
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
"ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු " යන මැයින් ජන අරගල සංවිධානය අද (10) දා මහරගම නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
රජය ගෙන ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දිවයින පුරා ප්‍රධාන නගරවල සංවිධානය කරන මෙම විරෝධතා මාලාවේ පළමු විරෝධතාවය ලෙස මහරගම නගරයේදී මෙය පැවැත්වුණි.
එහිදී ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්ති අපිට එපා,කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිපත්තිත් අපිට එපා,පාසල් 300 වහන්න ද බලය දුන්නෙ, පාසල්වල වියදම මාපියන්ට පැටවීම නවතනු, අධ්‍යාපන ප්‍රතිපත්ති සංවාදය පුළුල් කරනු ඇතුළු විරෝධ්තා පාඨ සදහන් පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වීය.
මෙම අවස්ථාවට ජන අරගල සංවිධානයේ විධායක සභික ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS
අයියෝ රජය ඉවරයි! මේ මිනිස්සු පහක්ම උද්ගෝෂණය කරනවෝ..!!!
මේ ගොන් රැල ගනන් ගන්න එපා, මේ දාර අපතයෝ, මොනවාද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා වත් මේ බෝඩ් උස්සන් ඉන්න හාදයෝ දන්නවාද කියන එක සැකයි.
පාසල්වල වියදම නොව දරුවන්ට දෙන පොත්, පාවහන් නිලධාරීන්ට ඇඳුම පවා රජය සපයනවා. ඒ කියන්නේ බදු ගෙවන්නන් ඒ බර දරනවා. එතකොට දෙමාපියන්ට කරන්න දෙයක් නැතිද? පවුලේ වගකීම දරන්න බැරි නම් දරුවන්ට අවශ්‍ය යුතුකම් බැරිනම් දෙමාපියන්ට ආත්ම ගරුත්වය ඇති දරුවන් ඇති පවුලක් ගොඩ නැගීමට හැකිද?