලා හිත හදා ගන්නවා වගේ. ටීවී වලින් ඕවට මුල්තැනක් දෙන්නෙත් මිනිස්සු බලන නිසා. මෙ මිනිස්සුන් ට සම්මාන දුන්නට කමක් නැ. ඒත් කරපිංචා විකුනන මනුස්සයා ගෙ ඉදන් දොස්තර ඉන්ජිනෙරුදක්වා..මහන්සි වෙලා වැඩ කරන සමාජයට ආර්ථික‍යට යම්කිසි වටිනාකමක් එකතු කරන මිනිස්සුන්ට කො සම්මාන. ජොතිෂ්‍ය වැඩ වලට මෙච්චර වටිනාකමක් දෙන්නෙ තමන් ගැන, අදහන ආගම ගැන ආත්ම විස්වාශයක් හරි , අවංක කමක් හරි නැති නිසා. (නු)

:       1       0

සරත් Saturday, 22 December 2012 08:46 AM

සිරිමල් , විශිෂ්ට පැහැදිලි කිරීමක් (ස)

:       1       0

චින්තක Saturday, 22 December 2012 09:06 AM

පොදු ජනතාවගේ සල්ලි මෙවන් අවිද්‍යාවන්ට වියදම් කරන එක හරිද ? (ස)

:       0       0

සංජීව Saturday, 22 December 2012 09:41 AM

කෝ අනේ ගොඩක් අයට සම්මාන ලැබිලා නෑනේ (ස)

:       0       0

විද්වත් Friday, 21 December 2012 04:27 PM

ලෝකය හරියට දකින බුද්ධිමතුන්ට, උගතුන්ට උපහාර පිදුවා නම් මොකද වෙන්නේ? ලෝකේ අනිත් රටවල් විද්‍යාව යොදාගෙන ඉස්සරහට යද්දී අපි පස්සට යනවා. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 21 December 2012 04:36 PM

අද ලෝක විනාශය වෙනවා කියපු අයට දෙන දඬුවම් මොනවද? (නි)

:       0       0

සදුන් කුමාර Saturday, 22 December 2012 09:52 AM

මෙයා උපහාර ඇමතිද?(නු)

:       0       0

කුමාරි Saturday, 22 December 2012 10:06 AM

සිරිමල් , ඉතා හොද අදහසක්. අදහස හරි උනත් මේවා ක්‍රයාත්මක කරන්න කෙනෙක් නෑ (ස)

:       0       0

රත්න Friday, 21 December 2012 04:45 PM

දැන් මෙයාලා වැඩිහරියක් කරන්නේ " ගල් අහුරක් දමා ගැසීම". අපේ ජනතාව මෙයාලා පොහොසත් කරනවා. (නු)

:       0       0

මෙරිල් Saturday, 22 December 2012 10:27 AM

උපහාර ලබා දෙන්නේ ඇයි (ස)

:       0       0

රසික චාමින්ද Saturday, 22 December 2012 11:09 AM

ගොඩක් අය මෙතන නෑනේ (ස)

:       0       0

ගැමුණු Friday, 21 December 2012 05:18 PM

තම තමන්ම සම්මාන දී ගැනීමක්ද?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 22 December 2012 11:18 AM

රාජ්‍ය අනුග්‍රහය සම්මාන ඇතිව මහ ජනතාවට සිහින ලෝකයක් පෙන්වීමට අවසර දී ඇති බව නොකියා සිටීමට බැරිය.. ජය වේවා..!(නු)

:       0       0

පී. සෙනෙවිරත්න Friday, 21 December 2012 06:46 PM

දුප්පතුන්ට කරුම, ග්‍රහදෝෂ... ලොක්කන්ට පෙර පින්... කෝ අලුත් දෙයක් හොයාගත් කෙනෙක්ට සැබැ සම්මානයක් දුන්නද කවදාවත්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.ඇත්තටම මේ ජ්‍යෙතිෂයට පහුගිය වැස්ස නිසා මැරුණු මිනිස්සු ගැන පෙනුනෙ නැද්ද? (නි)

:       0       0

කසුරි Friday, 21 December 2012 07:13 PM

ජනතාවගෙ අසරණකමින් වාසි ගන්නා අය(නු)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 22 December 2012 02:10 PM

මේ එක එක්කෙනාට සම්මාණ දුන්නු හේතුව වෙන වෙනම පෙන්වාදුන්නානම් නේද හොඳ (ස)

:       0       0

සමන් Friday, 21 December 2012 08:02 PM

‍මේ ව‍ගේ අයට සම්මාන දෙන එකම රට ශ්‍රී ලංකාවයි.(නු)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 22 December 2012 03:12 PM

ලොකු සේවයක් කරන මේ මහත්මයන් ඇගයීම ගැන මට සතුටුයි (ස)

:       0       0

සමන් Sunday, 23 December 2012 08:39 AM

සම්මාන දෙන්න වටිනා මිනිස්සු (දී)

:       0       0

හේවා Saturday, 22 December 2012 05:03 PM

සමහර අයට ආචාර්ය උපාදි දෙන රටේ මේකත් පුදුම වෙන්න දෙයක් නැහැ.. එදා උදේ 10.21ට දෝශාභියෝගය භාරදෙන්න කියලා නැකත හැදුවෙ මෙතනින් කවුද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සත්‍යපාල Saturday, 22 December 2012 05:09 AM

හරියට ශෘස්ත්‍රය දන්න අය කී‍‍‍යෙන් කී ‍දෙනාද ඉන්නෙ..(නු)

:       0       0

ප්‍රභා Saturday, 22 December 2012 05:49 AM

අ‍පේ ර‍ටේ අවිද්‍යාව කර වටක් ගිලී ඇත... කණගාටුයි..!(නු)

:       0       0

අජිත් Saturday, 22 December 2012 07:02 AM

කෝ? මම හිතාගෙනම හිටපු කෙනෙක් මෙතන නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site