IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපතිගේ තීරණය උසාවිය අත්හිටුවයි

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගත් බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.

ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.

 



අදහස් (0)

ජනපතිගේ තීරණය උසාවිය අත්හිටුවයි

ලංකා Monday, 18 May 2015 02:47 AM

අධිකරණය වාරණය කරලා විතරයි. මොකටද බයවෙලා? යහපාලනයේ ඉතා සුබ ළකුණක්. (නි)

:       0       0

විපුල Monday, 18 May 2015 03:29 AM

මෙහෙම තීන්දු ගැසට් කරලා අධිකරණයෙන් අතුරු තහනම් නියෝග පැනවීම කොහොමද යහපාලනය වෙන්නේ? ගැසට් කරනකොට හරිහමන් තීන්දු ගන්න ඕනෑනේ (නි)

:       0       0

රකිත් Monday, 18 May 2015 03:34 AM

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිමට වැටුණා වගේ මට හිතෙන්නේ. අධිකරණය ස්වාධීන බවත් පෙනුණා, ඉඩම් නැවත ලබාදීමත් අත්හිටවුණා. (නි)

:       0       0

හසිත් Monday, 18 May 2015 03:50 AM

දහම් ලාට හරි යන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ නඩු තීන්දු තමයි. (ම)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 03:53 AM

නඩු හබ හැමතැන -රට නැගුම -කොට උඩ (ම)

:       0       0

අජිත් Monday, 18 May 2015 05:08 AM

මොහොමඩ්ලගේ හිත රිදිලා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

පුෂ්ප Monday, 18 May 2015 05:23 AM

මෛත්‍රීපාල මහත්තයා එහෙම ඕනෑවට එපාවට තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

දහම් Sunday, 17 May 2015 12:48 PM

මේ යහපාලනේට අධිකරනයෙන්වත් පාඩම් ඉගැන්විය යුතුය(නදී)

:       0       0

විමුක්ති Sunday, 17 May 2015 12:49 PM

අධිකරණයේ ස්වාධීනත්වය තව තවත් තර කෙරුන වගයි (නදී)

:       0       0

ලලිත් Sunday, 17 May 2015 12:53 PM

තීරණය යුක්ති සහගත විය හැක. එහෙත් මෙය නව සංශෝදනයේ (19) ප්‍රතිපලයකි. මේ තීරණය කෙසේ වෙතත් රටක් ස්ථාවර දැක්මක් සදහා නිශ්චිත තීරණ ගැනීම අවශ්‍ය වේ. එහෙත් නව තත්වය මත කුමක් වෙයිද ? (නදී)

:       0       0

සඳුන් Monday, 18 May 2015 07:05 AM

අපේ සමහරක්ට අධිකරණයේ ස්වාධීනත්වය ඕනෑම නෑ. සපත්තුව ලෙවකන්නමයි ඕනෑ. (බ)

:       0       0

රුවන් Sunday, 17 May 2015 01:30 PM

දහම්, කොහොමද මහින්දට ඔහොම තීන්දුවක් දුන්නා නම්. ඕක තමයි වෙන්න ඕනේ. ජනාධිපති කියන්නේ සර්ව බලධාරී දෙවියෙක් නෙමේ. වැඩ වසම් යුගයේ රජෙකුත් නෙමේ. ඕක තමා වෙන්න ඕනේ.(නදී)

:       0       0

අෂානි Sunday, 17 May 2015 01:43 PM

එතකොට ජනාධිපති තුමා පිස්සු වැඩ කරන්න ඕනද අධිකරණය නිවරැදි කරන්න (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 17 May 2015 01:58 PM

රුවන් තමාට මනා බුද්ධියක් නැති බව පැහැදිලිය.රටේ නායකයන් තීන්දු තීරණ ගත යුත්තේ ආවට ගියාට නොවන අතර ඒ ඒ කරුණු මනාව නිරීක්ෂනය කිරීමෙන් පසුවයි. පාලකයන්ගේ නොදැනුවත් කම අධිකරණය විසින් මාස හතර ඇතුලත දෙවතාවක්ම පෙන්වා දී ඇත.බුද්ධිමත් නායකත්වයක් රටට අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිය (බ)

:       0       0

උපුල් Sunday, 17 May 2015 02:27 PM

මෙන්න මේකට තමයි අපි ඡන්දෙ දුන්නේ ඕකට තමයි යහපාලනය කියන්නේ එ්කාධිපතියකුට ඔය තීරණය ලැබුන නම් ඔය තුන් දෙනාම ගෙදර සමහරු නඩු කාරයන්ගේ ගෙවල් වලට ගල් ගැස්සෙව්වා වගේම තව සමහරු එක රැයින් රටේ ප්‍රධානම නඩුකාරයව ගෙදර යැව්වා (බ)

