‘ශ්රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා ... නමෝ නමෝ නමෝ මාතා .... ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති සියලු ආයතනවලට චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.
ජනපතිගේ මේ තීරණය අනුව 2010 සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය සම්බන්ධයෙන් පනවා තිබු නිල නොවන තහනම ඉවත් කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා ජාතික විධායක සභාවේදී අඟහරුවාදා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට නොහැකි බව කියමින් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ස්වදේශ ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 2010 දෙසැම්බර් 12 වැනිදා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති ඊට නිල වශයෙන් ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට රජය කැමැත්තක් නැති බවට මතයක් පළ විය.
මහින්ද රාජපක්ෂ රජයේ හිටපු රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නායක්කාර මහතා ඒ දිනවල කියා සිටියේ ජාතික ගිය දෙමළෙන් ගායනයට ඉඩ දිය යුතු බවයි.
එහෙත් ඔහුගේ ඉල්ලීමට ඉඩ නොලැබිණි.ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඉවරයි. සිංහලයට තිබුන රට නැතිකරනවා (නදී)
වෙන වෙනම ජාතික කොඩිත් ඉල්ලයිද දන්නේ නෑ ඉස්සරහට (නදී)
හොඳ තීරණයක්. පුළුවන් නම් ඉංග්‍රීසියෙනුත් ගැයුවාට වරදක් නෑ. (නදී)
එතකොට මේ ඉන්දියාවේ භාෂා 120 ගාණක් තිබෙනවා. ඒගොල්ලෝ ඉන්දියාවේ ජාතික ගීය භාෂා එකසිය විසි ගානෙන්ම ගයනවද? (නි)
මම හිතන්නේ මෙය අනුමත කීරීම රටට කරන ලොකු වැරැද්දක් (නි)
මේක නම් කරන්න එපා (නි)
ඒකීය රටේ තිබෙන්න ඕනෑ එක ජාතික ගීයයි. (නි)
සිංහලයිනි නැගිටිව් ජාතික ගීය බේරාගනිව් ජාතිවදීන්ගෙන් මේ සිංහලේ ( සුද්ද කිව්වෙත් සිලෝන් කියල ) බේරගනිව් කියල තමයි අපට දන්කියන්න තියෙන්නේ . මහජාතිය ගැන කතාකරන්න එක කොන්දපන තියන නයෙකයෙක් ඉන්නවද ? රුසියාවේ හිටපු ජනපති කෙනෙක් කියල තිබුන මම මහ ජාතියට සේවයකරනවා. එක නිතියයි තියෙන්නේ. වෙන නීති පිහිටුවන්න ඕනේනම් ඒ රටවල් වලට පලයල්ලා කියල. මම ජාතිවාදියෙක් නෙවෙයි යථාර්ථ වාදියෙක් පමණි....(බ)
"...ශ්රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා..." කියලා දෙමළ භාෂාවෙන් ගයන එක ගැන අපි සතුටුවෙන්න ඕනෑ නේද? (නි)
