(මහේෂ් කිර්තිරත්න)
ජනතාවට හිරිහැරයක් හෝ පීඩාවක් ඇති වන ආකාරයේ කිසිදු අණපනතක් සම්මත කිරීමට වත්මන් රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
රජය ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ඇතැම් කුඩා කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවගේ අයිතිවාසිකම් හා සුබසාධනයට හානි වන ආකාරයේ නීති රීති ගෙන ඒම රජයේ අරමුණ නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ජනතාවට අසත්‍ය තොරතුරු මත පදනම්ව නොමග නොයන ලෙස ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන අනුව පොලිසියට දී තිබෙන බලතල ගැන බොහෝ දෙනෙක් අකමැති බව ප්‍රකාශ වෙනවා. ඔබතුමාලා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා හරියන්නේ නැහැ. මේ ගැන දැනුවත් විද්වත් මණ්ඩලයක් සහ සාමාන්‍ය ජනතාව සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න. ඔබතුමාලා බය වෙලා ඉන්නේ වර්තමාන රජයත් කිසියම් වැරදි මාර්ගයකින් එනවා නම් ගෝඨාභයට බෙදපු හැන්දෙන් තමයි මහජනතාව ඔබලාටත් බෙදන්නේ කියලා. ඒවා හරියන්නේ නැහැ. ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියලා අපි දන්නවා.
ජනතාව කියන්නේ කැබිනට් එක ඇතුලු එකසිය පනස් නවය කියල හිතෙනවාද දන්නෙ නෑ .