IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජනපති විමර්ශන කොමිසන් වාර්තාවට සජබ නඩු මඟට

(නිමල කොඩිතුවක්කු)

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති  විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය අද (9) තීරණය කරනු ලැබීය.

මෙම වාර්තාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති  විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව, මෙම ක්‍රියාවලියට  එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කර එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කළ බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි  ජන බලවේගය සඳහන් කළේය.

එම නිවේදනය තවදුරටත් මෙසේද සඳහන් වේ.

"දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති  විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපති වරයාට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී. 
 
එකී වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ මාස තුනක් තුළ ලබා දීමට දෙවන විශේෂ  ජනාධිපති කොමිසමක් ද ගැසට් මගින් පත්කර ඇත.
 
එම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල  මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු අතර එම ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයම ව්‍යාකූලත්වයට පත්කරන සුළුය.

මෙය හුදෙක් අන්තනෝමතික දේශපාලන පලිගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන්  ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඩ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුලු වැඩපිළිවෙළක් බවත් අප විශ්වාස කරමු.

මේ තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග  පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ  පක්ෂ නායක සාකච්ඡාවක්  ද පවත්වනු ලැබීය.

එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගත් අතර ඒ අනුව, මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, මේ අත්තනෝමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කොට එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය.



අදහස් (3)

ජනපති විමර්ශන කොමිසන් වාර්තාවට සජබ නඩු මඟට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 02:56 PM

මේ දෙපාර්ශවයේම දේශපාලන බල අරගලය ගැන අපට කිසි ඇගයීමක් කිරීමට වුවමනාවන් නැහැ. ඒත්, පවතින රටේ නීති පද්ධතියට හා අධිකරණ ක්‍රමයට පරිබාහිරව කෙරෙනා දේශපාලන උපදෙස් හා වුවමනාවන් කෙරෙන පක්ෂග්‍රාහී තීන්දු ගැන අපේ ඇත්තේ දැඩි පිළිකුලක්. ඒ කෙසේ වෙතත්, සැබෑ අධිකරණයෙන් මේ ව්‍යාජ වඩා හා තීන්දු ගැන හොඳ ප්‍රතිචාරයක් රටට ජනතාවට දැකගැනීමට හැකිවේවි.

:       5       11

asdfg Wednesday, 10 February 2021 03:38 AM

"වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕන නෑනේ..."

:       0       0

Raveendra Wednesday, 10 February 2021 05:58 AM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඔබට පාර්ශව දෙකක් පිළිබඳව ඇගයීමක් නොතිබුණත් අපට නම් ඇත්තේ රටේ තිබෙන සියලුම පක්ෂ පිළිබඳව ඉතාමත්ම පහත් වචනවලින් සඳහන් කිරීමට අපහසු හැඟීම් සමුදායකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site