ඔහොම ගිහිල්ලා උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවන්නත් කියයි. මෙච්චර පටු තීරණයක් ගන්නේ ඇයි කියලා හිතාගන්නවත් බැහැ. මට තේරෙන්නෙ නැත්තේ මෙච්චර දේවල් වෙද්දිත් අපේ මිනිස්සු ඉවසාගෙන ඉන්නෙ ඇයි කියලයි. (නි)
මෙය රටේ ඒකීයභාවයට හානියක් නොවේද? (නි)
මහා පිරිතත් නවීන විදියට වෙනස් කරලා ගයන සිංහල රටේ ජාතික ගීය දෙමළෙන් කිව්වහම මොකද ? කියන්නේ ජාත්‍යාලයෙන් නම් එහි වරදක් නැහැ (නි)
මොන පටළැවිල්ලක් ඇතිවෙන වැඩක් වේවිද මන්දා? (නි)
ඔහොම යමු !ඔහොම යමු! (නි)
කොහොමත් අපේ අයට සිංහල කතා කරන්න බෑ බෑ වගේනේ. එ්ක නිසා මතු කාලයකදී අපේ ජාතික ගිය දෙමල බසින් හරි අහන්න ලැබේවි! (නදී)
මේ මොනවද මේ වෙන්න යන්නේ..... (නි)
කවදාහරි මේවාට පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන් (නි)
දැන් ඉතින් ඒ පැත්තේ ඉඳලා ගහන බෙරපදයට මේ පැත්තේ ඉඳලා නටන්න තමයි සිද්ධවෙන්නේ, මෙහෙම ගියොත්. (නි)
වඩාත් උචිත වන්නේ ජාතික ගීයේ කොටසක් සිංහලෙනුත් කොටසක් දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීමයි. මේක හරිම ලෙහෙසියි. මොකද දෙමළ ජාතික ගීය ගයන්නෙත් සිංහල ජාතික ගීයේ තාලයටමයි. මේ ආකාරයේ ජාතික ගීතයක් නවසීලන්තයට තිබෙනවා. (නි)
ශ්රී ලංකාවේ දෙමළ මිනිස්සුත් පුරවැසියෝ නම්, දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නම්, දෙමළෙන් ගයන්නෙත් ශ්‍රී ලංකාවේ ජාතික ගීය නම්, ගීයෙන් කියන්නෙත් ලංකාවට තිබෙන ආදරය සහ ඇල්ම ගැන නම් මෙහි ඇති වරද මොකක්ද? පිලිපීනයෙවත් ඉන්දියාවෙවත් නොතිබ්බට අපි ලංකාවේ මෙය කරලා ලෝකෙට ආදර්ශවත් වෙමු.ජාතික කොඩියේත් දෙමළ මිනිසුන්ට තැඹිලි පාට තිබෙනවා. පිවිතුරු එය දන්නේ නැද්ද? (නි)
ජාතික ගීය දෙමළෙන් ගැයීම වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරන භාෂාව සම්බන්ධව සමාජ කතිකාවක් මේ දිනවල පවතී (නි)
ඕනෑම රටක ජාතික ගීය තියෙන්නේ ඒ රටේ මුලික සංස්කෘතිය නියෝජනය කරන භාෂාවෙනුයි. ඉන්දියාවේ භාෂා 60ක් තිබුනත් මිලියන 60කටත් එහා දෙමළ ජනතාව ඉන්න තමිල්නාඩුවේ පවා එය ගයන්න ඕනෑ හින්දි බසින් මිසක් දෙමළ බසින් නොවෙයි. ඇමෙරිකාවේ ලොව ඕනෑම ජනවර්ගයක් හිටියත් ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගැයීම කරන්න ඕනෑ. අපේ පොඩි රට තුළ දෙමළ ජනයාට සිංහලෙන් ජාතික ගීය ගැයීම මදිකමක් වෙලා තිබීමයි විසඳන්න ඕනෑ ජාතික ප්‍රශ්නය. (නි)
