පාර්ලිමේන්තුවේ තිබෙන්නේ සුළුතරයක් වුවත් රටේ ජනතාව අතර බහුතරය සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව මෙවර මැයි දිනියේ දී ඔප්පුවීයැයි එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
වත්මන් පාර්ලිමේන්තුව තුළ එම සැබෑ ජනමතය පෙන්නුම් නොකරන නිසා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනමතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කර ගත යුතු බව කී කබීර් හෂීම් මහතා නව ක්‍රමයක් යටතේ ඉක්මන් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් පවතින ක්‍රමය යටතේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජනමතය එජාපය සමඟයි‘
පිවිතුරු යහපාල Monday, 04 May 2015 12:29 PM
එහෙම එන්නකෝ.... (නි)
ටොම් Monday, 04 May 2015 03:16 PM
ඉක්මන් වෙන්න එපා. ජනතාව කාලයක් බලාපොරොත්තු වුණ ඡන්ද ක්‍රමය ගෙනල්ලා ඡන්දය පවත්වන්න. (නි)
ප්‍රකාශ් Tuesday, 05 May 2015 10:22 AM
මහජනතාව දන්නවා මේ දේ ඇත්ත නැත්ත.(හේ)
අබේරත්න-ටෝකියෝ Monday, 04 May 2015 04:02 PM
දවල් හීන දකින්න එපා (නි)
ප්‍රකාශ් Tuesday, 05 May 2015 10:56 AM
දැන් මහජනතාව ඉන්නේ කලකිරීමෙන්.(හේ)
පියල් Monday, 04 May 2015 10:24 PM
සිහිනයෙන්ද? (නි)
අජිත් කරුණාරත්න Tuesday, 05 May 2015 12:24 AM
ඒක නිසා තමයි මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ. (නි)
ප්‍රකාශ් Tuesday, 05 May 2015 11:17 AM
ඒක කියන්න පුළුවන් ජනමත විචාරයක් තියලා තමයි.(හේ)
සහන් Tuesday, 05 May 2015 02:07 AM
ඒක එහෙමම තමා (නි)
විජේසිංහ Tuesday, 05 May 2015 02:16 AM
අපි නොදන්නා බහුතරය! බලමුකෝ, තව ටික දවසනේ (නි)
ඇසළ Tuesday, 05 May 2015 02:31 AM
එන්න. අපි දෙන්න බලාගෙන ඉන්නේ. (නි)
නිමල් ලාලිත Tuesday, 05 May 2015 02:43 AM
අනේ හොඳයි. හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වා ,ජනතාව කාගේ පැත්තේද කියලා බලන්න. (නි)
ලාල් Tuesday, 05 May 2015 04:02 AM
ජනතා සහයත් එජාපෙටයි,ජනපතිතුමාගේ සහයත් එජාපෙටයි,ඊළඟ ආණ්ඩුවත් සම්පුර්ණයෙන්ම එජාපයයි (නි)
ඉඳුනිල් Tuesday, 05 May 2015 06:27 AM
ජනමතය නොබෙදුනු එක්සත් පක්ෂයක් තමඟයි (නි)