IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජිනා මැඩම් වැලිකඩට මාරුවක් ඉල්ලයි

දිවි සමක් ළඟ තබා ගත්තැයි  කොල්ලුපිටියේ ජිනා මැඩම් (රෝස් මේරි පිළිෂියා පෙරේරා) කළුතර බන්ධනාගාරයේ සිට අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබීය. පැමිණිල්ල නොපැමිණීම නිසා එම නඩුව කල් ගියේය. කොල්ලුපිටියේ සුපිරි මහලක ගණිකා මඩමක් පවත්වාගෙන ගිය වරදට  තුන් අවුරුදු සිර දඬවමක් විදිමින් සිටින ඇය සිය නීති වේදී රියන්සි අර්සකුලරත්න මහතා මගින් කියා සිටියේ කළුතර සෞඛ්‍ය පහසුකම් අඩු නිසා වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසයි. ඇහේ අසනීපයක් අධික රුධිර පීඩනය හා දියවැඩියාව ඇයට ඇතැයි කියවිණි  .  මහාධිකරණයෙන් ඇයට දඬවම් කළ නිසා තමාට එම ඉල්ලීම ඉටුකළ නොහැකියැයි කී මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා  ඇයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධානාගාරයට නියෝග කෙළේය. දිවි සම් නඩුව පෙබරවාරි 15ට කල් තැබීය.



අදහස් (0)

ජිනා මැඩම් වැලිකඩට මාරුවක් ඉල්ලයි

චන්දිම Monday, 21 January 2013 07:50 PM

බටහිර රටවල් වල ඔය වැඩේට ඩිප්ලෝමා එහෙමත් තියෙනවා. (නි)

:       0       0

ගාමිණි Friday, 18 January 2013 08:59 PM

කරන කොට නම් වැරදි ආසවෙන් කළා, දැන්...... (දී)

:       0       0

සදුනි Friday, 18 January 2013 09:02 PM

පුදුම කාන්තාවන් (දී)

:       0       0

හර්ෂ Wednesday, 23 January 2013 04:38 PM

ජිනා මැඩම්ගේ යාලුවො ටික ඇත්තේ වැලිකඩ වෙන්න ඇති. ඒකනේ මේ එහෙ යන්න හදන්නේ. පවු අනේ එයාට පාලු ඇති නේද? (නි)

:       0       0

චන්ද්‍ර Friday, 18 January 2013 09:15 PM

එතන හොද මදි වගේද (දී)

:       0       0

ලලිත් - කටාර් Saturday, 19 January 2013 05:28 PM

බලාගෙන, අනෙක් හිරකාරයින් එක්ක එකට තියන්න එපා. (නි)

:       0       0

දෝහා Saturday, 19 January 2013 10:19 AM

ඉල්ලුමට අනුව සැපයුම මදි ඇති. (නි)

:       0       0

කපිල Friday, 18 January 2013 09:43 PM

ඇයි එයාට මැඩම් කියන‍්නේ? (නි)

:       0       0

ලලිත්-කටාර් Saturday, 19 January 2013 10:20 AM

මෙවන් අයව බරපතළ වැඩ ඇතුව අඩු පහසුකම් වලින් යුත් හිරගෙයකට දාන්න ඕනෑ. (නි)

:       0       0

ධම්ම Saturday, 19 January 2013 10:43 AM

සෑම් කියන දේ ජිනා මැඩම්ගේ 'පොතේ'නැත. (නි)

:       0       0

තරංග Friday, 25 January 2013 04:26 PM

එයාට මැඩම් කියන්න තරම් එයා වැදගත්ද? (නි)

:       0       0

සුදේශ් Saturday, 19 January 2013 11:06 AM

ඇයි වැලිකඩ යන්නේ යන්නකෝ බෝගම්බර ..(ස)

:       0       0

බන්ධුල - කටාර් Saturday, 19 January 2013 08:12 PM

අපරාධ කරන අයට මැඩම්, සර් කියන්නේ ලංකාවේ විතරයි. (ත)

:       0       0

ඛාන් Friday, 18 January 2013 11:07 PM

වැරදි කරන්න බය නැති හැටි (දී)

:       0       0

ජයතිස්ස Saturday, 19 January 2013 11:33 AM

කවුරුත් නැද්ද පොඩි සහයෝගයක් දෙන්න කෙනෙක් (ස)

:       0       0

රොහාන් Saturday, 19 January 2013 11:43 AM

මැඩම්ටම වැරදි කියන්න බැහැ. මෙහෙම තැන් වලට කැමැත්තෙන්ම රස්සාවට යන අයත් ඉන්නවා. (නි)

:       0       0

නිත්‍යා Saturday, 19 January 2013 11:46 AM

බන්ධනාගාරේ ඉද්දි මෙහෙම අවශ්‍ය පරිදි මාරුවීම් ඉල්ලිය හැකිද ? (ස)

:       0       0

සුගත් Saturday, 19 January 2013 11:45 AM

මැඩම් සෞදියේ හිටියානම් දෙයියන්ගේම පිහිටයි (ස)

:       0       0

මැනුවෙල් අප්පුහාමි Friday, 18 January 2013 11:48 PM

ඇන්ටි පවු (දී)

:       0       0

රොහාන් Saturday, 19 January 2013 11:47 AM

වහලා තිබෙන තැනක් විවෘත කරන්න හැමෝම දගලනවා. ඒ නිසා විවෘත කරලාම තිබුණහම වැඩේ ඉවරයි. (නි)