රටේ ජාතික ගැටලු වලට විසදුම අන් ජාතීන් තමන්ගේ අනන්‍යතාව රකින ගමන් මහා සංස්කෘතියට අවශෝෂණයවීම මිස කොටස් වලට බෙදීයාම නොවෙයි. හෙට අනිද්දාට ඒ පළාත් වලට වෙනම ජාතික කොඩියකුත් ඉල්ලයි. රටේ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ජාතික ගීය "නමෝ නමෝ මාතා" කීමයි. එක ගීයක් , පද මාලාවක් වෙන බසකින් කිව්වහම ඒ ගීය නොවෙයි. එතකොට ජාතික ගීය නොගයා වෙන ගීයක් ගැයීමක්. (නි)
කෝ ඕවට ඉස්සර කතාකළ මිනිස්සු? ඉන්දියාවේ අය මේවාට හිනාවෙනවා!මෙහෙම ගියොත් තව දෙන්න වෙනවා ගොඩක්. සුදානම් වෙන්න එම ඉල්ලීම් ටිකත් දීලා දාන්න. (නි)
කැනඩාව, ඉන්දියාව, ස්විට්සර්ලන්තය වැනි රටවල් ජාතික ගීය භාෂා කීපයකින් ගයනවා. දෙමළ බොහෝ අය සිංහල දන්නෙ නැති නිසා ඔවුන් සිංහලෙන් කීමෙන් හෑඟීමක් එන්නේ නැහැ. එමනිසා ඔවුන්ගේ තේරෙන භාෂාවෙන් කීවිට තමා ඔවුන්ටත් ජාතිය පිළිබඳ හෑඟීමක් එන්නේ. එවිට කුඩා දරුවන්ගේ ඔලුවෙන් ඊළමත් අමතක වේවි. (නි)
ලලිත්, ඒකීය රටක් ඒකීය වෙන්නේ රටේ සැමදෙනාටම එක හා සමාන අයිතියක් තිබෙනකොටයි. ජාතික ගීයේ අදහස සහ තලය වෙනස් නොකරන්න වගබලාගන්න වෙනවා. නැත්නම් අපට නොතේරෙන විදියට එකම තාලෙට වෙනත් අදහසක් දෙන ගීයක් කියන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම එක එක තැන් වල වෙනස් විදියේ ගීත කියන්නත් ඉඩතිබෙනවා. ඒ නිසා එහෙම දෙමළෙන් ගායනා කරනවා නම් ඒ පද මාලාවත් කල්තබා පැහැදිලි කළයුතු වෙනවා. (නි)
මට නම් මේකට පක්ෂවවත් විපක්ෂවවත් අදහසක් දක්වන්න අමාරුයි (නි)
අපේ රට වගේ රටක ජාතික සමගිය වර්ධනය කරන්න ගන්න හැම ක්‍රියාමාර්ගයක්ම අගය කළයුතුයි. (නි)
හෙළ උරුමය මොකද කතානැත්තේ? හැමෝම තම තමන්ගේ වාසිය විතරයි. රටට මොනවා වුණත් කමක් නැහැ (නි)
නවසීලන්තය ලෝකයේ දියුණු රටක්. එහි ජාතික ගීය මව්රි සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ගායනා කරනවා. (නි)
දෙමළ ජනතාව දෙමළ බසින් කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ ජාතික ගීතය දෙමළ බසින් ඔවුන් ගායනා කළාට ඇති වරද කුමක්ද? (නි)
අනේ අහෝ කියන්න තමා දැන් වෙන්නේ ඉතින් (නදී)
බුද්ධ වන්දනා මුලින් ආවේ පාලියෙන්. දැන් ඒවා සිංහලෙන් දෙමළෙන් ගායනා කරනකොට ප්‍රශ්නයක් වුණාද? දෙමළ ජාතික ගීය දෙමළෙන් කිවුවහම ලංකාව ඊළමක් වෙන්නේ කොහොමද? (නි)
