IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාතික සමගිය ගැන තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

උතුරට යළි ජීවය කැටුව එමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුදුකුඩුඉරුප්පුවේදී අද (2)පැවැසීය.

ජනාධිපතිවරණයේදී ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ බව කී ජනාධිපතිවරයා ඔවුන්  ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන අතර උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” තේමාව යටතේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. 

උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම  අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

රජයේ අරමුණ රට තුළ ජාතික සමගිය නිර්මාණය කිරීම බවත්, ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පැකිළීමකින් තොරව ගන්නා බවත් ජනාධිපතිවරයා  සඳහන් කළේය.



අදහස් (4)

ජාතික සමගිය ගැන තීරණ ගන්න පැකිලෙන්නේ නෑ

Nishan Wednesday, 03 September 2025 03:47 AM

යුද්දේ තිබුණා නම් ඔබතුමා අනුරාධපුරෙන් එහාට යන්නේ නෑ. යුද්දේ දිනවපු නායකයන්වත් මතක් කරන්න කෙලෙහි ගුණයක් තියෙනවා නම් ටිකක් හරි.

:       4       13

fairoosWednesday, 03 September 2025 11:24 AM

යුද්ධය ඉවර කරපු එකයි බංකොලොත් කරපු එකයි එකම කෙනා

:       6       2

සෙනෙවිරත්න Wednesday, 03 September 2025 12:26 PM

නිශාන්, ජනාධිපතිතුමාට අනුරාධපුරයෙන් එහාට යන්න බයක් තිබුනේ නැහැ... හැබැයි එතුමා කොළඹ ඉඳගෙන යුද්ධ කළේ නැහැ.. ඒක අදාළ අය කරනවා. හැබැයි යුද්ධය කරන්න ඔය ඒකේ අයිතිකාරයා වෙච්චි එක්කෙනා දක්කාගෙන ගියේ ඔය ජනාධිපතිගේ පක්ෂය තමයි.

:       3       0

Nishan Thursday, 04 September 2025 04:20 AM

සෙනෙවිරත්න ඔක්කෝටම කලින් මට කියන්න ඔයාගේ ජනාධිපතිතුමා කරපු යුද්දේ මොකද්ද කියලා. අපි දන්නා තරමින් යුද්දෙට සල්ලි වෙන් කරපු අයවැය දෙකකට විරුද්දව චන්දේ නම් දුන්නා ඒ කාලේ ටී.එන්.ඒ. එකත් එක්ක එකතුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site