IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජෝන් කෙරී සම්බන්ධන් හමුවෙයි

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර හමුවක් අද කොළඹ දී පැවැත්විණි. ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් මේ හමුවට එක්වූහ. මෙරට වත්මන් දේශපාලන තත්ත්වය, උතුරේ නැවත පදිංචිකිරීම් කටයුතු හා පුනරුත්ථාපන කටයුතු ගැන ද ඔවුහු සාකච්ඡා කළහ. දෙමළ ජාතික සන්ධාන නියොජිතයන් හමුවීමෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවී සුහද සාකච්ඡාවක ද නිරතවිය.

Kerru V Sambandhan



අදහස් (0)

ජෝන් කෙරී සම්බන්ධන් හමුවෙයි

අබරන් Monday, 04 May 2015 04:54 AM

ලංකාව වගේ දුර්වල රටවල් අල්ලාගන්න එක පහසුයි. නැත්නම් මේ උදවිය ලංකාවට හරියට ආදරෙයි වගේ නේද? චුට්ටක් හිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

රන්ජිත් Monday, 04 May 2015 05:26 AM

මෙතන ලියපු කෙනෙක් කියනවා අපිට මතකයි අපිට ඇමරිකාව උදව් කළ හැටි ප්‍රභාකරන් පරදවන්න කියලා. ඇමරිකාව තමයි නියෝග දුන්නේ යුද්ධය නවත්වන්න (නි)

:       0       0

ශාමිලා Monday, 04 May 2015 05:31 AM

දෙමළ මිනිසුන්ට ඒගොල්ලන්ගේ සාධාරණ අයිතිවාසිකම් ලබාදිය යුතුයි! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 04 May 2015 05:40 AM

ඒ කාලෙත් මේ අයගෙන් උපදෙස් අරගත්තා නම් යුද්ධය කරලා හමාරයි (නි)

:       0       0

නිමල්ලලිත Monday, 04 May 2015 06:17 AM

නාමල්ගේ සිතිවිලි ගැන කණගාටුවෙනවා හැර කරන්නට දෙයක් නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 04 May 2015 06:27 AM

මේ ගොල්ල බිහිසුණු යුද්ධය ඉවර කරන්න අපිට නොයෙකුත් විදිහෙන් ආධාර කළ හැටි හරියටම දන්නේ මෙයාගේ පැමිණීම ගෞරවයක් කියන නාමල්ම විතර වෙන්න ඇති. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 04 May 2015 06:35 AM

නිමල් රාජපක්ෂ මහතා 100% හරි. නමුත් එහෙම හිතන්නේ ඔබ, මා ඇතුළු එක ශ්‍රී ලාංකික කොට්ඨාශයක් පමණි. (නි)

:       0       0

ජීවා Monday, 04 May 2015 07:25 AM

ලංකාව ළඟදීම සිරියාව, ලිබියාව වගේ වෙයි කියලයි අපිට බය (නි)

:       0       0

තිනුග Monday, 04 May 2015 07:31 AM

නාමල් ,මහානාම, ඇමරිකාව අතදාපු මොන රටද අද යහතින් තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 04 May 2015 11:34 AM

රට කන අයට උදව් කරන ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දාන නිවටයෝ තවමත් ඉන්නවා. (නි)

:       0       0

නාමල් Sunday, 03 May 2015 02:36 PM

ඔබතුමාගේ පැමිනීම ගෞරවයක්. අපිට ඒකාධිපති පාලනය පරාජයකොට ප්‍රජාතන්ත්‍රවාදය ළඟාකරදීමට ඔබතුමාගේ රට කළ උදව් මතකයි... (නි)

:       0       0

සොපී Sunday, 03 May 2015 02:50 PM

ජාඩියට මූඩිය වගේ ගැළපෙනවා (නි)

:       0       0

අංජන Sunday, 03 May 2015 03:23 PM

ඒ මොකද ඒ එයාව හමුවුණේ? දන්න කෙනෙක් කියන්නකෝ බලන්න (නි)

:       0       0

සර්ෆ් ද සිල්වා Sunday, 03 May 2015 03:27 PM

ඇමෙරිකාවේ නියම අදහස හැමතිස්සෙම අපේ රට අස්ථාවරව තැබීම කියලයි මම හිතන්නේ. (නි)

:       0       0

නුවන් Sunday, 03 May 2015 04:07 PM

ඇවිල්ලා හමුවෙලා තියෙන්නේ බොහොම වටිනා කියන කෙනෙක්නේ (නි)

:       0       0

රේණුකා Tuesday, 05 May 2015 10:26 AM

මොකද වෙන්න යන්නේ.(හේ)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 03 May 2015 10:30 PM

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බව ඔබතුමා මනාව පෙන්වා දුන්නා (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 04 May 2015 02:27 AM

මෙහෙ ඉන්න අය කියන්න ඇති හැකි ඉකමනට ස්වයං පාලනය අරගෙන දෙන්න කියලා (නි)

:       0       0

ඉන්දික Monday, 04 May 2015 02:34 AM

නාමල් වගේ මිනිසුන් සිටිනතුරු මේ රට හදාගන්න බැරිය. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 04 May 2015 02:41 AM

නාමල් මහතාට විතරයි සත්‍ය වැටහී තිබෙන්නේ. කෝ මේ අනෙක් එජාපය වෙනුවෙන් හඬ නඟන උදවිය? හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදියි කියන්නත් කොන්ද කෙළින් තිබීම වැදගත් නේද? (නි)

:       0       0

එල්.එම් ආරියපාල Monday, 04 May 2015 03:03 AM

මිට කලින් පාලන සමයේ මෙරටට පැමිණි ඇමෙරිකන් සහ යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධන්, විග්නේශ්වරන් වැන්නෝ හමුවෙන්නට කලින් විරුද්ධ පක්ෂ නායකයා හමුවුණා කියලයි මට මතක. මේ සැරේ එහෙම එකක් අහන්නවත් නැහැනේ. (නි)

:       0       0

කිත්සිරි Monday, 04 May 2015 03:44 AM

ලංකාවේ අයගේ කැමත්තෙන්නේ ඉතින් මේ අය පත්කරගත්තේ. අපේ මොකෝ? අපේ ළමයෙක්වත් ඔය රටේ නැහැ. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 04 May 2015 03:48 AM

නාමල් මහතාණෙනි, ඔබතුමා සෘජුවම කියන්නේ ඇමෙරිකාව මහින්ද මහතා පරාජය කරන්න උදව්කළා කියලාද? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 04 May 2015 04:13 AM

නාමල්, දැන්නම් ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site