මෙහෙම ගිහින් අන්තිමට වැදි භාෂාවෙනුත් කිවුවා නම් හරි. එතකොට සර්වසම්පූර්ණයි (නි)
ලෝකයේ හැම රටකම ප්‍රදාන පාලන භාෂාවක් ඇත.එකම බසකින් ගැයෙන ජාතික ගීයක්ද ඇත.දෙමල නිජබිම වන එදා සොලී රට, අද තමිල් නාඩුව ඇති ඉන්දියාවේද ජාතික ගීය ගයන්නේ හින්දි යෙන් පමණි. එමෙන්ම ඉන්දියාවේ ප්‍රදාන පාලන භාෂාවද හින්දි භාෂාවය. දෙමල ප්‍රාන්ත භාෂාවක් පමණි. මහා ලොකුවට මානව අයිතිවාසිකම ගැන කතාකරන රටවලද ජාතික ගිය එම රටවල ප්‍රදාන පාලන භාෂාවෙනි. වෙනකක් තබා එම රටවල වෙසෙන සියලුම සුළු ජාතිකයන් පාලනය විය යුත්තේද එම රටේ පවතින නිතියෙනි. ආගමික නීතිවලට ඉඩක් නැත. ආගමික නීති වලින් ජීවත්වීමට අවශ්‍ය නම් එවැනි රටවලට පලයව් කියන්නට තරම් එම රටවල පාලකයන්ට කොන්දක් ශක්තියත් ඇත. එහෙත් මේ රටේ දේශපාලන බල ලෝබිත්වය නිසා මේ රටේ ජිවත්වන මිනිසුන්ට ප්‍රදාන පාලන භාෂා තුනකි, මෙසේ ගියහොත් අනාගතයේදී අරාබි භාෂාවත් එකතු විය හැක. රජය පාලන නිතිය මෙන්ම හලාල් වැනි ආගමික නීතිද ඇත. දැන් ජාතික ගීයද භාෂා දෙකකිනි. ඉදිරියට ජාතික කොඩි ද දෙකක් විය හැක. මෙය ප්‍රදානම හේතුව දැනට මේ රටේ බලයට පත්විය හැකි දේශපාලන පක්ෂ දෙකේ බල කෑදර කමයි (නදී)
ඡන්දෙ බලගෙන රට විකුණන එකට මම විරුද්ධයි. මේක නතර කරන්න ඕනේ. කවදා හරි දවසක අපේ ළමයින්ට මේක බලපානවා.(නදී)
ජාතික ගීයේ අර්ථයට හානියක් නොවන ආකාරයට මොන භාෂාවෙන් ගායනා කලත් එහි වැරද්දක් ඇත්තේ නෑ. නිවැරදිව "ප්‍රජාතන්ත්‍රවාදය" කියාගන්න බැරිව උපදේශකයන් ගෙන් උපදෙස් නොගෙන"ප්‍රජාතන්ත්‍රවාදය" ගැන කියපු සිංහල නායකයෝ හිටියා. කව්රුත් මොනවත් කිව්වද? (නදී)
මම ජාතිවාදියෙක් නෙමෙයි. නමුත් ඒකීය රටක භාෂා දෙකකින් ජාතික ගීය ගයන එක හරිද කියන ප්‍රශ්නය මට එනවා. (නි)
මම නම් කියන්නේ මෙම තීරණයේ වරදක් නැතිබවයි (නි)
ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් තියෙන්නේ යහපාලනයක්නේ (නි)
ඔහොම යමු, ඔහොම යමු... (නි)
ජාතික ගීය එහෙම නම් එතකොට ජාතික කොඩිය? ඔහොම යමුකෝ... (නි)
සැබෑ වෙනසකට ඡන්දය දුන්නු අයට දැන් සැබෑ වෙනස තේරෙනවා ඇති. ලේ කදුළු හෙලා ලබාගත් මව් බිමේ වටිනාකම ආත්ම අභිමානය සේරම දවසින් දවස නැති වේගෙන යනවා. හැම දෙනාම සතුටු කරන්න ගිහින් අවසානයේ රට මොන අතට යයිද? අපි බලාගෙන ඉමු? (නදී)
රටක භාෂා දෙකකින් ජාතික ගීය ගයන එක හරිද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියාවේ භාෂා රාශියක් තිබුනත් ජාතික ගීය ගැයෙන්නේ එක බසකින් (නදී)
