IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට

(ඩයනා උදයංගනී)

ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

භික්ෂූන් වහන්සේ නමක, පොලිස් නිලධාරියෙකු, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙකු ද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

අත්අඩංගුවට ගෙන සිටින භික්‍ෂූන් වහන්සේ ඇතුළු සිංහල ජාතිකයින් 11 දෙනාගෙන් වැඩිදෙනකු බොදුබල සේනා සංවිධානයට ඍජුවම සම්බන්ධ අය බව මේ වන විට තහවුරු වී ඇතැයි ද ජයකොඩි මහතා කියයි.  

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් භික්‍ෂූන් වහන්සේනමක් හා තවත් සිවිල් වැසියන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව ද ඒ මහතා පවසයි.

ජාතීන් සහ ආගම් අතර විරසකය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව ඔවුන් සම්බන්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (21)

ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට

shan saudi Sunday, 18 June 2017 10:54 AM

දැන් එතකොට අත්අඩංගුවට ගන්නේ ඔය කියන දේවල් කරන අය විතරද? වවුනියාවේ බුදුපිළිම කැඩුවා. යාපනේ පන්සල් හදන්න දෙන්නේ නෑ.. නැගෙනහිර තියෙන පන්සල් පවත්වාගන යන්න දෙන්නේ නෑ. ඒ වගේ අයත්පුජා භුමි බලෙන් අල්ල ගන්නවා. හාමුදුරුවරුන්ට හිරිහැර කරනවා. මේවාට නීතිය ක්‍රියාවේ යොදවන්න. ඔය කියන නිලධාරීන්ට කොන්ද පණ නැද්ද? නැත්නම් මුදල් වලට යටවෙලාද? අයි බෞද්ධයාට විතරක් නීති රට පාලනය කරන්නේ?

:       3818       4420

sunimalSunday, 18 June 2017 12:55 PM

ශාන්, ඒකට තමයි සහජිවනේ කියන්නේ, ඇයි දන්නේ නැද්ද?

:       813       777

arschfikaa Sunday, 18 June 2017 11:31 AM

මේ අය රටට පිළිකාවක්...වහාම මේ සඳහා ක්‍රියාත්මක වන්න! අනිකුත් ජාතියේ අයව නිදහස් කරන්න.

:       571       191

susantha Sunday, 18 June 2017 11:44 AM

බෞද්ධයින් විතරක් මර්ධනය කරන බව නම් පැහැදිලියි. අපවාදයෙන් බේරෙන්න නිකමට වගේ වෙන කීප දෙනෙකුත් අත්අඩංගුවට අරගෙනලු. නිකන්ම ගෙදර යවල ඇති පස්සේ බොරු පැමිණිල්ලක් විතරක් කරලා. හමුදුරුවරුනම් ඉතින් ගිහින් හිරේම දාන්නනේ හදන්නේ...

:       1393       1511

susantha Sunday, 18 June 2017 11:51 AM

ඔක්කොම සිංහලයට විතරයි. දැන් නම් මගේ මාළු නටනවා මේ අයත් එක්ක. මේ අයට තේරෙන්නේ නැද්ද බෞද්ධ උරුමයන් විනාශ කරනවා, බලෙන් අල්ලන් ඉන්නවා කියලා. ඒ නිසා තමයි හාමුදුරුවෝ කෑගහන්නේ. හරියට ලංකාව දැන් සිංහලයාගේ නෙමෙයි වගේ. බාමියන් පිළිම විනාශ කළේ ඒ රටේ බෞද්ධයන් නැති හින්දයි. ලංකාවේ බෞද්ධයෝ හිටිද්දීම අපේ බෞද්ධ උරුමයන් හිටු කියල විනාශ කරනවනේ...

:       1425       1485

karumeMonday, 19 June 2017 05:01 AM

මාළු නටනවා නම් හොද්දක් හදා ගත්තානම් ඉවරයිනේ... , නිකම් බොරුවට කියවන්නේ නැතුව....

:       0       0

Chandra Sunday, 18 June 2017 12:13 PM

ඔය අතරේ ඉන්නවද අර රූපවාහිනි වැඩ සටහනකදි පල්ලි වලට ප්‍රහාර එල්ල කලා කියපු පුද්ගලයා සහ නාවලපිටියේ ගිනි ගැනීම ගැන වැරදි අදහසක් දුන් පුද්ගලයා ?

:       399       505

sunimalSunday, 18 June 2017 01:13 PM

හා හා ඒ අයට මොකුත් කියන්න එපා, සහජිවනේ බිඳෙයි!

:       225       304

anilSunday, 18 June 2017 01:21 PM

චන්ද්‍රා, සහජිවනේ බිඳින ජාතිවාදියෙක් වෙන්නද හදන්නේ? සංහිඳියාව නැති කරලා ජාතිවාදේ ඇති කළා කියලා හිරේ යන්න ආසද?

