”නමෝ නමෝ” ජාතික ගීය 1949 පළමුවන වර්ෂ පූර්ණයේදී දෙමළ භාෂාවෙන් ගායනා කළේ එම තනුවටම එම අර්ථයෙන්ම දෙමළ භාෂාවෙන් ලිවීමෙන් පසුවය. එසේ වුවද එම ගීතය නක්ෂත්රකරුවන්ගේ හා ඇතැම් සංගීතඥයන්ගේ විරෝධය මත වෙනස්කොට ගායනය ඇරඹිණි.
ගීත රචිත ආනන්ද සමරකෝන් එම තීරණයට විරුද්ධ වුවද ඔහුට කළ හැකි දෙයක් නොවීය. එහෙත් ඔහුගේ අවමඟුල් උළෙලේදී මාධ්‍යවේදීන් 100 ක් පමණ ”නමෝ නමෝ” ගීතය අකුරක්වත් වෙනස් නොකොට ගායනය කිරීම අනුවේදනීය දර්ශනයක් විය.
අතීතය විමසන්න
දිවයිනේ සිවු කොණින් නිදහසේ සංදේශ 4 ක් ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වෙනස් වෙන්න බැරි? උතුරෙ දමිළයින්ට ඔවුන්ගේම ඉඩම් දෙනවට විරුද්ධ ජාතියක්. අනිත් අය කරන නොකරන එකෙන් කමක් නැහැ අදහස තේරිලා ගායනා කළොත් විතරයි ජාතික හැඟීම දැනෙන්නේ (නි)
සිරි, ඉන්දියාවේ ජාතික ගීයේ භාෂාව මොකක්ද? ඔබ හිතන්නේ හින්දි කියලද? නැහැ, බෙංගාලි. ඕනෑ නම් ඒකෙ අරාබි ගීතයත් අහලා බලන්න. බොහොම ලස්සනයි. නුවන් කියනවා වගේ නවසීලන්තේ ජාතික ගීයේ මුල් කොටස ගායනා කෙරෙන්නේ රටේ ජනගහණයෙන් 10% ක් වන මාඔරි ජාතිකයන්ගේ භාෂාවෙන්. ලංකාවේ 15% දෙමළ ජාතිකයන්. (නි)
මගේ නම් අදහස ජාතික ගීය මොන භාෂාවෙන් ගැයුවත් අර්ථය විකෘති නොකර, එහි ඇති වරදක් නොමැති බවය (නි)
සිරි, ඔබගේ දැනුම ළිඳක ඉනා ගෙම්බෙකුගේ වැනිය. අපේ රටේ ළඟම සිටිනා ලොකුම රටවන ඉන්දියාවේත් ජාතික ගීය ගයන්නේ බෙංගාලි භාෂාවෙනි. නමුත් ඉන්දියාවේ ජාතික භාෂාව හින්දිය. ජාතින් අතර සංහිඳියාවෙන් එකම රටක ජාතික ගීය මොන භාෂාවෙන් ගැයුවත් කමක් නැහැ, රට නොබෙදී නොකැඩි (නි)
රොකී, සමරකොන් මහතාගේ අවමඟුලට සහභාගී වීම සහ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධවීම කාරණා දෙකක්. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙහි ඇති වරද කුමක්ද කියා ආනන්ද සමරකෝන් මහතා ජීවතුන් අතර සිටියදී එතුමාගෙන් අහන්න තිබුනා. මම ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට විරුද්ධ වන්නේ ඔවුන් එය සිංහලෙන් ගායනා කිරීමට විරුද්ධවීමයි. (නි)
එ් මහතා විරුද්ධ වූයේ තමන් ලියු ගීය වෙනස් කළ නිසා මිස දෙමළ භාෂාවට හැරවූ නිසා නොවේ නේද? සිරි, ඔය උතුම් ඉන්දිය ජාතික ගීය හින්දියෙන් නොව බෙංගාලි තමයි ගයන්නේ. තවද එය නිර්මාණය කළේ කාව පිළිගන්නදැයි සොයා බලන්න (නි)