දෙමළ විතරක් මදි. අරාබි භාෂාවෙනුත් කියන්න අවසර දෙන්න. නැත්නම් එයාල පව්. (බ)
ඉන්දියාවේ භාෂා කීපයක් තිබෙනවා, පිලිපීනයේත් තිබෙනවා. එහෙත් ඒ රටවල මේ වගේ ප්‍රශ්නයක් තිබෙනවද?? (නි)
ඇයි අරාබි භාෂාවෙනුත් කියන්න දෙමු (ම)
අවන්ති අපේ වීරෝදාර සෙබළු ඉන්නකම් බිය නොවන්න ? සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි අප සියලුදෙනාගේම මව්බිම. එය අවස්ථාවාදීන්ට කවදාවත් බෙදා වෙන්කළ නොහැක. (ම)
මේ සදහා ජනමත වරණයක් අවැසිය (ම)
දින 100 යෙන් අලුත් රටක් කියල තියෙන්නේ දෙමල ජනතාවට. අපේ සිංහල අය හිතලා තියෙන්නේ වෙන විදිහකට. (ම)
මේ වගේ තීරණ ගන්න කලින් අපේ රටේ කලින් තිබුණ තත්වය ගැන හිතන්න තිබුණා. අනවශ්‍ය ප්‍රශ්න දාගෙන ජාතිවාදයට ගිනි පිඹ්න්නේ රජයේ අයම තමයි. (නදී)
ඔන්න ඔහේ අපිත් ජාතික ගීය දෙමළෙන්ම කියන්න පුරුදු වෙමු! සිංහල ඕනෑ නැහැ (නි)
මමත් හිතන්නේ මේ දේවල් වලින් අන්තිමට නැති ප්‍රශ්න ඇතිවෙයි කියලයි (නි)
හොඳයි මේකට උත්තර දෙන්නකෝ. යම් උත්සවයක යම් ස්ථානයකදී මොන බසින් ජාතික ගීය ගයනවාද කියලා තීරණය කරන්නේ කුමන නිර්ණායකයක් මතද? උත්සවයේ හෝ ප්‍රදේශයේ ජන සංයුතිය අනුවද ? නැත්නම් යම් භූගෝලීය සීමා පැනවීමකින්ද? එහෙම වෙන්න ගියොත් මෙන්න මේ ප්‍රදේශවල සිංහලෙන් සහ මේ ප්‍රදේශ වල දෙමළෙන් කියන්න කියලා වෙන්කරන්න වෙනවා. අන්තිමේදී මේක නිසා උතුරු නැගෙනහිර වෙන්කරලා ජාතික ගීය පදනම් කරගෙන ඉර ගහන්න වෙනවා. (නි)
කෝ මේ අපේ රතන හාමුදුරුවෝ ? (නදී)
අන්න හොද තීරණයක්.(හේ)
ගයන්නේ ලාංකිකයන් ලෙස හදවතින් නම් බස කීම වෙනස (නදී)
එකම රටකට ජාතික ගීත කීපයක් කුමකටද? ජාතීන් හැට ගානක් ඉන්න ඉන්දියාවේ තියෙන්නේත් එකම ජාතික ගීතයයි. මේ යන්නේ රට බෙදෙන්නයි කියලා හෘද ස්පන්දනයක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. එ් නිසා දේශපාලන දෘෂ්ඨි කෝණයෙන් මිදිලා මේකට එරෙහි වෙමු. අපේ කොල්ලෝ දස දාස් ගාණක් දිවි පුදලා රට නිදහස් කර දුන්නේ, යුද්ධෙන් බැරි වුණ දේ දේශපාලනිකව කරන්න නෙමෙයි. (නදී)
මම හිතන්නෙත් මෙම වැඩේ වැදගත් නැහැ කියලා එක රටකට එක් භාෂාවක ජාතික ගීයක් තිබුනාහම ඇති (නදී)
ඔවුන් වෙනම රාජ්‍යයක් සඳහා අවශ්‍ය වන දේ එකතු කරනවා,ජාතික ගීයක්.ජාතික කොඩියක්.මුදල් ඒකකයක් යනාදී වශයෙන්.අපි ඔවුන්ගේ එකමුතුභාවයට සුභ පතා නිහඬව බලාසිටිමු.(ම)
