
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ.
ඇස් කණ්ණාඩි අවශ්ය සියලු විශ්වවිද්යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්යාලය තෝරාගන්නා ලදී. ඒ අනුව, එම විශ්වවිද්යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිදු කෙරිණි. වැඩසටහනේ දෙවෙනි අදියර ඔක්තෝබර් 10 වෙනිදා රුහුණු විශ්වවිද්යාලයේදී පැවැත්විණි.
බ්රිතාන්යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් ක්රියාත්මක මෙම වැඩසටහන යටතේ අක්ෂි පරීක්ෂණවලට ලක් වූ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකුට අවශ්ය ඇස් කණ්ණාඩි හෙට එම විශ්වවිද්යාලයේදී ප්රදානය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ කටයුත්තක්. කිසිම බයක් සැකක් නැතුව නියම සුදුස්සාටම ලැබෙන කටයුත්තක්. නේත්රා යුගල පරීක්ෂා කරලාම දෙන්නේ. ඒක නිසා නියම සුදු තැනැත්තාටම ලැබෙනවා. අස්වැසුම බාගෙට බාගයක් ගත්තේ නැති අයට වඩා හොඳින් සල්ලි තියෙන දුර්ජනයන් පිරිසක්නේ.