මෙවර බොහෝ නිවෙස් වල ජාතික කොඩිය එසවූයේ නැහැ. එකට හේතුව ජාතික ගීයක් අවභාවිතා වේ නම් කුමට අපට ජාතික කොඩියක්, අභිමානයක් කොහෙද ඇත්තේ? (නි)
මගේ නම් කිසිදු විරුද්ධත්වයක් නැත (නි)
යහපාලනය උතුරු, නැගෙනහිරට ඉතා භයංකර පොරොන්දු දී ඇති හැඩයි. ක්‍රම ක්‍රමයෙන් ඒවා ඉටුවෙමින්, රටේ බහුතරයකගේ ඉල්ලීම් වලට පයින් ගසමින් (වාචාල ඇමතියෝ කිහිප දෙනෙක් යොදවා) සිටින වගකුයි මට නම් පෙනෙන්නේ. (නි)
රොකි ඉපදුනේ මොන අවුරුද්දේද? (නි)
මේ ජ්‍යෙතිෂයත් එක්ක බැඳුනු ආකල්ප තියෙනතුරු අපේ රට මෙහෙමම තමයි. දැන් තත්වය දරුණුයි. තරුණ පරපුර සීඝ්රයෙන් මේවා පිළිගන්නවා (නි)
සංහිඳියාවක් සඳහා ඇයි එකම බසින් ගයන්න බැරි. එතකොට හැමෝම එකට නැගිට ගායන කළහැකිය. එ්කයි සංහිඳියාව කියන්නේ. දෙමළ හෝ සිංහල දෙගොල්ලම එකට ගායනා කළයුතුයි (නි)
සංහිඳියාව,යහපාලනය ඕවා ඔක්කොම දකුණට පමණද? මොකද සංහිඳියාව උතුරේ නැත්තේ? සිංහලුන්ට උතුරේ පදිංචිවෙන්න බැහැ. බුද්ධාගමට මුල් තැන දෙන්න බැහැ. මොනවද මේ කතා. මෙහි සමහරුන් අදහස් පළකරන්නේ නිවටයන් වගේ. නැත්නම් පාට කණ්ණාඩි වලින්. (නි)
යසන්ත, මම සහ අපි විරුද්ධ වන්නේ මේ සිංහල අපගේ රටයි කියන හැඟීම ලේ වල දුවන නිසා. මෙරටේ උරුමක්කාරයෝ සිංහලයා කියන හැඟීම තිබෙන නිසා (නි)
ඇයි වෙනස් වෙන්න බැරි? එක අහන්න දමිළයන්ගෙන්? බෙන්ගාලි භාෂාවෙන් කියන ඉන්දියන් ජාතික ගීය තමිල්නාඩු දෙමළුන්ට තේරිලද ඔවුන් එය බෙන්ගාලි භාෂාවෙන් කියන්නේ. (නි)
සෙනෙවි ගාල්ලේද නැතිනම් ගාල්ල දකුණේ නොවෙයිද? (අ)
රන්ජන් ගේ යෝජනාව ජතික ගීය දෙමළ හෝ සිංහල දෙගොල්ලම එකට ගායනා කළයුතුයි" කියල එහෙනම් අපි දෙමළෙන් ගායනා කරමු ඔබ කැමතිද? කියන්න. (අ)
ජාතික ගීය දෙමළෙන් කියන්න දෙන්න බැහැ. (නි)
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙහි ඇති වරද කුමක්ද කියලා අහනවා. ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීමට බැහැ කියන්නේ ඇයි? ප්රශ්නය ජාතික ගීයට සීමාවුණ එකක් නොවෙයි. ඕක කාර් වල ශ්‍රී අකුරට විරුද්ධ වීම, සිංහල භාෂාව රජයේ භාෂාව කිරීමට විරුද්ධ වීම දක්වා ඈතට යනවා. ඒ විරුද්ධවීම් වලම තව කොනක් මේක. ඔය ඊනියා සංහිඳියාවට 75% ඉන්න මේ රට සිංහලයා පාවාදෙන්න එපා. (නි)
නුවන්, ඔබ ජීවත්වෙන නවසීලන්තයේත් අපි ජීවත්වන ලංකාවෙත් ප්‍රශ්න වෙනස්. (නි)