අපි මැලේ ජාතිකයෝ අනේ ..අපිටත් ඕක අපේ බාසාවට හරවල දෙන්නකෝ ..(අ)
සේරම වැඩ දෙමලෙන්ම කරමු එතකොට වැඩේ ඉවරයි. 65 කෝටියක් දෙමල ජනතාව ඉන්න ඉන්දියාවේ ජාතික ගීයත් දෙමලෙන් ගායනා කරන්න පුලුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ. අනේ යහපලානේ. රටට නෙමෙයි මහා ජාතියට ගිය කලක්. (නදී)
මම ජාතිවදියෙක්නම් නෙමයි. ඒත් රටක භාෂාවල් කීපයක් කතා කරන පලියට ජාතික ගී කීපයක් භාවිත කල යුතු නැත. රටක් ගත්කල රටකට තිබිය යුත්තේ එක් ජාතික කොඩියක් සහ එක් ජාතික ගීයක් පමණි. (නදී)
මේ මොනවද කරන්නේ? ලෝකයේ කිසිම රටක ජාතික ගීය භාෂා දෙකකින් නැහැ. අපි ජීවිත පුජාකරලායි මේ රට රැකගත්තේ. (නි)
ජාතික ගීය කැනඩාවේ ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකෙන්ම ගයනවා (නදී)
ඕනෑම රටක ජාතික ගීය ගයන්නේ එම රටේ ප්‍රධාන බසින්. අද ජාතික ගීය දෙමළ බසින් ගයාවී හෙට ඉංග්‍රීසි බසින් ගයනත් ඉඩ තියෙනවා අනතුරුව සිංහ කොඩියෙන් සිංහයාත් ඉවත් කරවී මේවිදියට ගියොත් (ම)
තිබෙන විදිහටම තියන්න.දෙමළ භාෂාව පහත් කරනවා නෙමෙයි. දැනට ජාතික ගීය පිළිගත් විදියටම කියන එක වඩාත් ගැළපෙනවා (නි)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා? (නි)
ලෝකයේ සිංහල භාෂාව කතාකරන සිංහලයට තිබුන එකම රටත් මේ කාලකන්නි පවා දෙනවා. (ම)
මම කියන්නේ රටකට එක භාෂාවකින් ජාතික ගීයක් තියෙන්න ඕනෑ. (නි)
ගොඩක් වෙහෙසුනේ දින 100 අලුත් රටක් හදන්න. දැන් ඔන්න හැදී ගෙන එන්නේ.(හේ)
රටේ අනාගතය ගැන හිතන බුද්ධිමත් ජනතාව මේ වෙන්නේ මොනවද කියලා දන්නවා. .තිස් අවුරුද්දක් යුද්ධ කරලා දිවිපුදා බේරාගත් රටට හෙට කුමක්වේද? (නි)
ඊළඟට උතුර නැගෙනහිර එකතු කරන්නයි, ඊටත්පස්සේ වෙනම රාජ්‍යයක් දෙන්නත් වෙයිද දන්නෙ නැහැ (නි)
ජාතික ගීය භාෂා 2න් බැරි නම් 5න් කිව්වත් අපට වැඩක් නැහැ. මේක එංගලන්තෙවත්, ඇමරිකාවවත් නෙවෙයි ශ්‍රී ලංකාව. මෙහේ ජාතික ගීය තව භාෂාවලින් ගායනා කරන්න ඕනෑ නැහැ (නදී)
ඉන්දියාවේ මෙච්චර භාෂා තිබිලත් ජාතික ගීය ගයන්නේ එකම භාෂාවකින් පමණි. ජනමතයට හිස නොනමන දේශපාලකයින්ගෙන් රටට අයහපතක් පමණමයි සිදුවෙන්නේ (නදී)
මම බර්ගර් ජාතිකයෙක්. මාත් ඉංග්‍රීසියෙන් ජාතික ගීය ගයන්න කැමතියි. (නදී)
ජාතික ගීය භාෂා දෙකකින් කියන රටක් කරුණාකර කියන්න. තව ටික දවසකින් ජාතික කොඩි දෙකකුත් ලැබේවිද?
