IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජේම්ස් පිරීස් මුණුබුරු මරණය සැකයි

ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ මරණය සැක බවට ඔහුගේ පුත් හරීන් ඩයස් කළ ප්‍රකාශය නිසා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කළේය. ලන්ඩනයේ පදිංචි හරීන් ඩයස් මහතා මරණය සැක සහිත බව නීතීඥ සංගමය මගින් පොලීසියට දැන්වීය. පාර්ශ්ව දෙකක් මරණය ඉල්ලා සිටී. ඔහු මියගියේ පසුගිය 18 වැනිදාය. පදිංචිව සිටියේ කොල්ලුපිටියේ කැමරන් පෙදෙසේය. මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුවක් නොදැක්විණි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා පැවසූවේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ලවා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි. ඔහුට දුන් බෙහෙත් ද, ඔහු මිය ගිය ස්ථානය ද පරීක්ෂා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. මරණ පරීක්ෂණ වාර්තාව සිකුරාදා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

ජේම්ස් පිරීස් මුණුබුරු මරණය සැකයි

ලියනගේ Friday, 26 October 2012 05:00 PM

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පුතාද ? (ස)

:       0       0

හසන්ති Thursday, 25 October 2012 07:35 PM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රභාත් Thursday, 25 October 2012 07:36 PM

තාත්තට 92 ක්. පුතා ලන්ඩන් වල... ඔච්චර කැක්කුමක් තිබ්බ නම් එක්කෝ ලංකාවට ඇවිත් තාත්තව බලා ගන්න එපැයි. ඔය කියන්න හදන්නේ මෙහෙ අවුරුදු 92ක් ම බලාගත්ත මිනිස්සු මේතාත්තව මරා ගත්ත කියලනේ.. බලාගත්ත මිනිස්සු හිටියේ නැත්නම් ඔය තාත්ත මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා. අනේ මෙහෙමත් පුතාලා.!(නු)

:       0       0

නෆ්හාන් Thursday, 25 October 2012 04:25 PM

පාර්ශ්ව දෙකක් මරණය ඉල්ලා සිටීම ! මරනයට හේතුවක් නොදෑක්වීම ! සෑක සහිතවීම ! වයස 92 ! උහතෝකොටික ප්‍රශ්නයක්? (ත)

:       0       0

සෙනරත් Thursday, 25 October 2012 10:46 PM

මේක සල්ලි වලට තියෙන ආසාව වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

හිරන්ත Thursday, 25 October 2012 04:31 PM

92 දිත් මැරෙන්නෙ නැත්නම් 200 දි ද මැරෙන්නෙ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 04:40 PM

බලමුකො, මේකට මොකද වෙන්නේ කියලා. (ත)

:       0       0

චතුල වෙරෝනා Friday, 26 October 2012 01:18 AM

තව පුතාලා ඉන්නවද? (නි)

:       0       0

වාසනා Thursday, 25 October 2012 05:02 PM

නිදහස් සටනේ පුරෝගාමියාගේ මුනුපුරගේ පුතා පදිංචිය සුද්දගේ රටේ. (ත)

:       0       0

ප්‍රනාන්දු Friday, 26 October 2012 03:31 AM

මටත් සැකයි. අවසාන කාලයේ රැකබලාගත් අයට පින් සිදු වෙනවා. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 25 October 2012 05:33 PM

විකාර.... (නි)

:       0       0

රදිස් Friday, 26 October 2012 06:34 AM

92ක් වුණත් මරණය සැක නම් ඒ ගැන හොයන්න ඕනෑ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 26 October 2012 07:40 AM

මටත් සැකයි. ඕකත් මැරෙන වයසක්ද? (නි)

:       0       0

සරත් Friday, 26 October 2012 07:32 AM

බලමුකෝ වෙන දේ (නි)

:       0       0

සම්පත් Friday, 26 October 2012 08:01 AM

ඇත්තටම තාත්තාට ආදරයටද? නැත්නම් දේපළ ප්‍රශ්නයක්වද්ද? (නි)

:       0       0

රොහාන් Friday, 26 October 2012 08:35 AM

අනේ මෙහෙමත් දේවල්.... අනිච්චං දුක්කං සංසාරේ කිවුවලු. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 October 2012 03:54 PM

හරින් පුතේ ඇත්ත කියන්න. (ස)

:       0       0

පනාගොඩ Friday, 26 October 2012 04:06 PM

වන්නිල ඇත්තොන්ට කියමු මේක විසඳලා දෙන්න කියලා (ස)

:       0       0

කුමාර Thursday, 25 October 2012 07:19 PM

මදිද අනූ දෙකක් හිටියා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site