IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති

බිඟුන් මේනක ගමගේ 

උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ. 

උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසියේම අද පෙරවරුවේ මහනුවරට පැමිණ ජනාධිපති නිල නිවෙසේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් හමු වූ අවස්ථාවේදීය. 

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියන්ගේ හා ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී හිමියන්ගේ අස්සන් යුතුව නිකුත් කර ඇති මේ ලියැවිල්ල රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කරුණු 21 කට අදාළව යෝජනාවලියක් ලෙස සකස් කර ඇත.



අදහස් (12)

ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති

රවීන්ද්‍ර Wednesday, 05 April 2017 09:19 PM

ජනාධිපති වැඩ කරන්න ඕනේ ජනාධිපති ලෙස පත් වී වසර 2 කට පසු මහ නායක හිමි වරු දෙදෙනෙකු දෙන ලියුමක් අනුවද තමන් ජනාධිපති වෙන්න කලින් ජනතාවට දුන් පොරොන්දු අනුව ලැබුනු ජනවරම අනුවද කියන එක දැන ගන්න ඕනේ.. මිනිහෙකුට නායන හිමිවරුන් දෙදෙනෙකු දෙන ලියුමකින් ජනාධිපති වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ..

:       196       233

hxxcsbhThursday, 06 April 2017 03:41 AM

ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරනු මහා නායක ලද ඔබව පත් කලේ

:       29       51

ලුම්බිණි Thursday, 06 April 2017 02:32 AM

උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවක් තිබෙනවා නේද හාමුදුරුවනේ?

:       139       11

corrigo Thursday, 06 April 2017 04:30 AM

හොඳ තත්වයක්. මැදහත්ව සිත සැම ජාතියක්ම එක වගේ ඉන්න පුළුවන් පරිසරයක් සැදීම අවශ්‍යයි. උතුරේ ද්‍රවිඩ පවුල් වල ආර්ථික තත්වය නගාසිටුවීමත් වේගවත් කරන්න

:       0       9

sopi Thursday, 06 April 2017 06:16 AM

හරියට හරි හාමුදුරුවනේ... අන්‍යාගමිකයන් වන අපත් ඔබතුමන්ලාගේ මතයට ගරු කරනවා.

:       1       5

kumar (galf0 Thursday, 06 April 2017 06:21 AM

දේශපාලන පොරොන්දු කුමක් වුවත් ලෝක බලපෑම් කෙසේ වුවත්, මේ රට නොබෙදී එකක් ලෙස පවත්වාගෙන යාම සඳහා ජනාධිපති බලතල අනීවාර්යයෙන්ම එසේම තිබිය යුතුයි.

:       0       32

weerasinghe Thursday, 06 April 2017 06:32 AM

බලය අත්තනෝමතිකව යොදවන්නේ නැත්නම් විධායක ක්‍රමය හොඳයි. කොහොම උනත් හැන්ද අතේ තියාගෙන බලය බෙදන එක වඩා හොඳයි. අපි හැමෝම ශ්‍රී ලාංකික කියන්න අපි කැමතියි.

:       0       6

nihal Thursday, 06 April 2017 06:48 AM

විධායක ජනාධිපති කෙනෙක් සිටි නිසා වසර 30ක යුද්ධය ජයගන්න පුළුවන් උනා. නමුත් ඒ ප්‍රශ්නය මෙරටෙත්, ජාත්‍යන්තරවත් හරියට විසඳී නෑ. රට නොබෙදා ප්‍රශ්නය විසඳීමට නම් නායක හිමිවරුන්ගේ අදහස පිළිගන්න වෙනවා. ඔවුන් ඒ දේ කියන්න ඇත්තේ පසුගියදා මානව හිමිකමේ නායකයාගේ ප්‍රකාශයන් නිසා වෙන්න පුළුවන්.

:       0       4

nuwan Thursday, 06 April 2017 07:04 AM

නරකද කිරි ටිකක් පෙව්වනම් අපේ හාමුදුරුවනේ ...

:       1       2

Nandalal de Silva - France Thursday, 06 April 2017 04:51 PM

රට කරවන නායකයන්ට මහා සඟරුවන විසින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම පෙර සිටම අපේ රටේ පැවති චිරාගත චාරිත්‍රයක් විය.

:       2       13

Abayasekara Friday, 07 April 2017 08:07 AM

1972 ව්‍යවස්ථාවත් විධායක ජනාධිපතිකමත් නිසා ඇතිවුන යුද්දය නැවතීමට ලක්ෂ ගණන් ජීවත බිලි දෙන්න සිදුවිය. තවත් එම ජනාධිපතිකම තියාගෙන ඉන්නද?

:       21       0

‍ටි. ආර්. රණවීර Friday, 07 April 2017 02:20 PM

ජේ. ආර්.ජනාධිපති තුමොගේ දුර දක්නා නුවන තේරැන් ගැනීමට වර්තමාන කුහක මිනිසුන්ට තව කොපමණ කාලයක් යයිද?තවත් අවනීතිය රජයන ජනාධිපතිවරයෙක් බිහිවුනොත් රටට කුමක් වෙිද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site