IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය. 

ශ්‍රී ලංකා දේශපාලනයේ ආණ්ඩුව ලැබූ  ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළේය.

දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිම හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී  නායකයන් අවධානය යොමු කළ අතර,  ඒ සඳහා නව උපායමාර්ගික සැලැස්මක වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පාකිස්ථාන අගමැතිවරයා දැනුම්වත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් රජය දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් යුතු ආර්ථික කළමනාකරණයක් සිදු කරමින් සිටින බව කියා සිටියේය. ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් පදනමක් එක් කිරීමට කටයුතු කළ හැකි බවද  ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. 



අදහස් (1)

ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි

Hira Wednesday, 12 February 2025 12:19 PM

පාකිස්ථාන අගමැති ඉංග්‍රීස්යෙන් අහපුවාලු. කොහොමද මචෝ මෙච්චර පච විඳින්නේ. මටත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ.....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site