:       0       0

තිස්ස Sunday, 17 May 2015 02:50 PM

ඉන්දියාව අපේ ප්‍රොජෙක්ට් නවත්තල ඔවුන් චීනය එක්ක මෙගා ඩීල් අත්සන් කරලා. අපේ ලොක්කෝ පරිසරය අල්ලාගෙන දගලනවා.(නදී)

:       0       0

සිල්වා Sunday, 17 May 2015 03:48 PM

රටේ සංවර්ධනයට ඉවහල් වන රැකියා විශාල ප්‍රමාණයක් ලැබෙන ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ගිය රජයෙන් අරඹපු මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න පවතින විෂමතා ඉවත්කර රටට ඔබින විදිය කරගෙන යන්න ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ මේ ව්‍යාපෘතිය ලංකාවේ ලොකුම ව්‍යාපෘතිය ඉන්දියාව කියන විදියට රටේ සංවර්ධනය අඩාල කරන්න දෙන්න බැහැ. (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 17 May 2015 04:37 PM

පසුගිය රජය කාලයේ වුණා නම්, මෙලහකට දෝෂාභියෝගයක් ඇතුව හෝ නැතුව විනිසුරුගේ රැකියාවත් ඉවරයි.යහපාලනය නිසා, බලතල කපාගත් නිසා සිදුවන දේවල් මේවා (නි)

:       0       0

ලක්සිරි Sunday, 17 May 2015 04:51 PM

ලංකාවේ සමහර මෝඩ මිනිස්සු තවමත් බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඕනෑ තීන්දු ලබාගන්න පුළුවන් අධර්මිෂ්ට පාලනයක්. සැබෑම වහල්ලු? (නි)

:       0       0

විජිත Sunday, 17 May 2015 05:02 PM

අද වෙනකල් යහපාලනය කළේ ගිය ආණ්ඩුවේ කළ දේවල් විවෘත කළ එක සහ පටන්ගත් ඒවා වලට අකුල් හෙළීම කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ලලිත් Sunday, 17 May 2015 05:02 PM

ඔන්න මල්ලි නිදහස. ඉස්සර ඔහොම තීන්දුවක් දුන්නා නම් නඩුකාරයා කණපිට ගහලා තමයි නතර වෙන්නේ. යහපාලනෙන් මේ ටික කළ එකම මදිද? (නි)

:       0       0

විජේසුන්දර Sunday, 17 May 2015 06:05 PM

අධිකරණයේ ස්වාධීනත්වය ගැන සතුටුයි (නි)

:       0       0

පෙරේරා Sunday, 17 May 2015 06:11 PM

දහම්, කලින් දැක්කා නේද අගවිනිසුරුට වුණ දේ? දැන් එහෙම වෙන්නේ නැත්තෙ යහපාලනය නිසා. (නි)

:       0       0

රවි බණ්ඩාර Sunday, 17 May 2015 09:27 PM

අහෝ උපුල්, රටට ලැබුණ ආයෝජනයක් නවතන එක යහපාලනයද? පසුගිය රජය කළ ව්‍යාපෘති නැවැත්වීම අපට නම් පෙනෙන්නෙ යහපාලනයක් ලෙස නොවෙයි. කොළඹ නගරයත් එන්න එන්නම අවලස්සන වෙනවා. නඩත්තුව නැතුව. ඒත් යහපාලනය වෙන්න ඇති. (නි)

:       0       0

බුද්ධි Monday, 18 May 2015 12:17 AM

අනේ මන්දා! මෙතන දීලා තියෙන්නේ අතුරු නියෝගයක්. තීන්දුවක් නොවෙයිනේ. කුමක්ද නිවැරදි වියයුත්තේ යන්න තීන්දු කර නැහැ. එකක් පැහැදිලියි. ජනාධිපතිවරයා සහ අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවයි. යහපාලනයේ වරද අධිකරණයෙන් නිවැරදි වන්නේ නම් එය යහපාලනයේ හොඳකි (නි)

:       0       0

විකුම් Monday, 18 May 2015 12:55 AM

සාම්පුර් ඉඩම් නාවික හමුදාවට දියයුතු යැයි මම පවසමි. එම ඉඩම් නැවත රජයට පවරා ගැනීම හරි තීරණයක් (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 18 May 2015 01:06 AM

දහම කොච්චර දැනගෙන හිටියත් යහපාලනය සහ අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

විජේසුන්දර Monday, 18 May 2015 01:22 AM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

සම්පත් Monday, 18 May 2015 02:17 AM

ආයෝජකයෝ බයවෙනවා. දේශපාලන තීරණ නිසා අධිකරණයට ආයෝජකයන්ට යන්න වීම රටට හොඳ මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site