IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂක කරගන්න

(අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ වීරයකු වී සිටින ජනක රත්නායක මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

රට නැවත සංවර්ධන මාවතට යොමු කරන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නට විවිධ පුද්ගලයන්  සම්බන්ධ වී සිටින බව කී රත්නප්‍රිය මහතා  ජනක රත්නායක යනු එයින් කෙනෙක් බව සඳහන් කළේය.

තව ටික දවසකින් ජනක රත්නායකගේ ඇත්ත තත්වය රටේ ජනතාවට දකින්න පුළුවන් වනු ඇතැයි කී රත්නප්‍රිය මහතා මහජන උපයෝගීතා කොමිසමේ මීට පෙර හිටපු සභාපතිවරුන් තමන්ගේ රාජකාරිය මොකද්දැයි හරියට  තේරුම් ගෙන වැඩ කළ බව සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කළේ තනතුරට නුසුදුසු ආකාරයෙන් කටයුතු කිරීම නිසා බවද රත්නප්‍රිය මහතා කීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (13)

ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂක කරගන්න

බද්රානි Thursday, 25 May 2023 07:06 PM

ජනක රත්නායක මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය නිපුණත්වය සමග හැරෙන්නවත් බැරි මේ කොහේවත්, ඉන්න අයද දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ...? තමන්ගේ තරම දැනගෙන වැඩකරන්න... එනවා මෙතන බක පණ්ඩිතකම් දොඩවන්න. මොනවා කරන්නද ඉතින්...? ලංකාවේ පුස්සන් තමයි හැමදාම කරලියේ බඩ පිනුම් ගැහුවේ...! 

:       10       41

Samitha S. Aluthgamage Thursday, 25 May 2023 08:24 PM

කතාව හරියටම හරි... ජනක රත්නායක මහතාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් සුදුසුකම් නොමැති අය කතා කරන්නේ නිකං මහා ලොකු උගතුන් වගෙයි. වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුර ගත්තේ විභාග ලියලා උපාධි අරන් වගෙයි කතාව...

:       8       27

විපරමා Thursday, 25 May 2023 07:26 PM

ඔය කොයි කෙනාගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       5       28

AKS aththanagoda Thursday, 25 May 2023 08:19 PM

ජනතාවට තවමත් හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 123 දැන් සැපද?

:       4       23

ඉන්දික Thursday, 25 May 2023 08:37 PM

මෙයාට මොකක්ද තියෙන අයිතිය විපක්ෂය ගැන කතා කරන්න. ඔයා රනිල්ට කඩේ යන්න විපක්ෂයේ වැඩ ඒ ගොල්ලෝ කරගනියි...

:       0       5

Yogananda D.N. Thursday, 25 May 2023 08:41 PM

ජනාධීපතිවරණයක් පැවැත්වුවහොත් මේ කියන විදියට ආණ්ඩුව නියෝජනය කරන පොදු අපේක්ෂකයා සමන් රත්නප්‍රිය? මගේ අම්මෝ අරගලයක් කරපු විප්ලවය... කොහේ වැටිලා හිටපු කෙනෙක්ද? කටුස්සගේ කරේ රත්තරන් බැන්දා කියන්නේ මේ වගේ සිද්ධිවලට වෙන්න ඇති...

:       0       4

ගමේ එකාලා Thursday, 25 May 2023 08:53 PM

දේශපාලුවන්ට ගොට්ට අල්ලලා ලොක්කෙක් වුණාට තමුන් මහා ලොකු කෙරුමෙක් කියලා හිතාගෙන ඇති...

:       0       4

රනුල් Thursday, 25 May 2023 08:57 PM

මේ අර කුප්‍රකට ඇන්ජීඕ පප්පා නේද විපක්ෂයට උපදෙස් දෙන්නේ...! දවස් දෙක තුනක් මන්ත්‍රීකම කරලා V8 එකක් අරගෙන විකුණා ගත්තේ... ජනාධිපතිටත් වෙන කවුරුත්ම හිටියේ නැද්ද වෘත්තීය සමිති උපදේශකකම දෙන්න...!

:       0       4

Nimal Friday, 26 May 2023 03:03 AM

කොච්චර කෑ ගැහුවත් ඔහෙලා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුන අය .දැන් මෙහෙ එක එක තනතුරු ගත්තට ,පිට රටක හිටියානම් පඩේකට ගණන් ගන්නේ නෑ ඔහෙලා වගේ කහින උන්

:       0       6

සසර Friday, 26 May 2023 07:14 AM

දේශපාලන සම්ප්‍රප්පලාප සහ පුස් කතා ප්‍රධාන මාධ්‍ය ධාරාවන් තුල ප්‍රචාරය කිරීම හෙලා දකිමි. මින් හුදෙක් නොමග යන්නේ තාරුණ්‍යය සහ ලමා මනසයි.

:       0       3

Rohana Friday, 26 May 2023 08:34 AM

මේ මොන ගෙම්බෙක්ද රටේ ජනාධිපති අපේක්ෂකයා තීරනය කරන්න.

:       0       6

Prabha Friday, 26 May 2023 08:48 AM

අර උණුවතුර බෝතලේ

:       0       3

බද්‍ර කල්යාණි Friday, 26 May 2023 10:06 AM

ජනක රත්නායක මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය නිපුණත්වය සමග හැරෙන්නවත් බැරි මේ කොහේවත්, ඉන්න අයද දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ...? තමන්ගේ තරම දැනගෙන වැඩකරන්න... එනවා මෙතන බක පණ්ඩිතකම් දොඩවන්න. මොනවා කරන්නද ඉතින්...? ලංකාවේ පුස්සන් තමයි හැමදාම කරලියේ බඩ පිනුම් ගැහුවේ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 939 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1016 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site