(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැති බව වාර්තාවේ.
ජනාධිපති නිල නිවසේ පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වී ඇත.
අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තාවේ.
සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබා නොදීමට හේතු වූ කාරණා ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.