(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මොහොමඩ් රිල්වාන් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා වෙළඳ සැල තුළ පුටුවක අසුන්ගෙන සිටියදී යතුරුපැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයකු ඔහු අසලටම පැමිණ රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති අතර එයින් එක් වෙඩි ප්‍රහාරයක් එම පුද්ගලයාගේ උරහිස ප්‍රදේශයට වැදී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.