තව ටික දවසකින් අපේ අය ජාතික ගීය රී මික්ස් කරයි. එතකොට කෙලින් හිටන් ඉන්න ඕනෙත් නැහැනේ (නදී)
ලෝකයේ කිසිම රටක මෙහෙම දේවල් වෙනවා අහලා නැහැ . (නි)
ඔය හදන්නේ නැති ප්‍රශ්නයක් ඇතිකර ගන්න (නදී)
මේවා තමා රටක අනවශ්‍ය ප්‍රශ්න. මේ දේශපාලකයන්ට මොනවද වෙලා තියන්නේ? ඉන්දියාවේ භාෂා කීයක් තියනවද? ඔවුන් තම ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින්. ලෝකයේ මොන රටේද ජාතික ගීය භාෂා කීපයකින් ගායනා කරන්නේ. (නි)
අවසානය කොතැනද කියලා හිතාගන්න පුළුවන්ද? (නි)
මම නම් හිතන්නේ මේ තීරණය හරි කියලා. ඒ කාලේ සුද්දාට විරුද්ධව යුද්ධ කළේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව. එහෙනම් ඇයි එකම ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්න බැරි ? (නි)
ඉන්දීය ජාතික ගීය ලියල තියෙන්නේ හින්දි භාෂාවෙන් නොව බංගලි (වංග) භාෂාවෙන්. (ර)
හිටපු ජනපති නැවත බලයට පත්වීමද වැළැක්විය නොහැක.ජාතික හෙළ උරුමය ගැන කණගාටුවීම හැර වෙන කරන්නට දෙයක් නැත. (නි)
උත්පලා ඔබ හරි මේකෙන් වෙන්න අවුරුදු ගානක් අපේ රට රැකගන්න ජීවිත පූජා කරපු මුතුන් මිත්තන්ව පාවා දීමක්. මේකේ වන්දි ගෙවන්න වෙන්නේ මතු උපදින දරුවන්ට. සිංහල බෞද්ධයන්ගේ කොදු නාරටි බිද දමල අපිව හෑල්ලුවට ලක් කරන්නේ මොන පරමාර්තයෙන්ද. දෙමල ජනයා කිසි හිරිහැරයක් නැතිව දකුණේ අය සමග සතුටින් ඉන්නවද. මේක උතුරේ බෙදුම් වාදීන්ගේ උවමනාවක් ඉටු කිරීමක්. අපොයි රටට ගිය කලක් (නදී)
අප්පිල ඇත්තන්ටත් අපේ බාසා පොජ්ජෙන් ජාතික ගී පොජ්ජක් තිබුන නම් පංකාදුයි . (නදී)
ඔය මුකුත් නැහැ. හොඳ ජනප්‍රිය සංගීත කණ්ඩායමකට දීලා රිදම් එක වෙනස් කළා නම්. තවම අර මන්ත්‍රී කට්ටිය මේක දැකලා නැතුව ඇති (නි)
හොඳම දේ තමයි භාෂා දෙකෙන්ම සංකලනයක් කරලා පවතින ජාතික ගීය ගායනා කරන එක. සිංහල අයත් දෙමල කොටස පොදුවේ ගායනා කල යුතුයි. දෙමල අයත් සිංහල කොටස ගායනා කල යුතුයි. එහෙම නැතුව ප්‍රදේශ අනුව භාෂා දෙකකින් ගායනා කිරීම තුලින් නැවත බෙදීමකට මග පැදෙනවා. (නදී)
බලාගෙන යනකොට මේවා බලාගෙන ඉන්න අපිටයි පිස්සු.... (නි)
ඉන්දියාවේ භාෂා 50 කට වඩා තිබෙනවා. ඉතින් ඉන්දියාවේ ජාතික ගීය ඒ හැම භාෂාවෙන්ම කියනවද දන්නේ නැහැ නේද? (නි)