IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජනතාවට නීතිය කියා දෙන්න අධිකරණ අමාත්‍යාංශය රට පුරා යයි

(අංජුල මහික වීරරත්න)

ජනතාව තවදුරටත් රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසීය.

Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ජනතාවට යුක්තියට ප්‍රවේශ වීමට ඇති අවස්ථා ලබාදීම සදහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වූ දැනුම අවබෝධය ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැති බව පැවසීය.

මේ තත්ත්වය අවම කිරීම සදහා දැනුවත් කිරීමේ  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙන බව කී අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික භාෂා අධ්‍යාපන ආයතනය, භාෂා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන අධිකාරිය, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, ණය සහනදායක මණ්ඩලය, ජාතික ළමා රක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, වැවිලි සහ ජ්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කම්කරු විනිශ්චය සභාව, පොලිස් කොමිසම, පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකය, වතු වෘත්තීය සමිති, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන විසින් නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ කුටි ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (2)

ජනතාවට නීතිය කියා දෙන්න අධිකරණ අමාත්‍යාංශය රට පුරා යයි

nimal Saturday, 02 August 2025 05:12 PM

අධිකරණ අමාත්‍යාංශය රට පුරා යාමේදී රටේ ජනතව ඇමතිවරුන් සහ මන්ට්‍රිවරුන් වෙත ඉදිරිපත්කළ ගැටළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත යොමුකරනු ඇත...

:       0       0

Niranga Sunday, 03 August 2025 01:51 PM

ඉතා හොඳ වැඩක්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site