:       0       0

සරත් Saturday, 19 January 2013 09:47 PM

සමන්, 100%ක්ම ඔයා නිවැරදියි. (නි)

:       0       0

සංජීව Friday, 25 January 2013 10:04 AM

අපිට මේ ඉල්ලීමෙන් මොනවද හිතාගන්න පුලුවන් (නි)

:       0       0

බන්දුල Saturday, 19 January 2013 01:11 AM

සැප පහසුව නැතුව ඇති (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 22 January 2013 04:56 AM

කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ... (නි)

:       0       0

සිල්වා Saturday, 19 January 2013 12:21 PM

මොකටද මාරුවීමක් ඉල්ලන්නේ (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 19 January 2013 01:15 AM

කරනකලට පව් මිහිරිය පැණි සේ (දී)

:       0       0

සරත් Saturday, 19 January 2013 12:35 PM

ඔය තැන් වල මාරු වීමුත් තියෙනවද ?????(ස)

:       0       0

ජනක Sunday, 20 January 2013 01:07 AM

කවුද තාමත් මෙයාට මැඩම් කියලා කියන්නේ? (නි)

:       0       0

ඩයස් Saturday, 19 January 2013 03:18 AM

ගම්වල අහිංසක කෙල්ලන්ව විකුණා මුදල් හම්බකරපු අයට මොන මාරුද? දියවැඩියාව නෙමෙයි පිලිකා නොහැදුණොත් තමා පුදුමේ. (නි)

:       0       0

අපොන්සු Saturday, 19 January 2013 01:59 PM

පැමිණිල්ල නොපැමිණියේ ඇයි ?? (ස)

:       0       0

අපොන්සු Sunday, 20 January 2013 04:15 AM

මේවා කාට කාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

ඉෂාන්ත Saturday, 19 January 2013 02:32 PM

මැඩම් කියන්නේ වැදගත් රැකියාවන් කරන අයට. (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 02:40 PM

එහෙ මාරුවීම් වගේ උසස්වීමුත් තියෙනවද ? (ස)

:       0       0

ලාරා Friday, 18 January 2013 06:30 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.. (නි)

:       0       0

සේනානායක Saturday, 19 January 2013 02:49 PM

බිස්නස් එකක්වත් පටන්ගන්නද ? (ස)

:       0       0

සදරුවන් Friday, 18 January 2013 06:46 PM

ඉන්න තැන හොද නැහැ වගේ (දී)

:       0       0

හේමන්ත Saturday, 19 January 2013 06:30 AM

කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (ස)

:       0       0

එශාන් Friday, 18 January 2013 07:16 PM

මාරු කිරීමක් (දී)

:       0       0

සමන් Friday, 18 January 2013 07:29 PM

සුහද මාරුවක්... (නි)

:       0       0

විමුක්ති Saturday, 19 January 2013 07:47 AM

ජිනා මැඩම්ගේ සේවය ලබාගන්න ගිහින් පොලිසියට හසුවුණු ඇමතිට දඩුවම් නැද්ද? (නි)

:       0       0

සුමන Friday, 18 January 2013 07:32 PM

ප්‍රයෝජන ගත්ත අය උදව්කරන්නේ නැතෑ (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 19 January 2013 07:58 AM

ඉස්සරහට තව කොහේට මාරුවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Saturday, 19 January 2013 08:04 AM

අයුක්තියෙන් අසාධාරණයෙන් පවුකාර ලෙස ඉතා ඉක්මණින් විශාල මුදලක්, සැප සම්පත්, යාන වාහන උපයාගත හැක...... එහෙත් මිනිසුනේ ඒවා වැඩිකල් ඔවුන්තුල රැඳෙන්නේ නැත.... කළපව් වලට අපා ගතවී මරණින් මතු විඳීමට සිදුවන කාළය පවු කළ කාලය මෙන් කෝටි ගණනකි.... ආයෙත් අවුරුදු කෝටි ගණනකට මනුස්සයෙක් වෙලා ඉපිදෙන්නේද නැත.... අපායේ විඳවුවට පසු පෙරේතයන්වී ඉපිද අවුරුදු මිලියන ගණනක් සෙම්,සොටු,මළ මුත්‍රා, මළ මිනී කමින් ජීවත් වීමට සිදු වේ...... එමනිසා සමාජයේ සාධාරණව, මිත්‍රශීලීව, සතුටින් තියෙන හැටියට ජීවත් අපි වෙමු! (ස)

:       0       0

දිසානායත Thursday, 24 January 2013 11:26 AM

මෙයාලා කොහාට දැම්මත් මෙයාලගේ නිරුවත වහන්න බැහැ. (නි)

:       0       0

රොහාන් Saturday, 19 January 2013 09:07 AM

කාගෙන්වත් උපකාරයක් නැද්ද මැඩම්ට (ස)

:       0       0

ආනන්ද Friday, 18 January 2013 07:57 PM

අනේ පව් ඉල්ලීම ඉෂ්ඨ කරන්න බලන්න (ස)

:       0       0

අජිත් Saturday, 19 January 2013 09:22 AM

වැලිකඩ සැප ඇති නේද ? (ස)

:       0       0

ගයා Friday, 25 January 2013 02:40 PM

අනේ අනේ මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ශාන් Saturday, 19 January 2013 09:27 AM

මෙම ගණිකා වෘත්තියට බලපත්‍ර දුන්නොත් නේද හොද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site