යම් ජාතියකට තමන්ටම අවෙනිකවූ ජාතික ගීයක්, කොඩියක්, මුදල් ඒකකයක් තිබුනොත්, වෙනම රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයේ පිළිගැන්මට යොමුකළ හැකිය. (නි)
ජාතික ගීය නිර්මාණය ගැන සමරකෝන් සහ තව කෙනෙකු අතර අයිතිවාසිකම් ප්‍රශ්නයකුත් එකල තිබුනා නේද? (නි)
සිංහලයට හිතැති සිංහලයන් කුමක් පැවසුවත් බඩගෝස්තරවාදී හින්ගල දේශපාලකයන් ඇතුළු ද්‍රෝහීන් ටික බඩගෝස්තරවාදයට සිංහලය පාවා දෙනවා. මට හැකි කාලයේ ක්‍රියාවෙන් මෙන්ම අතින්ද සිංහලයට වින කරන දෙමළුන්ට පහර දුන්නා. සමහර අවස්ථාවල පුවත් පත්වලත් පළවුණා. දැන් අපේ කණ්ඩායමේ ඉන්නේ මේ නාකි මම විතරයි. මරණින් පසු මා පතන ආත්මය ලැබුනොත් මේ සිංහලයට වින කරන හැම එකෙකුගෙන්ම පළිගන්නවා... (නි)
ආනන්ද සමරකොන් මහතාගේ අවමඟුලට මමද සහභාගී වූ කෙනෙක්මි. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමෙහි ඇති වරද කුමක්ද? වර්ගවාදී අදහස්වල එල්බගත් මිනිසුන් ඉන්නා තාක්කල් මේ රටේ සංහිඳියාවක් ඇති කිරීම අපහසුය. (නි)
භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරන්නේ ලෝකයේ මිශ්‍ර ජාතිකයන් ඉන්නා රටවල පමණි (නි)
සිරි, ගෝත්‍රික අදහසින් මිදිලා ඉන්ටර්නෙට් එකේ කිමිදිලා බලන්න. අපි ජීවත්වෙන නවසීලන්තයේ ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරනවා. (නි)
ජනමත විචාරණයකින් පමණක් දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවසර ගතයුතුය. යහපාලනය මැතිවරණයේදී කිව්වද දෙමළ භාෂාවෙන් ගායනා කරනවා කියා. නැහැ. (නි)
මම දන්නා තරමින් රටක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා කරන්නේ නැහැ. ඉන්දියාවේ ජාතීන් විශාල ගණනක් සිටියත් ජාතික ගීය එක භාෂාවකින් විතරයි නේද ගායනා කරන්නේ? (නි)
චාර්ලස් ඩාර්වින්ගේ ස්වභාවික වරණවාදය න්‍යාය කියවලා තියේද? (නි)
නක්ෂත්රය, සංස්කෘතිය, ආගම, ඉතිහාසය කරටගෙන ජීවිතේ දුකෙන් ගෙවන්නේ ඇයි? (නි)
ඔය නක්ෂත්රකරුවන්ගේ උපදෙස් උඩ අපේ රට අවරුදු 69 පාලනය කරලත්, අපි තාම ණය බරින් යට වුණ තුන්වෙනි ලෝකයේ දියුණුවෙමින් පවතින රටක්. දැන්වත් ඔය හණමිටි පැත්තක දාලා නිදහස්ව හිතාමතා වැඩ කරමු. (නි)
අපිටත් දුකයි රට යන අත ගැන (නි)
දැන් ඉතින් සහජීවන උන්දැලා මෙතුමාවත් ජාතිවාදියෙක් විදිහට හංවඩු ගහයිද දන්නේ නැහැ (නි)