
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික තෙල් සමාගම් සමග එළැඹ ඇති පැරණි ගිවිසුම් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුවේදී පැවසීය.
තෙල් මිල වැඩි කළේ නැතිනම් විකුණන්නේ නැතැයි පෞද්ගලික සමාගම් පවසන බව කී ජනාධිපතිවරයා ඩීසල් වෙළෙඳපොලේ තෙල් සමාගමේ පංගුව සියයට 77ක් ද පෞද්ගලික සමාගම් පංගුව සියයට 23 ක් ද වශයෙන් තිබෙන අතර " කට්ටියට බැරි නම් ඒකත් අපිම කරන්නම්" යනුවෙන්ද පැවසීය.
"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" යන තේමාවෙන් ඉබ්බාගමුව ගොකරල්ලේදී පැවති මෙම ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
අපේ ආණ්ඩුව හදනකොට රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තැබුවා. පසුගිය වසර දෙක තුළ එම බලාපොරොත්තු ඉතා සුබවාදී ලෙස ඉටු කිරීමට අප සමත් වී තිබෙනවා. ඉස්සර අපේ රටේ ප්රාදේශීය සභාවේ සභාපති ධුරය, මන්ත්රී ධුරය, ඇමති ධුරය, ජනාධිපති, ජනාධිපතිගේ නෝනා, ජනාධිපතිගේ පුතා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් වගේ. ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්රියාත්මක වුණේ නැහැ. නීතිය ක්රියාත්මක වුණේ පොල් ගෙඩියක්, කෙසෙල් කැනක් කපපු පොඩි හොරුන්ට විතරයි. නීතිය මකුළු දැලක් වගේ පොඩි කෘමීන් අහුවෙනකොට, ලොකු අය මකුළු දැල කඩාගෙන ගියා. ඒත් අද තරාතිරම නොබලා ඕනෑම වංචනිකයෙකුට නීතිය ක්රියාත්මක වෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි, පරිස්සම් වෙන්න! „ඔස්සිකොරයා“ වගේ අයත් ඉන්න පුළුවන් ඔය අතරේ…
කොරයි අට දෙක තබුත්තේගම ලපයා
ඔන්න රටට ආදරය කරන නායකයෙක්,,අපි අවුරුදු 76ක් රටේ පාලනය බාරදුන්නෙ පල් හොරුන්ට,, තවමත් පෙර බවයක කරපු පව් වලට ණය ගෙවන්නද කොහෙද උන්ගේ පස්සේ යන වහල්ලු පව්කාර සෙට් එකක් ඉන්නවා
කෙළින් කතා, කෙළින් වැඩ. මීටර් පෙර ජනාධිපතිලා ඉන්නේ බොරු කියන බවක් විතරයි දන්නේ.
ජයවේවා ජනාධිපතිතුමනි!
ජනාධිපතිතුමා ගෙ දූරදර්ශී තීරණ ජනතාව පැහැදිලිවම අනුමත කරනවා. රටට, ජනතාවට අවැඩක්, අයහපතක් වන දෙයක් AKD, මාළිමා පාලනය යටතේ නැති බව රටම දන්නා කරුණකි. දැන් එහෙනම් විදෙශීය තෙල් සමාගම් මගින් තර්ජනයක් එල්ල වන මෙ මොහොතේ එය ජනතාව වෙනුවෙන් මර්දනය කිරීම ජනාධිපතිතුමා සතු වගකීමක් බව ඔවුන් පැහැදිලිවම දැනගත යුතුය ...
සෙනඟ දැක්කහම සමහර අයට නිකන් මොකක්දෝ මොකක්දෝ වෙනවා වගේ ඇති නේද?
හාල් මාපියාව බින්දා වගේ වෙයි.