:       218       260

shan saudi Sunday, 18 June 2017 01:03 PM

මම අහන්න කැමතී ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් උතුරේ සියලු අන්‍ය ආගමික ස්ථාන හමුදා යලි ගොඩනගා යථා තත්වයට පත් කළා නම් උතුරේ ඇති පන්සල් යුද්ධයෙන් පසු යළි ගොඩනැගීමට ඉඩ නොදී කරන කටයුතු කරන හා එහි සිංහලයන්ට පදිංචි වීම පන්සල් ගොඩ නැගීම තහනම් කරමින් නීති ගෙන එන හාමුදුරුවන්ට තර්ජනය කර හිරිහැර කරන, රටේ ඕනෑම තැනක බෞද්ධ විහාර ඉවත් කිරීම සඳහා ඇති අයිතීන් උල්ලංඝනය කරමින් ඔවුන් කරන මේ අකටයුතුකම් සඳහා ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු නොකරන්නේ ඔවුන්ට ඇති බය නිසාද?

:       329       549

shan saudi Monday, 19 June 2017 04:02 AM

මම අහන්න කැමතියි ..... ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් උතුරේ සියලු අන්‍ය ආගමික ස්ථාන හමුදා යලි ගොඩනගා යථා තත්වයට පත් කළා නම් උතුරේ ඇති පන්සල් යුද්ධයෙන් පසු යළි ගොඩනැගීමට ඉඩ නොදී කරන කටයුතු හා එහි සිංහලයන්ට පදිංචි වීම, පන්සල් ගොඩ නැගීම තහනම් කරමින් නීති ගෙන එන, රටේ ඕනෑම තැනක බෞද්ධ විහාර ඉදිකිරීම් සඳහා ඇති අයිතීන් උල්ලංඝනය කරමින් ඔවුන් කරන මේ අකටයුතුකම් සඳහා ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු නොකරන්නේ ඔවුන්ට ඇති බිය නිසාද? කියලයි.

:       0       2

C.K.Lankaputhra Sunday, 18 June 2017 01:38 PM

හාල්මැස්සෝ අහුවුණාට, මෝරු වෙට්ටු දම දමා ඉන්නවා. අහුවෙන්නේ නැතිව...

:       73       62

chandana Sunday, 18 June 2017 01:45 PM

එතකොට දැන් විග්නේශ්වරන් මැතිතුමාත් ඔය අත්අඩංගුවට ගත්ත ලිස්ට් එකේ ඉන්නවද? අැයි මේ සිංහල අපිට විතරක් ඔක්කොම නීති, පොඩ්ඩක් මොලෙන් හිතන්න... පස්සේ කොමෙන්ට් කරන්න.

:       1076       940

doas Sunday, 18 June 2017 03:22 PM

සියළුම ජාතිවාදීන්ට විරුද්ධව එකම නීතිය ක්‍රියාත්මක කල යුතුයි. ජාතිවාදය හෙළා දකිමු.

:       22       177

Nilan Sayura Sunday, 18 June 2017 04:01 PM

අවුරුදු 30 ක යුද්ධයක් තිබ්බ මදිද? මේවගේ අය හිරේම තමයි දාන්න ඕනේ...

:       155       224

susantha Sunday, 18 June 2017 04:29 PM

ලංකාව දැන් සිංහලයාගේ නෙමෙයි වගේ....

:       529       562

විකුම් රංගන Sunday, 18 June 2017 06:16 PM

ඒක එහෙම නම්, විග්නේශ්වරම් කියන ජාතිවදියාව අත් අඩංගුවට නොගන්නේ ඇයි? ඔහු තමයි මුලින්ම ජාතිවාදී කතා කියමින් සින්හලයින්ව අවිස්සුවේ..ඒ නිසා ඒ ජාතිවාදියාව වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       5       56

upali Monday, 19 June 2017 02:42 AM

එතකොට අර නාවලපිටියෙ කර්මාන්ත ශාලාවක් විදුලි කාන්දුවකින් ගිනි ගත් එක සිංහලයින් ගිනි තිබ්බා කියපු ඇමතිව තාමත් අත් අඩංගුවට ගත්තෙ නැතෙයි?

:       7       31

shan saudi Monday, 19 June 2017 04:09 AM

කිසිම සිංහලයෙක් ජාතිවාදය අවුස්සන්නේ නෑ... උතුරේ හා නැගෙනහිර දේශපාලකයන් හා ආගම්වාදීන් තමයි මේ සියල්ල අවුස්සලා සිංහලයා කුපිත කරවන්නේ...අපේ රටේ නායකයෝ ඡන්දෙ ගන්න තියන කෑදරකමට වගේ බලාගෙන ඉන්නවා.

:       0       0

nihal Monday, 19 June 2017 04:40 AM

සුසන්ත ඔබ හරි... ලංකාව දැන් සිංහලයන්ගේ නෙමේ.. එතකොට හේතුව ලංකාව පාලනය කරන්නේ සිංහලයෙක් නෙවෙයි කියන එකද?

:       0       4

shan saudi Monday, 19 June 2017 04:49 AM

පල්ලියට බෝම්බ ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට සහ කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනාවේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. එතකොට වවුනියාවේ යාපනේ හා අනෙක් ප්‍රදේශවල බුදුපිළිම විනාශ කල අය කවදාද අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒවා කරන්නේ පොලිසියෙන්ද? සිංහලයාට විතරද දඬුවම් කරන්න හදන්නේ... ජනපතිතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 205 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 704 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site